ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ශාසන කීර්ති දේශාභිමානී ශ්‍රී ලංකා ජනරංජන ගෞරව නාමය පිරිනමනු ලැබීමේ උත්සවයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද සහභාගී වී සිටියේය.
එහිදී හේමා ප්‍රේමදාස මහත්මිය සමගද හිටපු ජනාධිපතිවරයා සුහද පිළිසදරක යෙදී සිටියේය.
2018 වසරේ සිදුවූ දින 52ක කුමන්ත්‍රණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අගමැති ධූරය බාරගන්නා ලෙස 72 වතාවක් ඉල්ලීම් කර තිබිණ.
නමුත් ඒ අවස්ථාවේදී ප්‍රේමදාස මහතා අගමැති ධූරය බාරගැනීමට කටයුතු කළේ නැත.











