හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී නැවත වතාවක් තරග කළ යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යෝජනාවක් ඉදිරිපත් කොට ඇත.
ගාල්ල දිස්ත්‍රික්කයේ ශීලනිප ප්‍රතිසංවිධාන වැඩසටහනක් අතරතුරදී පක්ෂයේ ආසන කළමනාකාරවරුන් සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් විසින් මෙම යෝජනාව ඉදිරිපත් කොට තිබේ.
මෙම රැස්වීමට මෛත්‍රීපාල සිරිසේන මහතාද සහභාගී වී සිටි නමුත් හෙතෙම මේ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කොට නොමැති බවද දැනගන්නට ඇත.
නමුත් තමන්ගේ ප්‍රතිපත්තිවලට ලොව සෑම නායකයතුම ගරු කළ බව සිරිසේන මහතා එහිදී සදහන් කොට තිබේ.










