හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උපන්දිනය යෙදී තිබෙන්නේ නොවැම්බර් 18 වැනි දිනටය.
ඒ අනුව මේ දිනවල පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් මහින්ද රාජපක්ෂ මහතාට සුවිශේෂී උපන්දින තෑග්ගක් ලබා දීමට සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ.
ඒ, යළිත් වතාවක් ඒ මහතාට අගමැති ධූරය ලබා දීමටය.
ඒ අනුව බහුතර මන්ත්‍රීවරුන්ගේ අස්සනින් යුත් ලිපියක් සකස් කිරීමට පොහොට්ටු මන්ත්‍රීවරුන් සූදානමින් සිටින බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග සදහන් කරයි.










