වැඩි වූ විදුලිබිලට සහනයක් ලෙස ආගමික ස්ථාන, පුන්‍ය ආයතන කාණ්ඩයෙන් ඉවත් කර පොදු කාර්ය යටතට ගැනීමට තීරණය කළ බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පවසනවා.
ඒ අනුව, රුපියල් 65 ක් වන විදුලි ඒකකයක මිල රුපියල් 32 දක්වා අඩු කෙරෙන බවයි ඔහු කියා සිටියේ.
මේ සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක අද (08) පෙරවරුවේ මල්වතු අස්ගිරි මහානාහිමිවරුන් හමුවී දැනුවත් කළා.










