හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා යළිත් වතාවක් සක්‍රිය ලෙස දේශපාලනයට පිවිසීමට සැලසුම් කොට ඇති බව වාර්තා වේ.
ඒ අනුව පසුගියදා හිටපු අගමැතිවරයා බෙලිඅත්ත, ගලගම ශ්‍රී ශෛලාරාම පුරාණ විහාරස්ථානය වෙත ගොස් විහාරාධිපති ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය බැහැදැක සුවදුක් විමසා ආශීර්වාද ලබා ගැනීමට පියවර ගෙන ඇත.
එම අවස්ථාවේ විහාරස්ථානය වෙත පැමිණ සිටි ජනතාව සමග කතාබහ කිරීමටද හිටපු අගමැතිවරයා කටයුතු කොට තිබේ.