හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, තමන්, මේ දිනවල තිරගතවන “ක්ලැරන්ස්” සිනමාපටය නැරඹීමට ගිය බව සිය නිල ෆේස්බුක් ගිනුමේ සටහන් කර තිබේ.Sri Lanka Latest News
තමන් සහ ක්ලැරන්ස් සමකාලීනයන් බව පවසන හිටපු ජනාධිපතිවරයා, ක්ලැරන්ස් සමඟ ඇති අතීත ස්මරණයන් ද එහි දී සිහිපත් කර තිබේ.
මේ අතර, හිටපු කතානායක චමල් රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද පෙරවරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයට පැමිණ සිටියේ ය.
ඒ, මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතකර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ අද අධිකරණය හමුවට ඉදිරිපත් කළ බැවිනි.
කෙසේ වෙතත්, දූෂණ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගතකර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂට ඇප ලබා දීම අද දිනයේ දී ද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කළේය .










