මැයි 09 වනදා සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ (mahinda Rajapaksa) මහතා ඇතුළු කිහිපදෙනෙකුට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම සම්පූර්ණයෙන් ඉවත් කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය පියවර ගෙන ඇත.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන, අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, හිටපු පළාත් සභා මන්ත්‍රී කංචන ජයරත්න යන පුද්ගලයින්ට ද එම නියෝගය බලපැවැත්වෙනු ඇති.
මෙම නියෝගය ආගමන විගමන පාලක ජනරාල්වරයා වෙත යොමු කරන ලෙසත් විදේශ ගමන් බලපත්‍ර මුදාහරින ලෙසත් මහෙස්ත්‍රාත්වරයාගේ නියෝගයේ සඳහන් ය.
ඔවුන් සැකකරුවන් ලෙස නම් කර නොමැති බැවින් ඔවුන්ගේ විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස ජනාධිපති නීතිඥ ශවෙන්ද්‍ර ප්‍රනාන්දු මහතා සිදු කළ ඉල්ලීම සලකාබැලූ මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළේය.
එමෙන්ම සිව්වන සැකකරු වන පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක ඇතුලු දෙදෙනෙකුගේ විදේශ ගමන් තහනම ද ඉදිරි දින දක්වා අමතර රුපියල් මිලියන 10ක ශරීර ඇපයක් මත මුදාහරින ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.










