ගුරු – විදුහල්පති වෘත්තිය සමිති නියෝජිතයින් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර තීරණාත්මක සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී අද දහවල් 12 ට පැවැත්වීමට නියමිත බවත්, මෙම සාකච්ඡාවට ගුරු – විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතයින් කිහිපදෙනෙකු පමණක් සහභාගී වන බවත් ලංකා ගුරු සංගමය සදහන් කරයි.
අග්‍රාමාත්‍යවරයා සමග අද පැවැත්වෙන සාකච්ඡාවේදී ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ගැටලුවට සාධාරණ විසඳුමක් ලැබෙනු ඇති බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ සඳහන් කළේය.
ගුරු හා විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීම අදියර තුනකින් සිදු කිරීමට කැබිනට් මණ්ඩලය ඊයේ (11) තීරණය කර ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ ඊයේ රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ
ඒ අනුව වැටුප් විෂමතා ඉවත් කිරීමේ නව යෝජනාව ලබන දොළොස් වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන අයවැය ලේඛන යට ඇතුළත් කිරීමට ද එහිදී තීරණය කර තිබේ.
ගුරු හා විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීම අදියර 4කින් සිදු කිරීමට රජය මීට පෙර තීරණය කර තිබූ අතර, ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති ඊට විරෝධය පළ කර තිබිණි.










