නව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට අවශ්‍ය සහාය පළ කිරීම සදහා හෙට දින ජනපති මැදුරේ පැවැත්වෙන් පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ යන මහත්වරු සහභාගි වන්නේද යන්න සමබන්ධයෙන් මේ වනවිට පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් අතරම කතාබහක් මතුව තිබේ.
හෙට පෙරවරු 9ට ජනාධිපති මන්දිරයේදී මෙම හමුව පැවැත්වීමට නියමිතව ඇති අතර පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායමේ සහාය වික්‍රමසිංහ මහතාට නිල වශයෙන් ලබා දීම මෙහිදී සිදු කෙරෙනු ඇති බව දැනගන්නට ඇත.
වික්‍රමසිංහ මහතා අගමැති ධූරය සදහා පැවැති කිසිදු සාකච්ජාවකට මෙම තිදෙනා සහභාගී වී නොසිටියද තිරය පිටුපස සිට ඔවුන් ඒ සදහා යම් යම් කාර්යයන් සිදු කළ බව මේ වනවිට අනාවරණය වී තිබේ.










