• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

චන්ද්‍රිකාලා ආවෙත් හොරු අල්ලන්න! මහින්දලා ආවෙත් හොරු අල්ලන්න! යහපාලනේ ආවෙත් හොරු අල්ලන්න! ගෝඨා ආවෙත් හොරු අල්ලන්න! මෙයාලා ආවෙත් හොරු අල්ලන්න….! Sri Lanka Latest News

September 28, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
චන්ද්‍රිකාලා ආවෙත් හොරු අල්ලන්න! මහින්දලා ආවෙත් හොරු අල්ලන්න! යහපාලනේ ආවෙත් හොරු අල්ලන්න! ගෝඨා ආවෙත් හොරු අල්ලන්න! මෙයාලා ආවෙත් හොරු අල්ලන්න….! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘හොරු හොරු හොරු හොරු හොරු හොරු’ හොරු කියන එක දැන් පුරුද්දට ගිහිල්ලා. එක එක කාලෙට, එක එක තාලෙට, එක එක විදිහට හොරු කියනවා. සමහර වෙලාවට කියනවා අහවලුත් එක්කයි හොරු, අහවලුත් හොරු උනුත් හොරු කියනවා, ඔක්කොම හොරු කියනවා. මෙහෙම එක එක ජාතියට හොරු ගැන කියන අතරතුරේ, 79 වැනි එක්සත් ජාතික පක්ෂ සම්මේලනයේදී විශේෂ කතාබහක් ඇතිවෙනවා. ඒ කතාබහේදී පොහොට්ටු මහලේකම් සාගර කාරියවසම් කියනවා, අපි කරපු ලොකු වැරැද්දක් තමයි අපි අපිටම හොරු කියාගත්තා, ඒක අපි කරගත්ත වැරැද්දක් කියලා.Sri Lanka Latest News

දැන් අපි මේ කතාකරන්න හදන්නේ ලංකාවේ දේශපාලන ඉතිහාසයේම හැදිලා තියෙන්නේ හොරුන්ගෙන්. නැත්නම් හොරු යැයි විශ්වාස කරන කතන්දරවලින්. අපි නෙමෙයි අනිත් කට්ටිය හොරු. ඒගොල්ලන් හොරකම් කරපු නිසා තමයි මේ රට හදන්න බැරි. අපි හොරු අල්ලනවා කියලා ගොඩක් කට්ටිය බලයට ආවා. හැබැයි ඇත්තටම අල්ලපු හොරෙකුත් නැහැ. විවිධ අවස්ථාවල පොඩි පොඩි දේවල්වල නම් දාගෙන ඒ අයව බන්ධනාගාරගත කළා මිසක්, නිශ්චිතව අල්ලපු හොරෙක් ගැන සඳහන් වෙන්නේ නැහැ.
1994දී චන්ද්‍රිකා ආණ්ඩුව බලයට ආවා අවුරුදු 17ක් තිස්සේ රටේ දේශපාලනය කරපු එක්සත් ජාතික පක්ෂ බලය පෙරළලා දාලා. ඒගොල්ලෝ 94 ආවේම විශාල වශයෙන් හොරු ඉන්නවා, ඒ හොරු ටික අල්ලනවා, ගෝල්ෆේස් ගෙනල්ලා හමගහනවා කියමින්. නමුත් ඒ හොරු ඇල්ලිල්ල ඇත්තටම රට ඇතුළේ වුණාද කියන එක ප්‍රශ්නයක්. ඒ වෙලාවේ හොරු ඇල්ලුවා කෙසේ වෙතත්, මේ ගමන නිමා වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායමක් චන්ද්‍රිකා ආණ්ඩුවට එකතු වෙලා, ඒගොල්ලොත් එක්ක බලය බෙදාගෙන රට කරවන තැනට පත්වෙලා. මේ විදිහට විවිධ අවස්ථාවල අනිත් කණ්ඩායමට හොරු යැයි චෝදනා කරලා, බලය ගත්ත තව නම්ගම් කියනවා නම් ඕනෙ තරම් තියෙනවා.
විශේෂයෙන්ම 2015 මේ වෙලාවේ සඳහන් කරන්න ඕනේ. 2015දී යහපාලන ආණ්ඩුව, ඔවුන් බලයට එන්නේ මහින්ද රාජපක්ෂ සහ විශේෂයෙන්ම රාජපක්ෂ කණ්ඩායමම හොරු, ඔවුන් මිනීමරුවෝ, ඔවුන් ලොකුවට හොරකම් කරලා තියෙනවා, මිනීමරුම් කරලා තියෙනවා කියලා විශාල චෝදනාවක් එක්ක. නමුත් මේ චෝදනාව 2015දී බලය ලබාගත්තු මෛත්‍රීපාල ආණ්ඩුව, නැත්නම් රනිල් වික්‍රමසිංහගේ, මෛත්‍රීපාලගේ සමගි ආණ්ඩුව, කිසිසේත්ම ඔප්පු කරන්නේ නැහැ. ඔවුන් චෝදනා කළා මිසක්, දඬුවම් කිරීමක් ඇත්තටම ක්‍රියාත්මක වෙන්නේ නැහැ රට ඇතුළේ. ආණ්ඩුව එහෙම කරගෙන යනවා, අල්ලපු හොරෙක් නැහැ. රනිල් වික්‍රමසිංහගේ බැඳුම්කර වංචාව ගැන පස්සේ කියැවෙන්න පටන් අරගන්නවා. රනිල්ලා බැඳුම්කර වංචාව කළා කියලා කියනවා. රනිල්ලාගේ බැඳුම්කර වංචාව ගැන කියලා මහින්දලාගේ කණ්ඩායම ආයෙත් බලයට එනවා. හැබැයි බැඳුම්කර වංචාව ගැන විවිධ අවස්ථාවල කතා කළා මිසක්, බැඳුම්කර වංචාව සම්බන්ධව රනිල් හෝ වෙනත් කෙනෙකුව කවදාවත් හරියට අල්ලලා, දඬුවම් කරනවා, ඔවුන්ගෙන් මේ වංචාව පියවගෙන නැහැ. විවිධ අවස්ථාවල විවිධ අයව මාසයක් දෙකක් තුනක් හතරක් එහෙම ඇතුළට දැම්මා මිසක්, නිසි ක්‍රියාන්විතයක්, නිසි ක්‍රියාමාර්ගයක් ගැනෙන්නෙම නැහැ.
අපිට මතකයි ඒ වෙලාවේ පාර්ලිමේන්තුවේදී ‘කවුද හොරා, රනිල් හොරා’ කියලා එක කණ්ඩායමක් කිව්වා. තව කණ්ඩායමක් කිව්වා ‘කවුද හොරා, මහින්ද හොරා’ කියලා. හැබැයි මේ කිසිම හොරෙක්ව අත්අඩංගුවට ගත්ත බවක්වත්, ඒ ගැන සඳහනක්වත් වෙන්නේ නැහැ.

ඒත් ඒ වගේම දැන් මේ ආණ්ඩුව බලයට එන්නේ දෙගොල්ලොම හොරු කියලා. හැබැයි ඒ හොරු කියලා කියපු කණ්ඩායම අල්ලලා නැහැ මේගොල්ලෝ තවමත්. මේගොල්ලෝ විවිධ අවස්ථාවල විවිධ පුද්ගලයන්ව බන්ධනාගාරගත කරනවා. ඒ කියන්නේ හොරු යැයි චෝදනා තියෙන, කුඩු ගෙන්නනවා කියලා චෝදනා තියෙන, අපරාධකාරයෝ යැයි චෝදනා තියෙන පුද්ගලයන්ව බන්ධනාගාරගත කරන්නේ හරි පොඩි පොඩි සිද්ධිවලට. එතකොට ඒ අයව බන්ධනාගාරගත කරන්නේ ඔය අපිත් එක්ක කියපු මහා පරිමාණ හොරකම් වංචා ගැන සඳහන් කරපු නම්ගම් එක්ක නෙමෙයි. අපිට මතකයි සල්ලි කොහෙද මම දන්නේ නෑ රටක දාලා තියෙනවා කියලා එහෙම විශාල චෝදනා වගයක් කළා. හැබැයි ඒවට කාවත් තාම අත්අඩංගුවට ගත්තේ නැහැ. එතකොට පාස්කු ප්‍රහාරය සම්බන්ධව හරියට තාම කවුරුත් වැරදිකරුවෙක් හොයාගත්තේ නැහැ. ඒ වගේ පොඩි පොඩි දේවල් කීපයකට පුද්ගලයෝ අත්අඩංගුවට ගත්තා. සමහරුන්ට අවුරුදු ගානකට කලින් තියෙන සැකකටයුතු දේවල් සම්බන්ධයෙන් චෝදනා කරලා ඔවුන්ව බන්ධනාගාරගත කරනවා. හැබැයි ටික දවසකින් එළියට එනවා.

ඉතින් ඒ නිසා මේ වෙලාවේ අපිට ඔබට කියන්න තියෙන්නේ මෙච්චරයි. හොරු කවුද, හොරු නොවෙන්නේ කවුද කියන එක කියන්න අපි දන්නේ නැහැ. මොකද අපිට තේරෙන්නේ නැහැ හොරු ගැන සහ හොරු නොවෙන අය ගැන ඔබට කියන්න. අපි එච්චර දැනුවත් අය නෙමෙයි. පරීක්ෂණ කළ යුතුයි. ඒ සම්බන්ධව හොයාබැලිය යුතුයි. විශේෂයෙන්ම මනුස්සයෙකුට හොරෙක් කියලා කියන්න බැහැ. ඔවුන් හොරුන් බව සඳහන් වෙලා ඔප්පු වෙනතුරු. අපිට පුළුවන්කම තියෙන්නේ, හොරු වෙන්න ඇති, හොරකම් කරන්න ඇති, හොරුද දන්නේ නෑ වගේ උපමාන, අනුමාන ඉදිරිපත් කරන්න විතරයි. එහෙම නැතුව හොරෙක් බව පොලිස් පරීක්ෂණයකින් ඔප්පු වෙලා, ඒ බව අධිකරණයට දැනුම් දීලා, අධිකරණය ඒ බවට කරන නිසි විමසීමකින් පස්සේ අධිකරණය විසින් තීන්දු කරනතුරු අපිට කිසිවෙක්ට හොරා කියන්න බැහැ. හැබැයි ඇත්තටම ලංකාවේ සිද්ධ වෙන්නේ ඒකේ අනිත් පැත්ත. අධිකරණය ඔප්පු කරන්න කලින්, දේශපාලන බලය ගන්න යද්දී අපි කෙනෙකුට හොරා කියලා ඔප්පු කරනවා.

දැන් අපි දකිනවා මේ ආණ්ඩුවට බරපතළ විදිහට චෝදනා එල්ල වෙමින් තියෙනවා. ඔවුන් හොරු කියලා අපි කියනවා නෙමෙයි. නමුත් මේ හොරු කියලා, හොරු අල්ලන්න ආපු ආණ්ඩුවට දැන් ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන, ඔවුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ සම්බන්ධව බරපතළ ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඔවුන් විවිධ උත්තර දෙනවා. ඒවා පරස්පරයි බොහෝ වෙලාවට. අපි දන්නවා විවිධ පුද්ගලයන්ගේ කෝටි ගණන් තියෙන වත්කම් එළියට ඇවිල්ලා තියෙනවා. ඒගොල්ලෝ දැන් එක එක කතන්දර කිව්වට ඒ අය එන්නෙම වෙනස් කතා වගයක් කියාගෙන නිසා මේක දැන් ප්‍රශ්නගත සහ සාකච්ඡා කළ යුතු තැනට පත්වෙලා අවසානයි. ඉතින් මෙන්න මේවා රට ඇතුළේ දැන් ඇත්තටම ආයෙත් අර පරණ චෝදනාවම අනිත් අයට කියන්න පුළුවන් වෙන තත්ත්වයක් නිර්මාණය කරමිනුයි තියෙන්නේ.

හැබැයි දැන්වත් අපි තීරණය කරන්න ඕනේ, කවුරු හරි කෙනෙක් අනික් අයට හොරා කියලා, අපි හොරකම් කළේ නෑ කියලා, ඒගොල්ලෝ හොරකම් කරා, ඒගොල්ලන්ගේ හොරු, ඒගොල්ලන්ගේ හොරා අපි අල්ලනවා කියලා, බලය ඉල්ලුවාට ඒ මිනිස්සුන්ට බලය දෙන්න එපා. අපි සංවර්ධන න්‍යාය පත්‍රයකට අනුව තමයි රටට පාලකයෝ පත්කරගන්න ඕනේ. රට සංවර්ධනය කරන්න, රට වෙනුවෙන් යම්කිසි වැඩපිළිවෙළක් දියත් කරන්න, කැමැති, ඒ කැමැත්ත හරියාකාරව ප්‍රදර්ශනය කරන, මහ පොළොවේ යථාර්ථයක් බවට ඔප්පු කළ හැකි, ඒ පිළිබඳ පැහැදිලි කිරීම් සහිත දේශපාලකයෝ බලයට අරගෙන, ඒ අය ලවා මේ රට කරවලා, මේ රට සංවර්ධනය කරවලා, මේ රට සඳහා නිසි නියාමනයක් සහිත ව්‍යාපෘති කරවලා, රට ඇතුළේ සංවර්ධන කටයුතු කරන්න පුළුවන් අය විතරක් බලයට ගේන්න ඕනේ. එහෙම නැතුව කාලෙන් කාලෙට බලයට එන, හොරු අල්ලන පාලකයෝ, අපේ රටට කරන දෙයක් නෑ කියන එක ඔබ අප හොඳින් පැහැදිලි කරගත යුතුයි.

ඉතින් මේක තමයි ඇත්තටම මේ හොරු ගැන කතා වෙද්දී අපිට කියන්න තියෙන දේ. මොකද අපි දන්නවා ප්‍රේමදාස මහත්තයාලගෙන් පස්සේ ලංකාවේ බලයට ආපු සෑම දේශපාලන කණ්ඩායමක්ම ආවේ, අනිත් කණ්ඩායම හොරු හින්දා. අපි හොරු නෙමෙයි, අනිත් කණ්ඩායම හොරු, ඒ හොරු අල්ලන්නයි අපි එන්නේ කියලා. හැබැයි ඉතින් කොයිම වෙලාවකවත් ඒ අය කියපු දේවල්, ඒ අයට ඔප්පු කරගන්න පුළුවන් වුණේ නැහැ. විවිධ වංචාවල් කරලා, සෙප්පඩ විජ්ජා කරලා, අපිට බෝලේ බස්සලා, ඔන්න අපි අල්ලනවා, හෙට අල්ලනවා, අනිද්දා අල්ලනවා කියලා, මාස කීපයක් හිරේත් දාලා තිබිලා, අන්තිමට කතාව ඉවර වෙනවා. ඒ නිසා ආයේ ආණ්ඩු හදද්දී, අපි හොරු අල්ලන එක පැත්තක දාලා, රට හදන මිනිස්සුන්ට බලය දුන්නා නම් හොඳයි කියලයි අවසාන වශයෙන් කියන්න තියෙන්නේ.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

අපේ රටේ මහබැංකු අධිපතිගේ වත්කම් දැනගන්න ඕගොල්ලොත් කැමැතිද? Sri Lanka Latest News

Next Post

කෝටි 5ක කේස් එකක්! හිටපු පළාත් මන්ත්‍රී අමල් සිල්වා අත්අඩංගුවට! Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.