ගෝඨාභය රජය විසින් ඒකපාර්ශ්විකව අත්හිටුවන ලද ජපානයේ අරමුදල් සහිත සැහැල්ලු දුම්රිය සංක්‍රමණ (LRT) ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමේ ශක්‍යතා ගවේෂණය කිරීම සඳහා ජපාන රජය විසින් කොන්දේසියක් පනවා ඇති බව වාර්තා වේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානය බලා පිටත්ව යන විට මාධ්‍ය වාර්තා කොට තිබෙුණේ මෙම ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීම පිළිබදව ජපන් රජය සමග සාකච්ජා ආරම්භ කරන බවකි.
කෙසේ වෙතත් මෙම සාකච්ජාවලදී ජපාන පාර්ශවය අවධාරණය කර ඇත්තේ සාකච්ඡාව ආරම්භ කළ හැක්කේ ශ්‍රී ලංකාව සිය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන අවසන් කළ පසු පමණක් බවයි.
ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය (JICA) අරමුදල් සපයන LRT ව්‍යාපෘතිය 2020 සැප්තැම්බර් මාසයේදී අවසන් කිරීමට එවකට ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර.කටයුතු කර තිබිණ.
මෙම ව්‍යාපෘතිය “ඉතා මිල අධික වන අතර කොළඹ නාගරික ප්‍රවාහන යටිතල පහසුකම් සඳහා සුදුසු ලාභදායී ප්‍රවාහන විසඳුම නොවන” බව පවසමින් LRT ව්‍යාපෘතිය අවසන් කරන ලෙස ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයාට නියෝග කරන ලදී.
“නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශයේ ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කර සුදුසු ප්‍රවාහන විසඳුමක් සකස් කළ හැකියි,” යනුවෙන් ජයසුන්දර ඒ අවස්ථාවේ ප්‍රකාශ කර තිබිණ.
කෙසේ වෙතත්, පසුගිය ගෝඨාභය රාජපක්ෂ රජය විසින් ‘සුදුසු ප්‍රවාහන විසඳුමක්’ ඉදිරිපත් කළේ නැත.