• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආදරය කරපන් අරගල කරපන් හැබැයි හොරකම් නොකරපන්…

May 15, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
ආදරය කරපන් අරගල කරපන් හැබැයි හොරකම් නොකරපන්…
Share on WhatsAppShare on Facebook

සාමකාමී අරගලයක් පටන්ගත්තේ හරියටම මීට මාසයකට පෙරදීයි. රටට ආදරය කරන ජනතාවගේ ඒ අරගලයට හිංසාවක් පීඩාවක් කවුරුත් කළේ නැහැ. අරගලයට හරියටම මාසයක් පිරෙන දවසේ ඒ කියන්නේ පසුගිය 09 වැනිදා එහි සිටි තරුණයන්ට එල්ලවූයේ නොසිතූ ලෙස ම්ලේච්ඡ ප්‍රහාරයකට මුහුණ දීමටයි. අපේ රට ප්‍රජාතන්ත්‍රවාදී රටක් නිසා කුමන අවස්ථාවක වුවත් සාමකාමී නිහඬ අරගල කිරීමේ තහනමක් නැහැ. පවතින පාලන ක්‍රමයට එරෙහිව දහස් ගණනක් තරුණ තරුණියන් සංවිධාන කළ ඒ අරගලයට එල්ලවූ ප්‍රහාරයත් සමග ඊට ප්‍රතිචාර දක්වන්නටද අරගලකරුවන් කටයුතු කළා. ඒත් සමගම ක්ෂණයකින් රට පුරාම පිහිටි දේශපාලකයන්ට අයත් දේපළවලට හානි කරන්නටද විවිධ පිරිස් කටයුතු කරනු දැකගත හැකි වුණා.

මේ පහත් කනගාටුදායක සිදුවීම් අතර පුවතක් වාර්තා වුණේ මීගමුව ප්‍රදේශයෙන්. ඒ, සංචාරක වීසා මත මෙරට රැඳි සිටි ජර්මන් ජාතික යුවළකගේ නිවෙසකට සිදුවූ පහරදීමක්. ඔවුන්ගේ නිවෙස ගිනිබත් කර අළුවෙලා ගිහින් තිබුණා. ඔවුන්ගේ පුංචි දරුවන්ගේ පොත්පත් ටික පවා ඒ පිරිස් හොරකම් කරගෙන ගිහින් තිබුණා. මේ කනගාටුදායක සිදුවීම පිළිබඳ නිවෙස් හිමි ජර්මානු ජාතික කාන්තාව ක්‍රිස්ට ෂෙරොන් මෙලෙස විස්තර කළා.

“මගේ මහත්තයා සචින් ප්‍රනාන්දු. ඔයාලට හැමදාමත් ආදරෙයි. ඒ ආදරය නාමයෙන් ඔයාලට ආමන්ත්‍රණය කරනවා. මගේ පුංචි පුතයි දුවයි අඬනවා. මේ අපි ජීවත් වෙච්ච ගෙදර. අපි කිසිම දේශපාලන පක්ෂයකට අපි සම්බන්ධ නැහැ. අපිට ලංකාව තුළ ඡන්දයක්වත් නැහැ. අපේ දරුවෝ ජර්මන් ජාතිකයෝ. අපි කිසිම පක්ෂයකට වැඩ කරලත් නැහැ. අවුරුදු 06ක මගේ පුංචි දූ පැටියා අඬන්නේ මුකුත් ඉල්ලලා නෙවෙයි, එයා ඉක්කෝලේ ගෙනියන පොත් බෑග් එක දෙන්න කියලා. මේවා හොරු අරන් ගිහින්. පොත් ටික කෝ කියලයි දරුවා අඬන්නේ. අපි කාටද වැරදි කරලා තියෙන්නේ? අපි මොන පක්ෂයටද වැඩ කළේ? ඇයි අපිට මෙහෙම කළේ? ඇයි මෙහෙම ගිනි තිබ්බේ? ඇයි මේ ගෙදර තිබුණු බඩු ටික මේ ගෙදර තිබුණු දරුවන්ගේ පොත් ටික ගෙනිච්චේ?’

‘මගේ ළමයින්ගේ ඇඳුම් ගෙනිහිල්ලා. මට කියන්න ලැජ්ජ නැහැ. මගේ යට ඇඳුම් පවා ගෙනිහිල්ලා. ඒවාට කියන්නේ අරගලය නෙවෙයි. මගේ පුතේ අපිත් අත උස්සනවා අපිත් කැමති නැහැ ලංකාවේ මිනිස්සු දුක් විඳිනවාට. මිනිස්සුන්ට අසාධාරණ වෙනවාට අපිත් කැමති නැහැ. ජේසුගේ නාමයෙන් අපි කියනවා අපිත් අරගලයට අප්පුඩි ගගහා ගියා ලංකාවට ජයවේවා කියලා. දැනුත් අපිට එයාර්පෝට් එකට ගිහින් අපේ රටට යන්න පුළුවන්. පුතේ ඒත් අපි එහෙම යන්නේ නැහැ. අපේ ගෙදරට ගිනි තිබ්බා නෙවෙයි මොනවා වුණත් අපි ඔයාලව තනිකරලා යන්නේ නැහැ. අපි දන්නවා ඕගොල්ලෝ ආවේගශීලීව ඇවිල්ලා ඔයගොල්ලන්ට වුණු අසාධාරණයට ගිනි තියන්න ඇති කියලා. මම ඒවාට මුකුත් කියන්නේ නැහැ. ඒත් මම අහන්නේ ඇයි අපේ බඩු ටික අරන් යන්න තරම් පහත් වුණේ කියලා? මම හිතන්නේ නැහැ අරගලයේ මිනිස්සු එච්චර පහත් කියලා. අපි ගියා කොළඹ අරගලයට. මම දැක්කා ඒ මිනිස්සු පුදුම ලස්සනට වැදගත් විදියට සාමකාමී අරගලයක් ගෙනයනවා. අපි cheer කළා. පිටරට ටීවී චැනල්වල පවා ගියා මගේ ළමයි දෙන්නා “ගෝඨා ගෝ හෝම් ගෝඨා ගෝ හෝම්… කපුටු කාක්…. කාක්…” කියලා කියනවා. මගේ පුතාට අවුරුදු 10යි. එයත් අඬන්නේ පොත් බෑග් එක ඉල්ලලා. එයාලා යන්නේ ගේට්වේ ඉන්ටර් නැෂනල් ස්කූල් එකට. මේ දරුවන්ගේ පොත් ටික අරන් යන්න තරම් පහත් වුණේ ඇයි? මේ දේ වෙන කෙනෙකුට කරන්න එපා…’

ෂෙරෝන්ගේ ස්වාමි පුරුෂයා වන සචින් ප්‍රනාන්දු එම කනගාටුදායක සිදුවීම පිළිබඳ මෙලෙස කියා සිටියා.

‘මම මීගමුවේ දේවගැතිවරයෙක්. මම මෙහේ ජීවත් වෙන්නේ. මම කාටවත් වරදක් කරලා නැහැ. මගේ කාමරේ එක ඇඳුමක්වත් නැහැ. ඒ ඔක්කොම ගෙනිහිල්ලා. දරුවන්ගේ වතුර බෝතලේ පවා ගෙනිහිල්ලා. මේවා නෙවෙයි අරගලය කියන්නේ.’

‘අපේ රත්තරන් බඩු පවා ගෙනිහින්. අපි දෙයක් ඉල්ලු‍වේ නැහැ. ඇයි ගෙයකට අත තියන්න ඉස්සෙල්ලා බලන්න තිබ්බේ නැද්ද ඒ ගෙදර කවුද ඉන්නේ කියලා. මේ පුංචි පැටව් පව්. මේ දරුවෝ මල් වගේ. අද රෑට නිදියන්න යන්නේ බයෙන්. මගේ දුව අහනවා අද රෑට ගින්දර එයිද කියලා. අපි මොනවා කරලද දෙවියනේ? මේ වගේ වෙන ගෙදරකට කරන්න එපා. සීනි බෝතලේ නැහැ. කෑම පිඟානක් නැහැ. අපිත් අරගලයේ ඉන්න මිනිස්සු. අපි සුවිසල් ගේක හිටියට හිතන්න එපා අපිට හිතක් පපුවක් නැහැ කියලා. අපි දරු පැටව් එක්ක එළියට වෙලා අප්පුඩි ගැහුවා. එළියට වෙලා එකම දෙයයි ඉල්ලු‍වේ. ඔබ නොදැන කළ වරදට දෙවියන් වහන්සේ ඔබට සමාව ලබා දෙන්න කියලා. අපි පිටරට ගිහින් ලංකාව ගැන කියන්නේ It is a wonderfull country කියලා. මේ රට ලස්සන කරන්නේ මේ රටේ ජීවත් වෙන අපිමයි. කමක් නැහැ. අපි හෙට නැගිටිනවා බල්ටියක් ගහලා. අපි මේ රටේ ඉන්නේ වීසා අරගෙන. මේ වගේ දේවල් වුණාම ගෙවල් ඇතුළේ කිරිසප්පයන් අඬනවා. ආයෙත් මේ වගේ දේකට යන්න එපා. ලස්සන රටේ හෙටත් අපි ජීවත් වෙමු. ජේසු පිහිටයි…’

අරගලයේ යෙදී සිටි වෛද්‍යවරියක් වන සඳුනි පෙරේරා කියූ සංවේදී කතාව මේ.

‘ආදරණීය අම්මේ තාත්තේ අක්කේ අයියේ නංගියේ මල්ලියේ, අපිට මැයි 09 වැනිදා කියන්නේ අමුතු දවසක්. අපි මාසයක් තිස්සේ අරගලය ගෙනගියේ සාමකාමීව. මිනිස්සු බහුතරයක් රට යන වැරදි පැත්ත ගැන හිතලා දේශපාලනඥයන්ගෙන් ඉවත් වෙන්න කියලා ඉල්ලපු සාමකාමී අරගලයක් මේක. අපිට හරිම කනගාටුයි ඒ සාමකාමී අරගලයට බොහොම සැලසුම්සහගත විදියට පිරිසක් පහර දුන්නා. ඒ පහර දීමෙන් පස්සේ ලංකාව පුරාම යම් යම් සිදුවීම් වුණා. අරගලයට මුහුණ දුන් සාමාන්‍ය පුරවැසියෙක් විදියට දායකත්වය දීපු කෙනෙක් විදියට මට මේ වෙලාවේ කියන්න තියෙන්නේ දවස් තිහක් තිස්සේ අරගල භූමියේ අපි ආරක්ෂා කළේ අවිහිංසාව. අපි ප්‍රචණ්ඩත්වයට තැන දුන්නේ නැහැ. පසුගිය 09 වැනිදා පොලු මුගුරු අරගෙන ඇවිල්ලා ගහනකොට ගෝඨා ගෝ ගම වැසියෝ අනෙක් පැත්තට පහර දුන්නේ නැහැ. අපිට මේ ගැන තරහයි. නමුත් මේ වෙලාවේ ප්‍රචණ්ඩත්වයට තැන දෙන්න එපා. මොකද මේ ආවේගය ඇතුළේ සමහර විට අහිංසක මනුෂ්‍යයෙක්ගේ ජීවිතය නැති වෙන්න පුළුවන්. මේ නාස්ති කරන දේපළවලට අපි දායක වෙලා තියෙන්නේ වක්‍රව. මේ අපේ මුදල් වෙන්න පුළුවන්. මේක ප්‍රචණ්ඩකාරී අරගලයක් කියලා ලෝකයාට වැරදි පිංතූරයක් මැවෙන්න පුළුවන්. අපි නොහිතන බලාපොරොත්තු නොවන අභාග්‍යසම්පන්න ඉරණමකට ඇදගෙන යන්න පුළුවන්. ඔයාලගෙන් ඉල්ලන්නේ බොහොම සාමකාමී ලෙස අරගලයට අදත් හෙටත් ඉදිරියටත් එකතුවෙන්න කියලා. මාසයක් කළා වගේ සාමකාමීව මේ අරගලය ගෙනියන්න. ඔයාගේ අසල්වැසියාව ප්‍රචණ්ඩත්වයෙන් මුදාගන්න කියල ඉල්ලා සිටිනවා.’

හිටපු ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරගේ බිරිය වන යෙහාලි සංගක්කාර මෙලෙස අදහස් දැක්වූවා. ‘අපි සාමකාමීව මේ අරගලය ගෙනයමු. මේ අරගලය ආදරයේ අරගලයයි. හැම වෙලේම කිව්වේ ආදරයේ අරගලය සාමකාමී අරගලය කියලයි. ගොඩක් ඉවසීමෙන් මේ අරගලය කරමු. මේක අවසන් වෙන්නේ නැහැ. සාමකාමීව මේ අරගලය ගෙනයමු. අපි එකමුතුව සාමකාමීව රට ගොඩනගමු. ප්‍රචණ්ඩත්වය අයිතිවෙන්නේ ඒ නායකයන්ට. අපිට ඒක අයිති නැහැ. අපි සාමකාමීව ගෙනයමු…’

රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය දැක්වූයේ මෙවන් අදහසක්.

‘මේ අපේ ආදරයේ අරගලයට ජයවේවා. අපි එදත් අදත් හෙටත් මේ රටට ආදරය කරන මිනිස්සු. අපි කපුටෝ මරලා තටු එල්ලමු කියන්නේ නැහැ. එහෙම කියන ප්‍රචණ්ඩත්වය අපිට එපා. අපි මේ අරගලය කළේ ආදරයෙන් අවිහිංසාවෙන්. මනුෂ්‍යත්වයේ නාමයෙන්. මේ ප්‍රේමයේ අරගලය හේදිලා යන්න දෙන්න කටයුතු කරන්න එපා. තව දුරටත් මේ දේශපාලනඥයන්ගේ චණ්ඩිකම් ඉෂ්ට කරගන්න එළියේ ඉන්න අරක්කු ටිකට පෙරේත කුඩු ටිකට පේරේත ගංජා සුරුට්ටුවට පෙරේත අය එකතුකරගෙන ඒ මිනිස්සුන්ව අවුස්සන්න ඔවුන්ව චණ්ඩින් බවට පත්කරගෙන මෙහෙම එවන දේශපාලනඥයන්ව තවත් අහුවෙන්න එපා. අපි ආදරයෙන් ඉල්ලනවා අපිට ප්‍රචණ්ඩත්වය එපා එපා එපා කියලා. අපි මේක දිනන්නම ඕනේ ආදරයෙන්මයි….’

ඇත්තටම අරගලයේ යෙදී සිටින කලාකරුවන් ඇතුළු සියලු ලොකු කුඩා හැමෝම අරගලය කරන්නේ සාමකාමීව. ගතවුණු මාසයක කාලයක් පුරාම ඔවුන් කිසිදු ප්‍රචණ්ඩත්වයකින් තොරව තම අරමුණ සාමකාමීව ජයගන්න වෙර දැරුවා. ඒත් නොසිතූ වෙලාවක එල්ල වූ ප්‍රහාරයත් සමග ඊට ප්‍රතිචාර දැක්වීමේ මුවාවෙන් අවස්ථාවාදී සුළු පිරිසක් අහිංසක මිනිසුන්ගේ දේපොළ කොල්ලකන්නටත්, සොරකම් කරන්නටත් පටන්ගැනීම කනගාටුදායකයි.

මෙවැනි සිදුවීම්වලින් වෙන්නේ අපේ රට ගැන වැරැදි චිත්‍රයක් ලෝකයා ඉදිරියේ නිර්මාණය වීමයි. එසේම නිර්පාක්ෂික ජන අරගලයේ පිරිසිදු බව කිළිටි වී යෑමක්. “කල දුටුකල වල ඉහගන්නවා’ කියන කතාව තමයි රට පුරාම සිදුවුණේ. අරගලයට මුවාවෙමින් අවස්ථාවාදී සුළු පිරිසක් තම පටු අරමුණු ඉටු කරගත්තා. එය ඉතාම නින්දිත ක්‍රියාවක්. දුක් මහන්සියෙන් උපයා සපයාගත් ගේ දොර විනාශ කරලා කොල්ලකාලා ඒ මිනිසුන්ට උන්හිටි තැන් අහිමි කිරීම ශිෂ්ට සමාජයේ කිසිවකුත් අනුමත කරන්නේ නම් නැහැ. එනිසා අරගලය දිනිය යුත්තේ සාමකාමීවයි. විනාශය තුළින් දිනූ අරගලයක් ලොව නැහැ. ඒ නිසා අපි හැමෝම ශිෂ්ට මිනිසුන් ලෙස රටට යහපත් දෙයක්ම කරන්නට අදිටන් කරගත යුතුයි.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

ඔව් මම නීලකාස හොරෙක්! මිග් ගනුදෙනුවේ ෆයිල් එළියට ඇදෙනවා නම් මම කැමතියි! එතකොට ඇත්ත එළියට එයි! ඔබට ගෝඨා සුදු වෑන් එකක් එවයිද? ඔව් එව්වත් කරන්න දෙයක් නෑ! රාජපක්ෂ පවුලේ සුප්‍රසිද්ධ මස්සිනා රහස් හෙළිකරයි! ඇහුවොත් පුදුම හිතෙනවා! (VIDEO)

Next Post

සබ්‍රි කිසිම ඇමැතිකමක් එපා කියයි!

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.