ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය
නුවරඑළිය දිස්ත්‍රික්කයට අදාල ලොතරයි ජයග්‍රහයකයන් පස් දෙනෙකු සඳහා සෙත් පත් ප්‍රධානය නුවර එළිය නගර මධ්‍යයේ නුවරඑළිය නගරාධිපති උපාලි වනිගසේකරගේ සහ ප්‍රාදේශීය ලේකම් ප්‍රගී ධනංසූරිය යන මහත්තුරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණ ,Sri Lanka Latest News
ඒ අනුව එහිදී හඳහන 1469 දිනුම් වාරයේදී රුපියල් 3,993,992.40 ක මුදලක් දිනාගත් හල්ග්‍රනොය පදිංචි A.G.P. ගුණසිංහ මහතා , මහජන සම්පත 6134 දිනුම් වාරයේදී රුපියල් 2,500,000.00 ක මුදලක් දිනාගත් බෝගහකුඹුර පදිංචි B.A.D සුමතිපාල මහතා , මහජන සම්පත 6156 දිනුම් වාරයේ රුපියල් 2,500,000.00 ක මුදලක් දිනාගත් උඩපුස්සැල්ලාව පදිංචි M.S.උදයකුමාර උඩපුස්සැල්ලාව පදිංචි M.S.කුමාර මහතා , ගොවිසෙත 4379 දිනුම් වාරයේ රුපියල් 2,000,000.00 ක මුදලක් දිනූ රම්බෝඩ පදිංචි P.විජය කුමාර් මහතා සහ හඳහන 1459 වන දිනුම් වාරයේ රුපියල් 10,000,000.00 ක මුදලක් දිනගත් හපුතලයේ පදිංචි වී රමේෂ් යන මහත්වරුන්ට ඔවුන්ගේ දිනුම් වලට අදාළ චෙක්පත් ප්‍රදානය කිරීම මෙහිදී සිදු කෙරුණ ,
තවද එයින් ටිකට්පත් දෙකක් අලෙවිකල අලෙවි නියෝජිතයින් වන නුවර එළිය අලෙවි නියෝජිත ඩෙන්සිල් ෆ්‍රැන්ක් මහතාට සහ විමලදාස මහතාට ලොතරැයි අලවිය දිරිගැන්වීම සඳහා වන සහතිකපත්‍රය හා රුපියල් 3000ක චෙක්පතට ප්‍රධානය කිරණ , මෙම අවස්ථාව සඳහා ජාතික ලොතරැයි මණ්ඩලය නියෝජනය කරමින් කලාප කළමනාකරු කරුණාතිලක මහතා ගයාන් වන්නී ආරච්චි මහතා ප්‍රවර්ධන නිලධාරී මදුර බණ්ඩාර මහතා සහ ආරක්ෂක අංශ නිලධාරීන් සහභාගිවී සිටියහ















