• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පෙම් සබධතා ගණනාවක්! කාමරයෙත් එක පෙම්වතෙක්! හීලෑ නැති පෙම් හිතට වහල් වී ගිනිගෙන ඇවිළුණු තරුණ ජීවිතයක්!

November 3, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
වත්තල පස්දරු මවක් කොරෝනාවට බයේ ගිනි තියාගෙන මරුට: කොරෝනා නැති බව පසුව හෙළිවෙයි
Share on WhatsAppShare on Facebook

එදා හරියටම ඔක්තෝම්බර් 17 වැනිදා. මධ්‍යාහ්නය පසුවී ගතවුණේ විනාඩි කිහිපයක් විතරයි. අප මේ කියන්නට යන අනුවේදනීය කතාව අසන්නට ලැබුණේ මිනුවන්ගොඩ පොලිස් වසමේ විතානමුල්ල ප්‍රදේශයෙන්. 22 හැවිරිදි ඒල්.ටී. කල්පනි දිල්හාරා නමැති තරුණිය ප්‍රේම සම්බන්ධතාවයක් නිසා හටගත් සිත් තැවුලක් හේතුවෙන් සිරුරට ගිනි තබාගෙන තිබුණා. මේ සිද්ධිය පිළිබඳ පරීක්ෂණ කටයුතු සිදුකළ මිනුවන්ගොඩ පොලිසියේ සැරයන් සුදත් නන්දසිරි (38098) මහතාගෙන් ‘මව්රට’ පුවත්පත විමසීමක් කළා. ඔහු ඒ පිළිබඳ අපට කිව්වේ මේ විදියට.

“දිල්හාරා නමැති තරුණිය අවුරුදු එකහමාරක පමණ සිට නාවල ප්‍රදේශයේ යකඩ බඩු ව්‍යාපාරයක් පවත්වාගෙන යන අවුරුදු 26ක පුද්ගලයෙක් සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් තිබෙනවා. දිල්හාරා මීට පෙර රැකියාවක් කර එයින් ඉවත්ව සිටි තරුණියක්. ඇය මෙම තරුණයා සමග සම්බන්ධකම් පවත්වන අතරතුරු වෙනත් සම්බන්ධතාවන්ද පවත්වාගෙන ගොස් ඇත්තේ ඔහුට රහසින්.

දිල්හාරාගේ වර්තමාන පෙම්වතා නිතර ඇගේ ගෙදර ආ ගිය පුද්ගලයෙක්. ඔවුන් විවාහ නොවුණත් එකගෙයි ජීවත් වී තිබෙනවා. මේ අතරතුර දිල්හාරාගේ බාල සොහොයුරාගේ උපන්දිනය පසුගිය 14 වැනිදා සමරා ඇති අතර, එදින රාත්‍රියේ උපන්දින සාදය හමාර වීමෙන් අනතුරුව එම යුවළ පසුදා පහන් වනතුරු ඔවුන්ගේ කාමරයේ ගතකර තිබෙනවා.

උපන්දින සාදය පැවැති රාත්‍රියේදී දිල්හාරාගේ පෙම්වතා එහි සිටියදීම ඇයට විටෙන් විට දුරකතන ඇමතුම් කිහිපයක්ම ලැබී තිබුණා. දිල්හාරාගේ පෙම්වතාට ඒ පිළිබඳ මතුව තිබුණේ බලවත් සැකයක්. ඔහු ඒ ගැන දිල්හාරාගෙන් විමසීම් කළද ඇය විවිධ බොරු පවසමින් ඔහුගෙන් ගැළවෙන්නට වුණා. එම බහින්බස් වීම අවසන් වී ඇත්තේ දෙදෙනා අතර ඇතිවූ රණ්ඩුවකින් වන අතර, අනතුරුව තරුණයා නිවෙසින් පිටව ගොස් තිබුණා.

කෙසේ වෙතත් දිල්හාරා පසුදා පෙම්වතා සොයා ගියේ ඔහුට කරුණු පැහැදිලි කරදී සිද්ධිය සමථයකට පත්කර ගැනීමේ අදහසිනි. ඒ අදහස සාර්ථක වී ඇති අතර, පසුව දෙදෙනාම නැවත නිවෙසට පැමිණ පෙර පරිදි කාලය ගතකරන්නට වුණා. එසේ වුවද දිල්හාරාගේ හැසිරීම් රටාව පිළිබඳ පෙම්වතාට මොහොතින් මොහොත සැක මතුවන්නට පටන්ගෙන තිබුණා. පෙම්වතාත් සිය සැකය ගැන දිල්හාරාගෙන් විමසීම් කරන්නට වුණා. පසුව දෙදෙනා එම ගැටලුව පිළිබඳ කතාබහ කර විසඳා ගැනීමේ අදහසින් නිවෙසේ ගරාජයට ගොස් තිබෙනවා. එසේ බහින්බස් වීමක් දක්වා දුරදිග ගිය ඔවුන්ගේ කතාබහ අතරතුර දිල්හාරා සිය රහස් සම්බන්ධතාවන් ගැන මෙතෙක් සැඟවූ සියලු තොරතුරු පෙම්වතා ඉදිරියේ දිගහරින්නට වුණා.

දිල්හාරාගේ සැබෑ තතු දැනගැනීමෙන් ඔහු දැඩි මානසික පීඩාවකට පත්ව ඇති අතර, දිල්හාරා සමග ඇති සම්බන්ධය නතර කර දමන්නට ඔහු ඒ සමගම තීරණය කර තිබෙනවා.

පසුව ඔහු දිල්හාරාගේ මව සොයා ගොස් දිල්හාරාගේ සැබෑ තත්ත්වය ඇය සමග පවසන්නට වුණා. එසේ පවසා ඔහු එම නිවෙසින් පිටව ගොස් ඇත්තේ යළි කිසිදා එහි නොඑන බවට අදිටන් කරගනිමින්.

ප්‍රශ්න රැසකට මැදිවූ දිල්හාරා සිය සත්‍ය කතාව පෙම්වතාට කියා සිටියේ ඔහුගෙන් සහනයක් ලැබේවි යන අදහස් වන්නට හැකිය. එසේ නමුත් සිදුවූයේ ඇය සිතූ දේ නොව, පෙම්වතා වෙන්ව යන්නට තීරණය කිරීමයි. මේ අනපේක්ෂිත මානසික පීඩනය පිළිබඳ තැවුලට පත් දිල්හාරා සිය ජීවිතය විනාශ කරගන්නට තීරණය ගන්නේ ඒ සමගමයි.
ගරාජයේ සිටි දිල්හාරා කෑගසන හඬට ඇගේ මව ඇතුළු පිරිස එහි දිව එන්නට වුණා. සිරුරට භූමිතෙල් වත්කරගෙන ගිනිතබාගෙන සිටි දිල්හාරාගේ සිරුර ඒ වන විටත් දැඩි ලෙස පිලිස්සී තිබුණා. පිරිස එක්ව දිල්හාරාව කඩිනමින් දිවුලපිටිය රෝහලට රැගෙන ගොස් තිබුණා. ඇගේ තත්ත්වය අවදානම් වීම නිසා ඇයව ගම්පහ රෝහලට මාරුකර යැවීමට රෝහල් බලධාරීන් කටයුතු කළා. කෙසේ වෙතත් අවසානයේ එදින රාත්‍රී 8ට පමණ දිල්හාරා මෙලොවින් සමුගත්තා.”

දිල්හාරාගේ මේ ඛේදනීය පුවතින් සමාජයට උගත හැකි පාඩම් බොහෝයි. ඇය දෑස් පියාගත්තේ තරුණ දියණිවරුන්ට සහා තරුණ දූදරුවන් සිටිනා මවුපියන්ට වටිනා පාඩමක් කියා දෙමින්. තරුණ දියණිවරු සිටිනා මවුපියන් තම දරුවන් පිළිබඳ මීට වඩා වගකීමෙන් කටයුතු කළ යුතුයි. නිතරම දරුවන් පිළිබඳ සොයා බැලිය යුතුයි. එසේ නොවුණහොත්, ජීවිතය පිළිබඳ අත්දැකීම් අඩු එම දරුවන් මෙලෙස සියදිවි නසාගැනීමට පෙලඹීමට ඇති ඉඩකඩ බොහෝ තිබෙනවා. තරුණ දූදරුවන්ට මීට වඩා පුළුල් ලෙස, බුද්ධිමත් ලෙස ජීවිතයට මුහුණ දිය යුතුයි. ප්‍රේම සම්බන්ධතා බිඳවැටීම, අනියම් සබඳතා නිසා ඇතිවන ගැටලු හේතුවෙන් ජීවිතයට මුහුණ දීමට නොහැකිව ජීවිතයෙන් සමුගැනීමට තීරණය කිරීම වත්මන් සමාජයේ රැල්ලක් බවට පත්ව තිබෙනවා. එය කෙතරම් බොළඳ ක්‍රියාවක්ද යන්න ඒ පිළිබඳ ගැඹුරින් විමසාබැලීමේදී පැහැදිලි වන කරුණක්.

බොහෝ විට මෙවැනි සියදිවි නසාගැනීම්වලට බලපානු ලබන්නේ මානසික ආතතිය තුළ සිදුවන වෙනස්වීම් දරාගැනීමට නොහැකිවීමයි. එම තත්ත්වය නිසා තරුණ පරම්පරාව මානසික රෝගවලට ගොදුරුවීමේ ප්‍රවණතාවද දිනෙන් දින ඉහළ යමින් පවතින බව සමීක්ෂණවලින් හෙළිව තිබෙනවා.

දුර්ලභව ලැබූ මිනිසත් භවය මෙවැනි ජීවන ගැටලු හමුවේ විනාශ කරගැනීම ඉතා අමනෝඥ ක්‍රියාවක්. ජීවිතය ඉදිරියට එන කිනම් අභියෝගයක් හමුවේ වුවත් පලා නොයන්නට තරම් ආත්ම ශක්තියක් අප හැම තුළම ගොඩනගාගත යුතුයි. එසේ නොවුණහොත් ජීවිතයට මුහුණ දීමට නොහැකිව ප්‍රශ්නවලින් පලායන, සියදිවි නසාගන්නා තරුණ ජීවිත ගණන දිනෙන් දින ඉහළ යනු ඇති.

(මෙම මරණය පිළිබඳ විමර්ශන කටයුතු සිදු කළේ මිනුවන්ගොඩ පොලිසියේ ස්ථානාධිපති රොහාන් මහේෂ්, නිශේන්ද්‍ර පතිරාජ, සුසන්ත (55474) සහ සුදත් නන්දසිරි (38098) යන මහත්වරුන් විසින්. පශ්චාත් මරණ පරීක්ෂණය මිනුවන්ගොඩ වැඩබලන මහෙස්ත්‍රාත් නිරෝෂිකා ලියනාරච්චි මෙනෙවිය විසින් සිදුකරනු ලැබුවාය.)

SendShareShare
Previous Post

ඥානසාර හිමිගේ බළකායට නීතීඥ සංගමයත් බාල්දියක් පෙරළයි!

Next Post

සජිත්ට එරෙහිව කුමන්ත්‍රණය කරන සර්පයා ගැන කතාව දිග්ගැස්සෙයි! සර්පයෝ දමනය කරන හැටි පෙන්නන්න සජිත් ලෑස්ති වෙයි! (VIDEO)

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.