එක් රටක්’, ‘එකම නීතියක්’ සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බළකාය නුසුදුසු සහ නීති සම්පාදනය සඳහා වූ පිළිගත් රාමුවෙන් බැහැර වූ එකක් බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය නිවේදනය කළේය.
පාර්ලිමේන්තුව සහ අමාත්‍යාංශය ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ නීතිය යටතේ පිහිටුවා ඇති ආයතන රැසක කටයුතු මේ හරහා පැහැර ගැනීමක් සිදුවන බවත්, මෙම කාර්ය සාධක බළකාය පිහිටුවීමෙන් කිසිදු ප්‍රයෝජනයක් සිදු නොවන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමය පෙන්වා දී ඇත..
එහිදී ඔවුන් පෙන්වා දී ඇත්තේ මෙරට තුළ එම සංකල්පය ක්‍රියාත්මක කරන ආකාරය කාර්ය සාධක බළකාය විසින් අධ්‍යයනය කළ යුතු අතර එම අරමුණ වෙනුවෙන් නීතියක් කෙටුම්පත් කළ යුතු බවය.
එම විෂය සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශය විසින් දැනටමත් සම්පාදනය කර ඇති නීති කෙටුම්පත සහ එහි යෝග්‍යතාව අධ්‍යයනය කළ යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වාදෙයි.
නීතියක් කෙටුම්පත් කිරීම හා දැනට පවතින නීති අධ්‍යයනය කිරීම රජයේ ආයතන ගණනාවක් සම්බන්ධ කර ගනිමින් සිදුකළ යුතු අතර නීති සම්පාදන බලය යනු මහජන ස්වෛරීභාවයේ එක් සාධකයක් බව ද ඔවුන් සිය ලිපිය මඟින් පෙන්වා දී තිබේ.
නීති සම්පාදනය සඳහා ක්‍රමවේදයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින්ම සම්පාදනය කර ඇති බව පෙන්වාදෙන නීතිඥ සංගමය වෙනත් නීති පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග මඟින් ශක්තිමත් කර ඇති බව ද සඳහන් කළේය.
එම අරමුණ වෙනුවෙන් ප්‍රමාණවත් නීති සහ ස්ථාවර නියෝග ද, යෝග්‍ය යාන්ත්‍රණයක් ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා රාමුව තුළ මේ වන විටත් අන්තර්ගත වන බව ඔවුන් පවසයි.