විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා හා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර ඊයේ රාත්‍රියේදී දීර්ඝ දුරකතන සංවාදයක් පැවැත්වී ඇති බව වාර්තා වේ.
මෙහිදී පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් දෙදෙනා අතර දීර්ඝව සාකච්ජා වී ඇති බව දැනගන්නට ඇත.
ඊයේ රාත්‍රියේ පැවැති පක්ෂ 11 කණ්ඩායම් රැස්වීමේදී අගමැති ධූරය සදහා නම් 3ක් යෝජනා කොට ජනාධිපතිවරයා වෙත යැවීමට තීරණය කර තිබුණද පසුව එම තීන්දුව අත්හිටුවීමට හිටපු ජනාධිපතිවරයා පියවර ගෙන තිබිණ.










