ලාෆ් ගෑස් සමාගම ද ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල ගණන් ඉහළ දමා තිබේ.
ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 984කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 2840ක් වේ.
එමෙන්ම කිලෝ ග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් 393කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 1136කි.
ඊයේ (10) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෑස් මිල ගණන් ඉහළ දැමීමට තීරණය කළ බව ලිට්‍රෝ සහ ලාෆ් සමාගම් ප්‍රකාශ කළේය.
ලිට්‍රෝ සමාගම සිය කිලෝ 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,257කින් වැඩිකර තිබේ.
එහි නව මිල වන්නේ රුපියල් 2,750කි.
එසේම කිලෝ 5ක් වු ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 503කින්ද කිලෝ 2.5ක් වු ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 231කින්ද වැඩි කිරීමට එම සමාගම තීරණය කර තිබේ.
ඒ අනුව, කිලෝ 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,101ක් වන අතර, කිලෝ 2.5 ක සිලින්ඩරයක් රුපියල් 520ක් වේ.










