පාස්කු ප්‍රහාරයේ වින්දිතයනට යුක්තිය ඉල්ලා අද සවස ඉතාලියේ මිලානෝ නුවර මධ්‍යම දුම්රිය ස්ථානය ඉදිරිපිට ශ්‍රී ලාංකිකයෝ විරෝධතාවක නිරත වූහ.
මීට ඉතාලිය, ජර්මනිය සහ ස්විට්සර්ලන්තයේ සිටින ලාංකිකයන් සම්බන්ධ වී සිට බව වාර්තා වේ.
මෙම ප්‍රහාරයෙන් 300 අධික ජීවිත ප්‍රමාණයක් අහිමි වූ අතර 500 ආසන්න පිරිස තුවාල ලබීය. ඔවුන් අතර සදාකලික අබ්බගාත වූ පිරිසක් ද සිටී.
මීට පෙරද ඉතාලියේ බොලොඤ්ඤා නගරයේදී, ප්‍රංශයේ පැරිස් නුවරදී, අමෙරිකාවේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඉදිරිපිටදී සහ ජනීවා නුවරදීී මෙවැනි විරෝධතා සංවිධාන කිරීමට පියවර ගෙන තිබිණ.










