තම ඉල්ලීම්වලට කඩිනමින් විසඳුම් නොලැබුණහොත් කෙහෙළිය අමාත්‍යවරයාට සෞඛ්‍ය අමාත්‍යාංශය අහිමිවිය හැකි බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අනතුරු අඟවවා සිටිති.
ඔවුන් පවසන්නේ ඒ තරමින් ප්‍රශ්නය දුරදිග යෑමට පෙර විසඳුම් ලබාදෙන ලෙසයි.
කොළඹ නගරයේදී අද (30) විරෝධතා රථ පෙළපාලියකට එක්වෙමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ එලෙස පැවසීය.
“සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පැත්තෙන් මේක අර්ථ දක්වලා තියෙනවා වෘත්තීය සංගම් එක්ක විනෝද වෙන්න සූදානම් නෑ කියලා. හැබැයි අපි කියන්නේ අපි ලෑස්තියි ඇමතිතුමා ඔබතුමා එක්ක විනෝද වෙලා මේ ප්‍රශ්නය විසඳගන්න. ඒ විනෝදයේ ආරම්භ අපි අද ගන්නවා. හෙට සිට ඔබතුමාට විනෝද වෙන්න නෙමෙයි අමාත්‍යාංශය නැතිවෙන තැනට තල්ලු වෙන්න පුළුවන්. ඒ නිසා ඉල්ලීම්වලට ඇහුම්කන් දෙන්න”යි සභාපති උපුල් රෝහණ කියා සිටියේය.
හෙද, පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ වූ සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය විසින් එම විරෝධතාව සංවිධානය කර තිබිණ.
මෙවර අයවැය මගින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැටුප් විෂමතා සඳහා විසඳුම් ලබානොදීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් එය සංවිධානය කර තිබිණ.
අද පෙරවරුවේ විරෝධතා රථ පෙළපාලිය ආරම්භ කෙරුණේ කොළඹ විහාරමහා දේවි උද්‍යානය අසලිනි.