ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය
2025 වසරේ දීපාවලි උත්සව සමය වෙනුවෙන් තාවකාලික වෙළෙඳුන් සඳහා වෙළෙඳ කුටි විවෘත ටෙන්ඩර් මගින් ලබාදීමෙන් ලිඳුල-තලවකැලේ නගර සභාව ගිය වසරට වඩා දෙගුණයක් ආදායමක් ලබා ඇති බව නගර සභා සභාපති මලිඳු ලියනගේ උදාලි මහතා පවසයි.Sri Lanka Latest News
ඔහු කියා සිටියේ ඊයේ (16) දින මහ නගර සභාව ලබාගත් ආදායම පිළිබඳ විශේෂ මාධ්‍ය ප්‍රකාශයක් සිදු කරමිනි ,
ඒ අනුව ගිය වසරේදී තාවකාලික වෙළෙඳුන් සඳහා ඉඩම් ටෙන්ඩර් කැඳවීමෙන් රුපියල් ලක්ෂ 78ක ආදායමක් ලබා ගැනීමට නගර සභාව සමත් වී ඇති අතර, එය මෙම වසරේදී රුපියල් කෝටි 1.40 (ලක්ෂ 140) දක්වා වැඩිකර ගැනීමට හැකි වී ඇත.
මෙම වාර්තාගත ආදායම ලබා ගැනීමට හේතුව පැහැදිලි කළ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, “විනිවිදභාවයෙන් යුතුව, ‘Clean Sri Lanka’ වැඩසටහන යටතේ, කිසිවකුටත් කොමිස් ලබා ගැනීමට අවස්ථාව නොදී, ආදායම සම්පූර්ණයෙන්ම සභාවට ලැබෙන පරිදි ටෙන්ඩර් කැඳවීම” මේ සඳහා මූලික හේතුව වූ බවයි.
එතුමා පෙන්වා දුන්නේ, වතුකරයේ ප්‍රධාන නගරයක් වන හැටන් නගරයේ වඩා, මෙවර දීපාවලී සමයේ වැඩි ජනකායක් තලවකැලේ නගරයට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
















