• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මල්යාගේ සිට මස්ක් දක්වා අහපු කියපු බොරු! Sri Lanka Latest News

June 12, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

‘පිරුණු කළේ දිය නොසැලේ’ කියා ප්‍රස්තාව පිරුළක් සිංහල බසෙහි වේ. ඒ ප්‍රස්ථාව පිරුළ බොහෝ විට ඈඳෙන්නේ නිස්කාරණේ කටමැත දොඩවන මිනිසුන් ගැන කතාබහ කරන විටදීය. සාමාන්‍ය භාෂාවෙන් කියනවා නම් ඒ ප්‍රස්ථාව පිරුළ නිර්මාණය වූයේ බොරු කයිවාරුකාරයන් වෙනුවෙන්ය. වැඩිපුරම කයිවාරු ගහන්නේ හෝ කයිවාරු කියවන්නේ පොතපතේ දැනුමක් නැති නූගත් මිනිසුන් කියන මතයක් අපේ පරණ මුතුන්මිත්තන් අතර ප්‍රකටව තිබුණු කාරණයකි. පිරුණු නැති කළයට ඔවුන් සමාන කෙරුවේ හිස් මනසක් ඇති එතරම් ඉගෙන ගත්තේ නැති පිරිසක් ගැනය. (Sri Lanka Latest News)

නමුත් ‘අබුද්දස්ස කාලේ ලබුත් තිත්තයි රාළේ’ කියන්නා වාගේ දැන් දැන් අර ඉහත කී ප්‍රස්තාව පිරුළෙහි අර්ථයට සමාන නොවන කාරණයන්ද සිද්ධ වන්නේය. එහෙම කියන්නේ උගත්කමක් නැති නූගතුන් වගේම ලොකු ලොකු විභාග පාස්කරපු උගත්කමෙහි පරතෙරට ගිය මිනිසුන්ද බොරු කයිවාරු කියන්නට පටන් අරන් තියෙන නිසාය. ජනාධිපති රනිල් වික්‍රමසිංහද ඒ ජාතියේ කයිවාරුකාරයෙකි. අරගලයට පින් සිදුවන්නට පරණ පිනකට ජනාධිපති අසුනෙහි ඉඳගත්ත දා ඉඳන්ම රනිල් වික්‍රමසිංහ කළේ ලොකු ලොකු කයිවාරු කියවන එකය. හැමදාමත් ඔහු කියන විශේෂම කයිවාරුව වූයේ ජාත්‍යන්තර සම්බන්ධතාවන් ගැන කියන ලොකු ලොකු කතන්දරයය. එදා ඉඳන්ම වාගේ දේශපාලන තනතුරු ලබාගැනීමට ඔහු පාවිච්චි කරපු සුවිශේෂම තුරුම්පුව වූයේ ජාත්‍යන්තරය සමග තමාට තියෙන මහ ලොකු යාළුකම් ගැන පම්පෝරි දෙඩීමය.

‘හැබැයි ඇත්ත තමා, රනිල්ට පිටරටවල ලොකු ලොකු කනෙක්ෂන් තියෙන නිසා සමහර විට මිනිහා මේ රට ගොඩගන්න බැරි නැහැ තමයි…’
පුරෝපීය ස්ටයිල් එකට ටයි කෝට් ඇඳලා ඇවිදින් ලොකුවට කයිය ගහන රනිල් වික්‍රමසිංහගේ පම්පෝරියට ඒ විදියට රැවැටුණු මිනිස්සුද අපේ රටේ සිටියහ. ‘සිටියහ’ කියන්නටත් බැරි ගානය. තවමත් ඒ පම්පෝරිවලට රැවැටෙන අය සිටිති. රනිල් අදටත් පම්පෝරි ගහන්නේද ඒකය. ජනාධිපති වෙච්ච දා ඉඳන්ම ඔහු දෙඩූ ලොකු ලොකු කයිවාරුවලට ඉමක් කොනක් තිබුණේ නැත. අහරක් ඉහිරක් තිබුණේ නැත. දිගක් පළලක් තිබූණේත් නැත. අරගලයෙන් පසුව ජනාධිපති වූ දා ඉඳන්ම ඔහු කී කයිවාරු ඇත්ත වුණා නම් ලොව පුරා ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ප්‍රකෝටිපති ව්‍යාපාරිකයන් අපේ රටට වැල නොකැඩී එන්නට පටන්ගන්න එක සක්කරයාට තියා සක්කරයාගේ පුතා වයිමාටවත් නවත්තන්නට බැරි තැනට වැඩ සිද්ධ වෙන්න තිබිණි.

ඇත්තෙන්ම රනිල් වික්‍රඹසිංහ වැනි දේශපාලන නායකයකු මෙවැනි හරසුන් බොළඳ වැඩ කරන මිනිසකු විය යුතුද?
මඳක් නැවතිල්ලේ හිතා බලනකොට මෙය ලෝක විහිළුවකි. ජනාධිපති රනිල්ගේ කයිවාරුව පටන්ගත්තේ අදක ඊයෙක නොවේය. එහෙමත් නැත්නම් හීන දස දහසක් දැක ඔහුට අහම්බයෙන් වාගේ ලැබුණු ජනාධිපති පුටුවේ ඉඳගත්තදා පටන් නොවේය. ඒ කයිවාරුවට තරමක් ඈත අතීතයක් වේ. ඒ, 2002 – 2003 යූ.ඇන්.පී. ආණ්ඩුව තිබුණු කාලයේය. එවක චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපති පුටුවේ සිටියද ලංකාවට ගොඩබසින ලොකු ලොකු ජාත්‍යන්තර කෙරුම්කාරයන් ගැන ප්‍රසිද්ධ මාධ්‍යයට කටමැත දෙඩවූයේ එදා අගමැතිව හිටපු රනිල් වික්‍රමසිංහය. ඒ දවස්වල ලංකාව කැලඹූ මුද්‍රිත විද්‍යුත් මාධ්‍ය අතර ලීඩ් එකට තිබූ නිවුස් එක ප්‍රසිද්ධ වූයේ අපේ අසල්වාසී රට වූ ඉන්දියාවේ ඉන්න ප්‍රකෝටිපති ජාත්‍යන්තර වශයෙන් කීර්තියට පත් ව්‍යාපාරිකයකු වූ විජේ මල්යාගේ ශ්‍රී ලංකා සංචාරයය. ඒ කියන විජේ මල්යා ගැන ලොකු සීන් එකක් මාධ්‍යයට පෙන්වා දුන්නේ රනිල් වික්‍රමසිංහය. විජේ මල්යා අපේ රටට ඉතා හිතැති බවත්, විශේෂයෙන්ම ඔහු පැමිණෙන්නේ වැදගත් කතාබහකට තමාව මුණගැසීමට බවත්, ඒ වගේම විජේ මල්යා එන්නේ අපේ රටට ඔහු වැනි ප්‍රබලයකුගේ සහාය අවශ්‍යම නියම හෝ හරියටම හරියන වෙලාවක බවත් රනිල් මාධ්‍යයට කියා තිබුණේ විජේ මල්යා පැමිණ ලංකාවේ සියලු ප්‍රශ්න විසඳූ තාලයටය. ඒ වගේම විජේ මල්යා අපේ රටේ ආයෝජනය කරන්නට බලාපොරොත්තු වන බවද අගමැති රනිල් පවසා තිබුණේ සුරංගනා කතන්දරයක් කියන තාලයටය.
‘ඕකනේ කියන්නේ, කවුරු මොනවා කිව්වත් රනිල් වැඩ්ඩා. මිනිහා ජාත්‍යන්තරයත් එක්ක තියෙන යාළුකම පාව්ච්චි කරලා මාස්ටර් ප්ලෑන් එකක් ගහලා ලංකාවේ ප්‍රශ්න ටික විසඳලා දායි..’

විශේෂයෙන්ම සන්ඩේ ටයිම්ස් පත්තරේ විජේ මල්යා ගැන ලියා තිබුණු සුරංගනා කතා කියවපු ලංකාවේ ව්‍යාපාරික ප්‍රජාවද රනිල්ට ලොකුවට නම්බුව දීලා එහෙම කතා කීවේ ලොකු විශ්වාසයකින්ය. කෝච්චියේ බස් එකේ සහ කඩමණ්ඩියේද විජේ මල්යා කළුද සුදුදැයි කියාවත් නොදත් මිනිස්සුද රනිල් වික්‍රමසිංහගේ මාර මොළය ගැනත් මාස්ටර් ප්ලෑන් ටාගට් ගැනත් පාරම්බාන්නට ගත්හ.

කිව්වා වාගෙම විජේ මල්යා ලංකාවට ආවේය. සුපිරි හෝටලයක නැවැතුණේය. අගමැතිව හිටපු රනිල්ව හම්බවෙන්න වෙලාවක් වෙන්කර ගත්තේය. ඒ වෙන්කර ගත්ත කාලය තුළ සිදුවූයේ කුමක්ද? විශේෂයෙන් සිද්ධ වෙච්ච කෙංගෙඩියක් නම් නැත. අගමැති රනිල් විජේ මල්යාට එන්නය කියා තිබුණේ සුහද හමුවීමකටය. බ්‍රෙක්ෆස්ට් එකකට ලන්ච් එකකට හෝ ටී ටයිම් එකකට රනිල් කෝට්බෑයක් ඇඳගෙන විජේ මල්යා හමුවීමට ගියේ විවේකී මොහොතය කියා විජේ මල්යා විසින් තම ටයිම් ටේබල් එකේ සටහන් කර තිබූ වෙලාවකය. දෙන්නා එක්ක මොනවා කෑවා බිව්වාද කියා කිසිවකු දන්නේ නැති වුවද ඒ හමුවීම ඔෆීෂියල් මට්ටමේ එකක් වූයේ නැත. එතැනදී විජේ මල්යා ලංකාව වෙනුවෙන් ගෙනආ විදේශ ආයෝජනයක්ද නැත. විවේකී සුවයෙන් ශ්‍රී ලංකාවේ සුන්දරත්වය අත්විඳ ඔහු පෙරළා ඉන්දියාවට ගියේය. කලකට පසුව අහන්නට ලැබුණු විදෙස් පුවතක සඳහන් වූයේ ප්‍රකෝටිපති ව්‍යාපාරික විජේ මල්යා මුදල් විශුද්ධිකරණය යටතේ නීතියේ රැහැනට හසුවූ බවය.

ඒ විතරක් නෙමේය. 2015 සහ 2019 කාලය අතරතුරදී රනිල් වික්‍රමසිංහ, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිව සිටි රජය යටතේ අගමැතිව සිටියදීද ලොකු කයිවාරුවක් මාධ්‍ය පුරා ප්‍රචාරය කෙරුවේය. ඒ ප්‍රකට විදේශීය ආයෝජකයකු වූ ජෝර්ජ් සෝරොස් ලංකාවට පැමිණෙන බව කියමින්ය. ජෝර්ජ් සෝරොස් ලංකාවට එන බවත් අවුරුදු තුනක පමණ ආර්ථික සැලසුමක් වෙනුවෙන් විශාල අරමුදලක් පරිත්‍යාග කිරීමට ස්ථිරව ඔහු එකඟ වී ඇති බවත්, ඕපන් සොසයිට් ෆවුන්ඩේෂන් ශ්‍රී ලංකා රජය සමග අත්වැල් බැඳ එම විශාල ආර්ථික සැලැස්ම හදන බවත්, සන්ඩේ ටයිම්ස් පත්තරයෙහි ප්‍රධාන පුවත ලෙස පළවූයේ රනිල් වික්‍රමසිංහගේ අනුදැනුම මතය. 2015 ජනවාරියේ සිට 2015 නොවැම්බරය දක්වාම ජෝර්ජ් සෝරොස්ගේ පැමිණීම ගැන කතා ප්‍රචලිත විය.
කිව්ව විදියටම සෝරොස් ලංකාවට ආවේය. ඔහුගේ පැමිණීම ගැන රනිල්ට හිතවත් මාධ්‍යවල වැඩි ප්‍රසිද්ධියක් ලැබිණි. හැබැයි ඒ පැමිණීම ආවෝ-ගියෝ ක්‍රමයට සිදුවවූවක් විය. රනිල් මාධ්‍යයට පැවැසූ ආකාරයේ අරමුදලක් හෝ වෙනත් යමක් සිදුවූයේ නැත. ජෝර්ජ් සෝරොස් යන්නට ගියේය. ඉන් පසු ඔහු ගැන ආරංචියක්වත් නොවීය. අගමැති රනිල්ද කරබාගෙන ඔහේ සිටියේය.

රනිල් වික්‍රමසිංහට ලැජ්ජා හිතුණාවත්ද?
රනිල්ට එහෙම ලැජ්ජාවක් නැති ගානය. ලැජ්ජා නැතිකම මහමුදලිකමටත් වැඩිය ලොකුය කියනවා වගේ රනිල් ජනාධිපති වූ පසුවවත් ඔහුගේ බොරු කයිවාරු නතරවී නැත. ඔහුට ඕනෑ විදියට පෑන මෙහෙයවන මාධ්‍යවලටද ලැජ්ජාවක් නැතිවා සේය. 2023 දෙසැම්බර් මාසයේ බිල් ගේට්ස් විශේෂ ආරාධනාවක් මත ලංකාවට එන බවත්, ලංකාවේ පැවැත්වෙන ග්ලෝබල් රිනිවබල් එනර්ජි කොන්ෆරන්ස් එකට ඔහු සහභාගි වන බවත්, එම සම්මන්ත්‍රණය සංවිධාන කරන කටයුතු තම උපදේශක රුවන් විජයවර්ධනට පවරා ඇති බවත් රනිල් පැවැසූ ආකාරයටම 2022 ඩේලි මිරර් පත්තරයේ පළවී තිබිණි. 2024 මැද භාගය ගෙවෙමින් තිබුණද අද වනතුරුත් ලංකාවට ආව බිල් ගේට්ස් කෙනෙක් නම් නැත. පැවැත්වූ සම්මන්ත්‍රණයක්ද නැත.

සියල්ල එලෙස සිදුවුණද රනිල් වික්‍රමසිංහගේ කයිවාරු සහ මුසාවාද අතේ පත්තුවී ගියද තවමත් ඔහුටවත්, ඔහුට ගැතිව ඕනෑම බහුබූතයක් ලියන මාධ්‍යයටවත් ඒ ගැන වගක් නැත. ඒ නිසාදෝ මන්දා දැන් ලංකාවේ ලොකුම අලුත්ම නිවුස් එක වන්නේ ඉලෝන් මස්ක්ගේ පැමිණීමය. රනිල්ගේ උපදේශක රුවන් විජයවර්ධන කියන විදියට මස්ක් එන්නේ තමාව සහ රනිල්ව හමුවීමටය. ඒ වගේම රුවන් කියන විදියට ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු වූ මස්ක්ගේ පැමිණීම ලංකාවට ලොකු ආශීර්වාදයකි. ලොකු ශක්තියකි.

මොනවද මේ කතා? මේවා රනිල්ගේ ඡන්ද ගුණ්ඩුද? එහෙමත් නැත්නම් ඉලෝන් මස්ක් ඇත්තටම ලංකාවට එනවාද? නැත්නම් මෙයත් අර ඉහත කිව්වා වාගේ රනිල් වික්‍රමසිංහගේ කයිවාරුවක්ද? කිසිවක් තීන්දු කරන්නට බැරිය. ඒ හින්දා අපි බලාගෙන ඉමු.
ඒ රනිල්ගේ ඊළඟ කයිවාරුව අහන්නට නොව, ඉලෝන් මස්ක්වත් අඩුගානේ ලංකාවට එයිදැයි කියලාය.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

‘ඉන්දියාවේ බබා’ නොහොත් පප්පු අප්පො වීම! Sri Lanka Latest News

Next Post

තිරිසන් විදියට නොදරුවාට පහර දීම වීඩියෝ කළ තරුණයාට ලක්ශ 5ක තෑග්ගක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.