වසර 150කට අධික කාලයක් නෙදර්ලන්ත භාරයේ තිබූ මෙරටට අයත් පුරා වස්තු 6ක් අද අලුයම යළිත් ශ්‍රී ලංකාවට භාර දී තිබේ.Sri Lanka Latest News
කටුනායක ගුවන්තොටුපොළේදී එම කෞතුක භාණ්ඩ භාර ගත්තේ අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ඇතුළු පිරිසක් විසිනි.
මෙරට නෙදර්ලන්ත තානාපතිවරිය විසින් එම භාණ්ඩ නිල වශයෙන් භාර දීම සිදු කළාය.
ලෙව්කේ දිසාවගේ කාලතුවක්කුව, රන් කස්තාන දෙකක්, පිහි දෙකක්, රිදී කස්තාන සහ තුවක්කු දෙකක් මෙම පෞරාණික භාණ්ඩ එකතුවට ඇතුළත් වේ.










