• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බෝවිටියා දං පලුකං වාරේ..!
මේ නොවැ පොඩි නංගෝ..!
කුරුඳු කැලේ සුදු වැල්ලේ මාදං..!
වැහි වැහැලා නංගෝ..!
තලු මර මර කමු අපි යාපන පලතුරු..!

May 16, 2022
in Exclusive
Reading Time: 7 mins read
A A
බෝවිටියා දං පලුකං වාරේ..!  මේ නොවැ පොඩි නංගෝ..! කුරුඳු කැලේ සුදු වැල්ලේ මාදං..! වැහි වැහැලා නංගෝ..! තලු මර මර කමු අපි යාපන පලතුරු..!
Share on WhatsAppShare on Facebook

වියළි කලාපයේ පාලෙප් පලම් හා වීර කාලය අවසන්‍ය. දැන් මේ නාවල් පලම් කාලයයි.

බක් මාසයේ සිංහල හා හින්දු අලුත් අවුරුද්දත් සමග ඇරඹෙන්නේ මල්වලට බිඟු වඩිමින් භවභෝගයන් ඵල බරවන වසන්තයයි. යාල් ආගන්තුකයාගේ සංචාරයේදී ඇස ගැටුණු වියළි කලාපයේ වන ලැහැබවල හරි අපූරුවට වැඩෙන වීර, පලු, මාදං, අඹවල රස ගුණ සුවඳට එහා ගිය හින්දු සංස්කෘතිය හා බැඳුණු රසවත් කතා මාලාවක ඇරඹුමකි මේ.

උතුරු අර්ධද්වීපයටA-9 පාර දිගේ සුක්කානම මෙහෙවන්නෙක්ට හෝ බස්‍ රථයක ගමන්කරන්නෙක්ට නම් වව්නියාව, කිලිනොච්චිය පසුකරන කල නෙත ගැටෙන සුලබ දසුනක් නම් මඟ දෙපස පොලිතින් උරවල බහලා වීර, පලු හෝ නාවල් පලම් වෙළෙදාම් කරන කොල්ලන් හා මහල්ලන්‍ය. කුරුම්බාවලට සමාන නොන්ගු වල්ලක් තල් ගසකින් බාහත් අයවලුන්‍ය.

දවසේ ආර්ථිකය වෙනුවෙන් සුළු මුදලක් උපයා ගැනීමට වෙර දරන මේ උදවිය අපට ලබාදෙන්නේ සුඛෝපභෝගී වෙළෙඳපොළකවත් සොයාගත නොහැකි විටමින්, ඛණිජ අඩංගු වස විෂෙන් තොර පෝෂණ මල්ලක් බව ඔබ සිතුවාද? මන්ද මේවා දැන් නගරයේ හෝ වීදියක වෙළෙඳපොළකින් මිලදී ගැනීමට හුදෙක් අපහසු පලතුරුය.

පත්‍ර අතර පුංචි කහ පැහැයෙන් සැඟවී සිටින විදුලි බුබුළු

පාලෙප් පලම් නොහොත් පලු ගස අතු පතර විහිදුණු තරමක් විශාල ගසකි. මුලතිව්, කිලිනොච්චි හා A-32 මන්නාරම පාර අවට මහ ඝන කැලෑවකට රින්ගුවහොත් සුමිහිරි පැණි රසක් හා කිරි රසක් තියෙන පලු අහුරක් කඩා ගන්නවාට නම් සැක නැත. හීනි තද කොළ පාට පත්‍ර අතර පුංචි කහ පැහැයෙන් සැඟවී සිටින විදුලි බුබුළුක හැඩයෙන් යුත් පලු ගෙඩි නම් අපූරුය. කහ පැහැ මල් පොකුරු අතර ගුමු ගුමු හඬ නඟන රොනට වඩිනා මීමැස්සන් නිසා මේ ගස් අවට පරිසරය නම් තරමක් නොසන්සුන්ය. ගසේ වූ ඵල රසවිඳීමට ඇදෙන කුරුලු කොබෙයියන් මෙන්ම බිමට වැටෙන පලු ගෙඩි කෑමට ලඳු කැලෑ අස්සේ රිංගන වල් ඌරන්ගේ, වලසුන්ගේ දසුනත් බොහෝ සුලබය. මේ කාලයේ තුවක්කුවක හෝ ඇටවූ උගුලකට හසුවන පලු කෑ වල් ඌරන්ගේ මස් වෙනදාට වඩා රසවත් බව මස් බුදින ඇත්තන්ගේ මතයයි.

A – 32 පාරේ මායාව වූ රතු පලස වීර

පලු වාරෙත් එක්කම දකින අනෙක් පලතුර නම් වීරය. A 32 මන්නාරම පාර දෙපස වූ වීරගස්වලින් වැටෙන වීර ගෙඩි නිසා කාපට් පාර පෙනෙන්නේ රතු පලසක් ඇතුරුවා සේය. වීර හෝ පලු මල්ලක් රුපියල් සීයයක් පමණය.

මේ වීරය. ශක්තිමත් කඳකින් යුත් වීර ගස වියළි කලාපයේ වනාන්තරවල සුලබය.මේවායේ වර්ෂයකට එක් වරක් ඵල හටගන්නා අතර පෙනුමෙන් ලොවි ගෙඩියක හැඩය ගනී. ප්‍රමාණය නම් ඊට වඩා තරමක් අඩුය. පැසීමට මත්තෙන් ඇඹුල් ගතියක් සහිත වීර ඉදුණු කල පැණි රසක් ගනී.
වෙළෙන්දෝ වීර අතු පිටින් කඩාදමා, පසුව ගෙඩි කඩාගන්නා බැවින් පාර දෙපස වේළුණු වීර අතු දැකගත හැකිය. යුහුසුළු කළු වඳුරන් අතු පතර ඒ මේ අත පනිමින් මේ ඵල බුදින්නේ නම් මහත් වූ උද්ගෝයකින්‍ය.

බෝවිටියා දං පලුකං වාරේ

අගෝස්තුවේ සිට ගස් ඵලින් බරකරවන මේ කාලේ ලඳු කැලෑවල කෙළි සෙල්ලම් කරන කොල්ලන්ගේ තොල කට දම්පාට කරවන අපූරු වියළි කලාපයේ අනෙක් පලතුර නම් යාපනේ අර්ධද්වීපයේ උදවියට අනුව නාවල් පලම්ය. සිංහල උදවිය අනුව නම් ‘මාදන්’ය. ඒ කාලේ ගුවන්විදුලියේ හරි හරියට ප්‍රචාරය වුණු සුනිල් ශාන්තයන් පද රචනා කළ ඔහු විසින්ම තනු දැමූ ඔහුම ගායනය කරන ගීතයක් මේ විදිහට මතක් වෙනවාට නම් සැක නැත.

බෝවිටියා දං පලුකං වාරේ
මේ නොවැ පොඩි නංගෝ
කුරුඳු කැලේ සුදු වැල්ලේ
මාදං වැහි වැහැලා නංගෝ

සිහිවෙන විට තොල කටද තෙමෙයි
මේ මා යනවා නංගෝ
බෝවිටියා දං බාලොලි පලුකං
කරඹ ගොඩයි නංගෝ….

මාදං ගෙඩියේ වර්ණය ක්‍රිෂ්ණ දෙවියන්ගේ සමෙහි වර්ණයට සමාන බව සැලකෙන හෙයින් ඉන්දියාවේ සමහර ප්‍රදේශයන්හි දිව්‍යමය වටිනාකමක්දී ඇති අතර ක්‍රිෂ්ණ දෙවියන් පිදීමට මෙම පලතුරු භාවිත කරයි.

විද්‍යාත්මකව Syzigium cumini ලෙස හඳුන්වන අතර, විවිධ රටවල විවිධ නම්වලින් හඳුන්වයි. ජම්බෝලන් යන්න බහුලව භාවිත වන තවත් නමකි.

දම් පාට පලතුරක් වන මාදං ගෙඩිය ප්‍රමාණයෙන් කුඩාය. ගසේ පොකුරු වශෙයන් සෑදෙන ඉදුණු මාදං පොකුරක් මිදි පොකුරකට සමාන වෙයි.

ජනප්‍රවාදයට අනුව සංඝ සමයේ දිවිගෙවූ අව්වායියාර් නම් කිවිඳිය හා නාවල් පලම් නොහොත් ජමූන් පලතුරු ගස ගැන ගෙතුණු අපූරූ කතාවකි. තම සාහිත්‍ය දිවියේ සාක්ෂාත් කරගත යුතු සෑම දෙයක්ම සාක්‍ෂාත් කරගත් බව විශ්වාස කළ අව්වායියාර්, දිනක් මෙම නාවල් පලම් ගසක් යටටවී දෙමළ සාහිත්‍ය කටයුතුවලින් විශ්‍රාම ගැනීම ගැන කල්පනා කරමින් විවේක ගනිමින් සිටියහ. මේ බව සැලවූ දෙමළ භාෂාවේ මුර දේවතාවකු ලෙස සැලකෙන මුරුගන් කුඩා දරුවෙකු ලෙස මෙම නාවල් ගසට පැමිණ ඇයව විස්මයට පත් කරමින් අපූරු පැනයන් විමසා තවදුරටත් ඉගෙන ගැනීමට බොහෝ දේ ඇති බව ඇයට අවබෝධ කර දුන්නේය. මෙම පිබිදීමෙන් පසුව, අව්වායිර් ළමුන් ඉලක්ක කරගත් නැවුම් සාහිත්‍ය කෘති සමූහයක් රචනා කළ බවත් විශ්වාස කෙරේ.

රතු පසේ සාරවත් මිදි

උරුම්පිරායි නම් යාපනේ රතු පසේ සාරවත්ව හැදෙන රසම රස මිදි යායවල් බොහොමයක් දැකිය හැකි ප්‍රදේශයක්‍ය. මිදි වගාවකින් අවුරුද්දක් වැනි කාලසීමාවක් තුළ මාසිකව මිදි අස්වැන්න ලබාගත හැකිය. රසවත්ම කාරණය නම් වැස්ස කාලයට යාපනේ මිදි ටිකක් ඇඹුල්ය. නමුත් හොඳින් අව්ව තියෙන කාලයට මිදිවල ඇඹුල් රසය මඳක් අඩුය. ඒ කාලේ ආසියාවේ රිදී සීනුව නැතහොත් සිරිමාවෝ බණ්ඩාරනායක හිටපු ජනාධිපතිනිය යාපනේ සංචාරයට සහභාගි වූ අවස්ථාවක තිරුනවේලිහි කෘෂි පරීක්ෂණ ආයතනයට ගොස් මිදි වගාකරුවන් දිරිමත් කර ඇත.

එදා මෙන්ම අදත් යාපනයේ මිදි උතුරේත් දකුණේත් ප්‍රසිද්ධය. මේ දිනවල පලාලි පාර දෙපස නම් බොහෝ මිදි වෙළෙන්දන් මිදි විකුණන ආකාරය දැකගත හැක. යාපනයේ සංචාරය කරන්නෙක් නම් යාපනේ වයින් හෝ මිදි යුෂවල ලාක්ෂණික රස අත්විඳිය යුතුමය.

ඉලන්තායි පලම් හෙවත් මසන්

යාල් ආගන්තුකයා වරෙක කන්කසන්තුරේ දෙසට සුක්කානම මෙහෙයවන කල්හි හමුවූ අපූරු පලතුර නම් ඉලන්තායි පලම් වේ. තියුණු නොවන කටු සහිත අතුවල තැනින් තැනින් වූ මසන් නම් ශුෂ්ක භූමියේ හරි අපූරුවට වැඩේ. යාල් ආගන්තුකයා මේ ඵලය හඳුනාගන්නේ කන්කසන්තුරේ කීරමලේ නගුලේෂ්වරම් කෝවිල දක්වා ගිය ගමන් වාරයක් අතරතුරය. කොළ, කහ, තැඹිලි ආදී විවිධ වර්ණයෙන් යුතු ඉදුණු මසං ඇඹුල් මිශ්‍ර වූ පැණි රසයකින් යුක්ත වේ. සමහර ඵල පිෂ්ටමය ස්වභාවයක් පෙන්නුම් කරන අතර එය මසං ඵලයේ රසය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. මසන් කොළ, පොතුවල ගුණය අගනේය. වේළුණු මසන් පත්‍ර හිසේ ගල්වා චර්ම රෝග සුවකළ හැකිය.

යාපනයේ අඹ

කාෂ්ටක අව්වේ පැසී ඉදෙන යාපනේ අඹවල අපූරුම කතාව නම් යාපනේ අඹ ජනප්‍රිය වන්නේ තේන්මරච්ච්හි චාවකච්චේරි, මීසාලේ, සරසාලේහිය. සෑම නිවෙසකම අඹ ගස් දෙක තුනක් වරදින්නේ නැත. ඒ අතර අඹ වර්ග අතර කර්තකොලොම්බන්, වෙල්ලේකොලොම්බන්, විලාඩ්, පාන්ඩි හා සේලන් දැකගත හැකිය. කර්තකොලොම්බන්හි පොත්ත තද කොළ පාටය. අනෙක් වර්ගයෙහි පොත්ත තරමක් ළා පැහැතිය. පාන්ඩි බොහෝ විට මාළු හොද්දට, කිරි හොද්දට එක්කරයි. ඒ ඇඹුල් රසක් ගෙනදීමටය. යාපනේ වැසියන්ගේ උදේ ආහාරයේ අඹ පෙත්තක් සමග පුට්ටු හෙවත් පිට්ටු වරදින්නේ නැත.

හින්දු බැතිමතුන්ගේ පොදු සිරිතක් ලෙස නිවෙසේ හෝ කෝවිලේ චාරිත්‍ර වාරිත්‍ර සිදුකරන සහ ඕනෑම අවස්ථාවක අඹ කොළ මාලයකින් දොරටු අලංකාර කිරීම සිදුකරයි. ඊට හේතුව ඔවුන් අඹ කොළ ඉතා පූජනීය ලෙස සැලකීමයි. ඕනෑම හින්දු ආගමික උත්සවයකදී අඹ කොළ පහකින් කළයක් සරසා එහි සින්දූර් ආලේප කිරීම සිරිතකි. අඹ කොළ මාලයක් එල්ලීමෙහි ප්‍රධානතම වැදගත්කම නම්, අඹවලට ඉතා ඇලුම් කළ පාර්වතී දේවතාවියගේ සහ ශිව දෙවියන්ගේ පුතුන් දෙදෙනා වන ගණපති සහ මුරුගන් දෙවියන් සංකේතවත් කිරීමයි.

මෙසේ අඹ කොළ එල්ලා තැබීමෙන් නිවෙසට හෝ පූජාවන් පැවැත්වෙන ස්ථානයට ඇතුළු වන ඍණාත්මක ශක්තිය අවශෝෂණය කරන බව පැවසේ. එනිසා එමගින් නපුරු ආත්මයන් පලවා හරින බව හින්දූන්ගේ විශ්වාසයයි. මෙම මාලය උත්සව අවස්ථාවලදී පමණක් නොව සාමාන්‍ය දිනවලද එල්ලා තබන අතර ඉන් නිවෙසට සහ නිවැසියන්ට ආශීර්වාදයක් සැලසෙන බවද පැවසේ.’

මේ නම් යාපනයේ පලතුරුවල රස කතාවයි.

විදුනි බස්නායක

SendShareShare
Previous Post

ගෝඨාගෝගමට ගහන්න කියපු ලොක්කන් ‌දෙදෙනෙකුගේ නම් දේශබන්ධු එළියට දමයි! කඳුළු ගෑස් ගහන එක නැවැත්තුවේ මේ දෙන්නාලු!

Next Post

සියලු ආගමික නායකයන් එකතු කරගෙන ස්වාමීන් වහන්සේලා සියක් නමක් වැඩම කර වෙසක් දා රෑ ‘ගෝඨාගෝගම’ කළ මහා පින්කම! (VIDEO)

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.