• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කඩමු කඩමු කඩමු! අරලිය හෝටලේ කඩමු! Sri Lanka Latest News

July 26, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
කඩමු කඩමු කඩමු! අරලිය හෝටලේ කඩමු! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ දවස්වල ලොකු කතාබහක් යනවනේ, ඩඩ්ලි සිරිසේන මහත්තයාගෙ හෝටලේ කඩන්න. ඒ කියන්නෙ පොළොන්නරුවෙ තියෙන සුදු අරලිය හෝටලේ කඩලා ඉවත් කරන්න. අපි දන්නෑ මේක කාගෙ උවමනාවකට, කවුරු ගොතපු කතාවක්ද කියලා. ඇත්තක්ද බොරුවක්ද කියලා දන්නෙත් නෑ. ඇත්තක් වුණත්, බොරුවක් වුණත්, කඩනවා නම් කඩමු. අපි එකඟයි. අපිත් එන්නම් කඩන්න. ආණ්ඩුව ගන්න වැඩේ අතට. පටන් ගන්න හෙටම. කෙළින්ම අරගෙන යන්න බැකෝ ටිකක්. පුළුවන් නම් හොයාගන්න ඩෝසර් ටිකකුත්. මං හිතන්නෙ හෝටලේ කඩනකොට, හෝටලේ කෑලි බෑලි ටික කාටවත් ප්‍රයෝජනයක් ගන්න බැරි විදිහටයි කඩන්න ඕනෙ. මේස පුටු ඉඳලා කඩලා විසිකරලා අයින් කරලා දාන්න ඕනෙ. ඕකෙ එල්ලලා තියෙන ලයිට්, අනං මනං සියල්ල කඩලා බිඳලා විනාශ කරලා දාන්න ඕනෙ. ඇඳ ඇතිරිලි, කොට්ට, මෙට්ට, ඒවා කැඩෙන්නෙ නෑනෙ. ඒවාට ගිනි තියමු. එතකොට තව මොන හරි වටින කියන දේවල් තියෙනවා නම්, එතන දාලා ගල් රෝලක් ගෙනල්ලා ඒක අපි තළමු. සුන්බුන් ඔක්කොම ඔතනම දාලා වෙන වැඩක් කරගමු. තව අවුරුදු දහයක් පහළොවක් යනකම් මේ පැත්ත පළාතෙ පය නොගහා ඉමු. කිසි කෙනෙකුට ඒ පැත්තට යන්න ඉඩ නොදී තහනම් කරලා දාමු.
ඩඩ්ලිට දුක හිතෙයි. මිනිස්සුන්ට සමහර අයට රිදෙයි. දහස් ගානකට රස්සා නැති වෙයි. සංචාරක කර්මාන්තයට පොඩි අවුලක් වෙයි. ලෝකෙ මේක ප්‍රසිද්ධ වෙයි. හැබැයි වැව් රක්ෂිතය ලොකු වෙයි. කැලේ වැවෙයි. වටිනා කියන ගස් නැතත්, අඩුම තරමෙ තණකොළ ටිකක් හරි වැවෙයි. ඒ වැවිච්ච තණකොළ අපිට පුළුවන් කපලා, මිටි බැඳලා හරක්ට කන්න දෙන්න. එතකොට අපේ රටේ ගව සම්පත වර්ධනය වෙයි. පෝෂණය වෙයි. එතකොට හරක්ට හොඳ කලක් යයි. හරක් සතුටු වෙයි. ඇත්තටම මේ පැත්තෙ හරක් හදන අයට අපිට පුළුවන් දැනුම් දෙන්න, මේ අරලිය රක්ෂිත භූමියට අරගෙන ගිහිල්ලා හරක් බඳින්න කියලා. ඒ කියන්නෙ හරක් විවාහ කරගන්නවා කියන එක නෙමෙයි මම මේ කියන්නෙ. හරක්ව ඒ ස්ථානවල ගිහිල්ලා දිගේලි කරන්න කියලා. එතකොට හරකා දිගේලි කළාම, ඌගෙ ලණුව තියෙන දුරට වට දෙක තුනක් කැරකිලා තණකොළ ටික කයි. ආයෙ කැලේ වැවෙයි. ආයෙ හරක් කයි. අලින්ට එහෙම එහෙන් මෙහෙන් එන්න නොදී ඉමු. ඒ වුණාට ඉතින් එතකොට අපිට හොඳ තණ භූමියක් තියෙනවනෙ. මම කියන්නෙ, පොළොන්නරුවට හොඳට තණකොළ හම්බවෙනවා. Sri Lanka Latest News

ඇත්තටම රටක හරක් වැඩිවෙන තරමට, ඒ රටට විදේශ විනිමය හොයාගන්න පුළුවන් සම්භාවිතාව වැඩියි. ඒ කියන්නෙ මේ හරක් වැඩිවෙනවා කියලා කියන්නෙ අපි අර උත්ප්‍රාසයෙන් කියන හරක් කතාව නෙමෙයි මම මේ කියන්නෙ. හරක් කතාවක් කිව්වමත් මම හිතන්නෙ සමහර විට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ අපි කියන්නෙ හරක් කතාවක්ද කියලා. ඇත්තටම හරක් කතාවක් වුණත් නැතත්, හරක් ගැන කතා කරන්න ඕනෙ.

අපි හැමදාම කතා කළේ මේ රටේ හෝටල් ගැන. සංචාරකයෝ ලංකාවට එන්නෙ හෝටල් බලන්න නෙමෙයි. අපේ රටේ හරක් වැහි වැහැලා හිටියා නම්, සංචාරක කර්මාන්තයෙ ‘හරක් ටුවරිසම්’ කියලා අපිට මේක දියුණු කරන්න පුළුවන්. අපේ රටේ මේ අලි බලන්න එනවා කියලා කිව්වට, ඇත්තටම අලි බලන එක අමාරුයිනෙ. කොටි බලන එක ඊටත් වඩා අමාරුයිනෙ. හැබැයි මී හරක්, ඔය වල් හරක් නෙමෙයි, සාමාන්‍ය එළහරක් ටිකක් හිටියා නම්, ඒගොල්ලොගෙන් කරදරයක් නෑ. කාටවත් කරදරයක් නැතුව, දුන්නු දෙයක් කාලා, ඒගොල්ලො ඉන්නවා. ඒ නිසා අපි පුළුවන් තරම් මේ වන රක්ෂිත ටික ඇතුළෙ හරක් ඇති කරන්න පටන් අරගත්තා නම්, ඒක හොඳයි. ඩඩ්ලිගෙ හෝටලේ කඩන එක නම් ඇත්තටම අපි හරි සතුටු වෙන දෙයක්. මොකද මේ රටේ මේ වෙනකොට තියෙන ප්‍රශ්න කන්දරාවෙ හැටියට, ඒවට විසඳුමක් හොයන්න ඕනෙ. ඒකට තියෙන ප්‍රධාන විසඳුම විදිහට අපිටත් පේනවා මේ ඩඩ්ලිගෙ හෝටලේ කඩන එක. මොකද ඒකට හේතුව, ඩඩ්ලිගෙ හෝටලේ, නැත්නම් මේ සුදු අරලිය හෝටලේ තිබුණොත්, මේකෙ ලයිට් දානවා. මේකෙ වායුසමීකරණ පද්ධතියක් තියෙනවා. එතකොට මේ හෝටලේ කැඩුවොත්, රටේ ප්‍රධාන ධාරාවෙ විදුලිය ඉතුරු වෙනවා. මොකද අපේ රටේ විදුලිය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. අයි.එම්.එෆ්. එකෙන් ඉස්සරහට මේ ප්‍රශ්නෙ ඇදෙන්න ඉඩ තියෙනවා. අපි ඒස් ඇඹිලිපිටිය වගේ බලාගාරනෙ පාවිච්චි කරන්නෙ. අපි ගාව පුනර්ජනනීය බලශක්තිය නෑනෙ. ඒ නිසා අපිට විදුලිය ඉතිරි කරන්න හොඳ විකල්පයක් තමයි ඩඩ්ලිගෙ හෝටලේ කඩන එක.

ඒ වගේම ඩඩ්ලිගෙ හෝටලයට එන විදේශිකයො, ඒ අයට සමහර ලෙඩ රෝග තියෙන්න පුළුවන්. ඉතින් ඒ ලෙඩ රෝග අපේ රටේ අයට බෝවෙන්න පුළුවන්. එච්.අයි.වී. වගේ රෝගයක් පවා සම්ප්‍රේෂණය වෙන්න පුළුවන් නිසා ඒ හෝටලේ කඩන එක මේ රටට ගොඩාක් වැදගත් දෙයක් බවට පත්වෙනවා.

ඒ වගේම තව මේකෙන් තියෙන එකී මෙකී නොකී වාසි සංඛ්‍යාව අසීමිතයි. බලශක්තිය ඉතුරු කරන එක ගැන තවදුරටත් කතා කළොත්, ඇත්තටම මේ හෝටලයට යනකොට වාහනවලට යන තෙල් ටික ඉතුරු වෙනවා, හෝටලේ නැති නිසා හෝටලයට කවුරුත් එන්නෙ නැතුව යනවා. ඉතින් මේ වගේ බුද්ධිමත් තීරණ මේ රට ඇතුළෙ අරගෙන ඉක්මනට ක්‍රියාත්මක කරන්න ඕනෙ. අපිට මතකයිනෙ පහුගිය කාලේ මේ කණ්ඩලම හෝටලය සම්බන්ධව ඇති වෙලා තිබුණු මහා බරපතළ තත්ත්වය. කණ්ඩලම හෝටලේ එපා කියලා කියපු හාමුදුරුවරු කොච්චර හිටියාද? දැන් බලන්න අද, කණ්ඩලම හෝටලේ හදලා, කණ්ඩලම වැව වැහිලා. කණ්ඩලම කැලේ සම්පූර්ණ එළිවෙලා. කණ්ඩලම පුරාම දැන් කොන්ක්‍රීට් ඉදිවෙලා නේද? කණ්ඩලම හෝටලේ අපි හිතුවා ඉකෝ ටුවරිසම් කියලා එකක් කියයි කියලා, වනාන්තරය ආරක්ෂා වෙලා, වැව ආරක්ෂා වෙලා, සංචාරක කර්මාන්තය දියුණු වෙයි කියලා. දැන් කණ්ඩලම හෝටලයට ගිහිල්ලා තියෙන අය නම් මේ ලිපිය කියවලා, මේ එක එක අදහස් ඉදිරිපත් කරන්න එපා. අපි මේ කියන්නෙ කණ්ඩලම හෝටලය ගැන දන්නෙ නැති, කණ්ඩලම හෝටලය දිහා බලලා නැති, දැකලා නැති අයට. බලන්නකො කණ්ඩලම හෝටලය නිසා වැවට වෙලා තියෙන දේ. ඇත්තටම ඒ කාලෙ හාමුදුරුවරු කිව්වෙ ඔය කතාවනෙ. කණ්ඩලම හෝටලය ඉදිකරන්න දෙන්න එපා කියලා මොන තරම් පෙළපාළි අපේ රටේ ගියාද? සමහරු කිව්වා ඒ කාලෙ, අපි ඉස්සරහට ටුවරිසම්වලින් ජීවත් වෙයි. සංචාරක කර්මාන්තය අපේ රටේ වැදගත් දෙයක් වෙයි. අපේ රටට සුද්දො ආවම ඒගොල්ලන්ගෙන් සල්ලි ගන්න වෙයි. සල්ලි ගන්න පුළුවන් වෙයි. ඒක තමයි අපිට රැකෙන්න තියෙන එකම පියවර කියලා. දැන් අපිට තේරෙනවා අපි එහෙම මේ සුද්දො මත යැපෙන රටක් නෙමෙයි. අපිට සංචාරක කර්මාන්තයෙන් වැඩක් නෑ. ලංකාවට සුද්දෙක් ඇවිල්ලා ඒගොල්ලො ලංකාව බලලා පොඩි ආතල් එකක් ගන්න එක වෙනම කතාවක්. හැබැයි ඉතින් දැන් අපිට බොරතෙල් අපේ මහ පොළොවෙන් හම්බවෙනවා. රත්තරන් නිධි තියෙනවා. මිණිරන් පතල් ටික තියෙනවා. අපේ රටේ එක පැත්තක දියමන්ති හම්බවෙනවා, මැණික් තියෙනවා. අපි මාළු පිටරට යවනවා. අපි අපේ තියෙන එළවළු ටික පිටරට යවනවා. අපි ස්වයංපෝෂිතයි. අපිට හාල්වල ඉඳලා තේ, පොල්, රබර්, කුරුඳු, කොකෝවා, සින්කෝනා හැමදේකින්ම අපි දැන් කෝටි ගණන් හම්බ කරන හින්දා අපිට දැන් මේ ටුවරිසම් ගැන හිතන්න අවශ්‍ය නෑ. ඒ නිසා මම කියන්නෙ ඩඩ්ලිගෙ හෝටලේ ඉස්සෙල්ලා කඩමු. ඊට පස්සෙ කණ්ඩලම හෝටලෙත් කඩමු. ඔය තව තියෙන පොඩි පොඩි හෝටල් ටිකත්, ඔය නිකම් වැඩිපුර සුද්දො එන, වැඩිපුර සුද්දන්ගෙ ආකර්ෂණය තියෙන, නිකම් සුද්දො කැමැතියි වගේ හිතෙන, වැඩිපුර බුකින් දාලා තියෙන හෝටල් ටික ඔක්කොම කඩලා දාමු. එතකොට සුද්දොත් සර්ප්‍රයිස්. ලෝකෙම හිතනවා අපිට තියෙන බලය ගැන. අපි එක එක්කෙනා එක්ක යුද්ධ කරන්න යන්න ඕනෙ නෑ. මොකද එක එක්කෙනා එක්ක යුද්ධ කරන්න ගිහිල්ලා නිකන් අපිට තියෙන මේ නිදහස නැති කරගන්න අවශ්‍ය නෑනෙ. අපි අපේ මේක ඇතුළෙ යුද්ධයක් හදාගමු. අපි අපේ රටට විදේශ විනිමය ගේනවා, අපේ රටේ වටිනා සම්පත්, ඒවා බයිලා. ඒවා වැඩක් නෑ. සමහරු කියයි වැව් රක්ෂිතය හදලා තියෙනවා නම්, අර පොළොන්නරුවෙ තානායම තියෙන්නෙත් ඒකෙනෙ. පොළොන්නරුවෙ රැජින ඇවිල්ලා හිටපු මොකක්ද ඔය එකක් කියලා කාමරයක් එහෙමත් මේ ලොකු ගණන්වලට අලෙවි කරනවනෙ වගේ ඒවා. ඒ කතන්දරවලට රැවටෙන්න එපා.

අපි කියන්නෙ ආණ්ඩුවට, කඩමු ඩඩ්ලිගෙ හෝටලය. හෙට කඩමු. අපි දෙනවා ෆුල් සපෝට් එක. කිසි ප්‍රශ්නයක් නෑ. කඩලා, කුඩු කරලා, විනාශ කරලා, පවුඩර් හදලා, පුළුවන් නම් ඒක පිටි කරලා අපි පොළොන්නරුවෙ හන්දියෙ විකුණමු. පුරාවිද්‍යාවට මේ ඉඩම භාරදීලා, මේ පැත්තට මිනිහෙක්ට පය ගහන්න නොදී ඉමු. ඩඩ්ලිටත් ගහමු පයින් ඩඩ්ලි මේක කඩන්න එපා කියලා කිව්වොත්. අනුර කුමාර ජනාධිපතිතුමා, අපි එක පයින් කැමැතියි. හෙට පටන් අරගන්න. ජනතාවගෙ වියෝගය විඳලා වැඩක් නෑ. කඩන්න. පළවෙනි කුළුගෙඩි පාර ගහන්න ඔයා. දෙවැනි කුළුගෙඩි පාර ගහන්න අගමැතිතුමිය. මේ රටේ ඉන්න දේශපාලකයො ටික එක්කන් ගිහිල්ලා මේ වැඩේ පටන් අරගන්න. ලෝකෙට යයි මේ ආරංචිය.

වැවේ කොහේ හරි තැනක ඉඳලා මින්නේරි දෙයියො, මහසෙන් දෙයියො, පොළොන්නරුවෙ රජකම් කරපු රජවරු ගහයි අත්පුඩි. සමහරු ගහයි විසිල්. සමහරු ගහයි බල්ටි. රටට හොඳ කාලයක් උදා වෙනකොට එහෙම තමයි. මේ තමයි පුනරුදය. මේ තමයි පුනරුදයේ තියෙන ආතල් එක. කඩමු ඩඩ්ලිගෙ හෝටලය. මරු. පටන් ගමු.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ඉතිහාසයද? සෞන්දර්යයද? සාහිත්‍යයද? අනිවාර්ය නැති ලංකාවෙ අධ්‍යාපනය! Sri Lanka Latest News

Next Post

පරාක්‍රම සමුද්‍රයේ ගහලා තියෙන ඩඩ්ලිගේ හෝටලේ කඩනවා..! නෑ වැට ගලවනවා..! මොකද්ද මේ? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.