මාදිවෙල මන්ත්‍රී නිල නිවාසවලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී තිබෙන බව වාර්තා වෙනවා.Sri Lanka Latest News
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ හදිසි අලුත්වැඩියාවක් කිරීමට ඇති හෙයින් ඉන් ඉවත්වන ලෙස ඔවුන්ට දැනුම් දී තිබෙන බවයි වාර්තා වන්නේ.
මේ අනුව මන්ත්‍රීවරුන් හය දෙනෙකු දැනට ඉන් ඉවත්ව ඇතැයි එම නිලධාරියා සඳහන් කළේය.
මාධ්‍යවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ නිවාස 120ක් පමණ ඇති අතර සෙසු නිවාස වල පදිංචිව සිටින්නේ ආරක්ෂක නිලධාරීන් ඇතුළු නිලධාරින් පිරිසකි.
අලුතෙන් පත්වන මන්ත්‍රීවරුන්ට මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ නිල නිවාස ලබාදීමට සිදුවන හෙයින් ඒවා කල්තියා අලුත්වැඩියා කිරීමට පාර්ලිමේන්තු ප්‍රධානීන් තීරණය කර ඇත.










