එළඹෙන නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයින් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ බත්තරමුල්ල නෙලුම් මාවතේ පිහිටි එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේදී නිල වශයෙන් ආරම්භ කර ඇති බව වාර්තා වනවා.Sri Lanka Latest News
මෙවර මහ මැතිවරණයේ දී නවකයින්ට, තරුණයින්ට සහ කාන්තාවන්ට වැඩි අවස්ථාවක් ලබාදීමට කටයුතු කරන බවයි පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මීට පෙර සඳහන් කළේ.










