සාමකාමී අරගලකරුවන් ඉලක්ක කර පොලිසිය සිදු කරන මර්දනයට එරෙහිව අද දිනයේදී නීතීඥවරු ගාලුමුවදොරදී විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට නියමිතය.
මේ සම්බන්ධයෙන් කොටුව පොලිසිය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් තහනම් නියෝගයක් ඉල්ලා සිටියද අධිකරණය එය නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළේය.










