• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය වගේ නෙමෙයි පළාත් පාලන මන්ත්‍රිවරයෙක් පක්ෂ ප්‍රතිපත්තියට පිටින් ගියොත් ලේසියෙන් නෙරපා හරින්න පක්ෂ මහලේකම්ට පුළුවන්! කෙටි විනය පරික්ෂණයක් තියලා මැතිවරණ කොමිසමට දැනුම් දුන්නාම ඊළඟ සභිකයා පත් කිරීමට මැතිවරණ කොමිසම බැඳී සිටිනවා! තනි තීන්දු ගන්න ගියොත් වෙන්න යන දේ නීතීඥ අජිත් පෙරේරා පැහැදිලි කරයි! VIDEO I Sri Lanka Latest News

June 1, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
කතරගම දේවාලයෙන් අපේක්ෂා රෝහලේ අලුත් ගොඩනැගිල්ල හැදුවේ බලෙන්ද? දැන් ජාතික සැලැස්ම හැදුවා කිව්වනේ? ඒක පාර්ලිමේන්තුවට දාන්න! සුවසැරියට ගහපු එකත් අසාධාරණයි! නලින්දගේ කතාවට තවත් උත්තරයක්! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (01) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී. පෙරේරා මහතාය.Sri Lanka Latest News

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය.

‘‘පළාත් පාලන මැතිවරණයේ පළමු අදියර අවසන් වෙලා තිබෙනවා. මැතිවරණය සාර්ථකව පවත්වලා , ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරලා , ගැසට් නිවේදන නිකුත් කරලා පළාත් පාලන ආයතනවලට තේරී පත්වුණ සභිකයන් කවුරුන්ද යන්න පිළිබඳව ස්ථිර භාවයක් ඇතිවෙලා තිබෙනවා. ඊළඟ වගකීම තිබෙන්නේ පළාත් පාලන කොමසාරිස්වරයාට. සියයට 50 කට වැඩිය යම් පක්ෂයකට මන්ත්‍රීධුර හිමිවී තිබෙනවානම් එම පක්ෂයට අදාළ පළාත් පාලන ආයතනය සඳහා සභාපති , උපසභාපති , නගරාධිපති , උපනගරාධිපති ධුර පත් කිරිමට හැකියාව තිබෙනවා. එසේ නොමැති අවස්ථාවල පළාත් පාලන කොමසාරිස්වරයා විසින් අදළා පළාත් පාලන ආයතනවලට ගොස් සභිකයන්ගේ ඡන්දයෙන් හෝ එකඟතාවයකින් අදාළ පළාත් පාලන ආයතනය සඳහා සභාපති , උපසභාපති , නගරාධිපති , උපනගරාධිපති ධුර සඳහා සභිකයන් පත් කිරිම සිදුකළ යුතුව තිබෙනවා. ඒ වගේම පළාත් පාලන ආයතන 175 කට ආසන්න ප්‍රමාණයක් මෙම අවිනිශ්චිත තත්ත්වයේ තමයි තිබෙන්නේ. එවැනි අවස්ථාවල ප්‍රජාතන්ත්‍රවාදීව සභිකයන්ගේ ඡන්දයෙන් හෝ එකඟතාවයෙන් සභාපති , උපසභාපති , නගරාධිපති , උපනගරාධිපති ධුර සඳහා සභිකයන් පත් කිරිම සිදුකළ හැකියි. එසේ එකතු වී තමන්ගේ පළාතේ පළාත් පාලන ප්‍රධානියා පත් කරගත යුතු බවට ජනතාවගේ අදහස එයයි. ඒ සඳහා වෙනත් අර්ථයක් නෑ. බලයේ සිටින පක්ෂයට පළාත් පාලන ආයතනවල බලය ලබාදිමට අවශ්‍යනම් මැතිවරණයක් පැවැත්විමට අවශ්‍ය නෑ. එසේ නම් ජනාධිපතිවරයාට , පාර්ලිමේන්තුවට එම පත් කිරිම් සිදුකරන්න හැකියාව තිබෙනවා. එසේ නොකර ඡන්දයක් පවත්වන්නේ එම පළාතේ මහජනතාවගේ අභිමතය අනුව මහජන නියෝජිතයන් පත් කළ යුතු නිසයි. ඒ් වගේම පළාත් පාලන ආයතන රැසක විපක්ෂය නියෝජනය කරන සභිකයෙක් සභාපති , උපසභාපති , නගරාධිපති , උපනගරාධිපති ධුර සඳහා පත්වීමට හැකියාව තිබෙනවා. ඒ වගේම විපක්ෂයේ පක්ෂ සියල්ල පොදු එකඟතාවයක් ඇති කරගෙන තිබෙනවා හැකි සෑම අවස්ථාවකම එක් එක් පක්ෂවලට , එම පක්ෂවල අනන්‍යතාවලට හානි නොවන පරිදි ඒ ඒ පළාතේ ඒ ඒ සභිකයන්ගේ අදහස් සලකා බලලා , ඒ ඒ පළාතේ තිබෙන අවශ්‍යතාවයන් විවිධත්වයන් පිළිබඳව සලකා බලලා , ඒ ඒ පළාත් සඳහා සභාපති , උපසභාපති , නගරාධිපති , උපනගරාධිපති ධුර සඳහා සභිකයන් පත් කිරිමට ප්‍රතිපත්තිමය එකඟතාවයක් තිබෙනවා. නමුත් එම පක්ෂ සමඟ පොදු සන්ධානයක් ගොඩනැගිමට කටයුතු කරන්නේ නෑ. එම පක්ෂ සමඟ එකතු වී වැඩ කිරීමට හැකි පොදු එකඟතාවයක් ඇති කරගැනිම පමණයි සිදුකරන්නේ. ඒ වගේම ඒ ඒ සභාවේ ප්‍රමුඛතාවය ගන්නේ කවුරුද්ද යන්න පිළිබඳව එ් ඒ සභාවෙන් සභාවට තිරණය වෙනවා. ඒ වගේම විවිධ පළාත් පාලන ආයතනවල විවිධ එකඟතාව ඇති කරගෙන තිබෙනවා. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදිව සිදුවන ගණුදෙනු වගේම ප්‍රජාතන්ත්‍රවාදි නොවන ගනුදෙනුත් මේ වනවිට සිදුවෙමින් තිබෙනවා. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන බව සඳහන් කළ , මහජන මතයට ගරුකරන බව කියු වර්තමාන රජය විපක්ෂයේ පළාත් පාලන නියෝජිතයන්ට විවිධ තනතුරු , අල්ලස් යෝජනා කරමින් ඉතා නරක ආකාරයට කටයුතු කරන බව වාර්තා වෙලා තිබෙනවා.

ඒ වගේම සියයට 50 නැති පළාත් පාලන ආයතනවල විපක්ෂයේ සිටින ස්වාධින සහ පක්ෂ නියෝජනය කරන සභිකයන් දිනා ගැනිමට විවිධ බලපැම් , අල්ලස් , විවිධ තනතුරු ලබාදිමට රජයේ පාර්ශ්ව පොරොන්දු වි තිබෙනවා. එවැනි බරපතල තත්ත්වයක් මේවනවිට නිර්මාණය වෙලා තිබෙනවා. ස්වාධින සහ පක්ෂ නියෝජනය කරන සභිකයන් ආරක්ෂා කරගැනිමට දැන් සිදුවෙලා තිබෙනවා. මේ තත්ත්වය රටපුරාම දකින්න ලැබෙනවා. ඒ වගේම රටේ අල්ලස දූෂණය නැති කරනවා කියපු ජාතික ජන බලවේගය ඔවුන් දුෂ්කරතාවයට පත් වෙලා බහුතරය පෙන්විමට මන්ත්‍රිධූර නොමැතිව හැසිරෙන ආකාරය ප්‍රජාතන්ත්‍ර විරෝධියි. ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය මෙන් නොව පළාත් පාලන මන්ත්‍රිධුරය පිළිබඳව විශාල බලයක් විනය කරුණු වලදි පක්ෂවල තිබෙනවා. එය ස්වාධින කණ්ඩායම්වලට නෑ. ඒ අනුව පක්ෂයක සභිකයෙක් විනය විරෝධි කටයුතු සිදුකළොත් එම සභිකයා පක්ෂයෙන් නෙරපා හැරිමට හැකියාව තිබෙනවා. පක්ෂයේ ස්ථාවරයට එරෙහිවන සභිකයන්ට ඉතා ඉක්මනින් විනය පරික්ෂණ පවත්වා ධුරයෙන් පන්නා දමන්න පක්ෂයේ ලේකම්ට හැකියාව තිබෙනවා. ඒ වගේම පළාත් පාලන මන්ත්‍රිවරයෙන් ඔවුන් නියෝජනය කරන පක්ෂයට එරෙහි වුණොත් ඒවායේ විපාක සති කිහිපයකින් ලැබෙනවා. ඒ වගේම පක්ෂයේ ස්ථාවරයට ද්‍රෝහි වන පළාත් පාලන සභිකයෙක් කෙටි විනය පරික්ෂණයකින් පක්ෂයෙන් ඉවත් කර ඒ බව මැතිවරණ කොමිසමට දැනුම් දුන් පසු ඊලගට පත් කිරිමට නියමිත සභිකයා පත් කිරිමට මැතිවරණ කොමිසම බැදි සිටිනවා. ඒ වගේම දේශපාලන අනාගතයක් පිළිබඳව සිතන පළාත් පාලන සභිකයෙක් පක්ෂයේ ස්ථාවරයට ද්‍රෝහි වෙයි කියලා අපි හිතන්නේ නෑ.

ඒ වගේම විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත මේ වනවිට ගැසට් කරලා තිබෙනවා. මේ රටේ ආර්ථික සංවර්ධනයට සහ ගෘහස්ත පාරිභෝගිකයාගේ ජිවිතයට විදුලිබිල බරපතල ලෙස බලපාලා තිබෙනවා. උපයන මුදල ජිවත් වෙන්න ප්‍රමාණවත් නෑ. මෙවැනි තත්ත්වයක් තුළ සියයට 18.3 කින් විදුලි බිල වැඩිකරන ලෙස රජය ප්‍රකාශ කරන අතරවාරයේ ඒ සඳහා මහජනතාවගේ පිහිටට සිටින ආයතනය වන්නේ මහජන උපයෝගිතා කොමිසන් සභාවයි. මීට පෙරත් මහජන උපයෝගිතා කොමිසන් සභාව පුරවැසියා වෙනුවෙන් මැදිහත් වෙලා තිබෙනවා. රජය ඉදිරිපත් කරන ගණන් මිනුම් නිසියාකාරව පරික්ෂා කරලා පාරිභෝගිකයාට සහන ලැබෙන රටේ ආර්ථිකය ශක්තිමත් වන මිල ගණන් නීතිය අනුව තිරණය කළේ මහජන උපයෝගිතා කොමිසන් සභාවයි. මහජන උපයෝගිතා කොමිසන් සභාව සතු බලය රජය වෙත අත්පත් කරගන්න , මුදල් ඇමැතිවරයා සතු කර ගැනිමට හැකිවන පරිදි දැනට පවතින විදුලි බල පනත සංශෝධනය වන පරිදි කෙටුම්පතක් සකස් කර තිබෙනවා. මෙය පුරවැසියාට එරෙහිව සිදුකරන කුමන්ත්‍රණයක්. මෙය රටේ පුරවැසියා දිනාගත් අයිතිවාසිකමක් යටපත් කිරීමක්. මේ කෙටුම්පත ඉදිරිපත් කළොත් මහජන උපයෝගිතා කොමිසන් සභාවෙන් වැඩක් වෙන්නේ නෑ. මහජන උපයෝගිතා කොමිසන් සභාව ස්වාධින කොමිසමක් ලෙස විදුලි බල මණ්ඩලය , විදුලිබල අමාත්‍යාංශය ඉදිරිපත් කරන ගණන් මිනුම් පරික්ෂා කර බලා තමයි ඔවුන් විදුලි බිල වැඩිකරනවාද අඩුකරනවාද කියලා තිරණය කරන්නේ. නමුත් මහජන උපයෝගිතා කොමිසන් සභාවේ බලය තහවුරු කරන බවට පොරොන්දු වුණ වර්තමාන රජය මේ වනවිට මහජන උපයෝගිතා කොමිසන් සභාවේ බලය අඩු කරන්න පනත් කෙටුම්පතක් සකස් කරලා ගැසට් කරලා තිබෙනවා. මෙය ජනවරම පවාදිමක්. මේ පනත් කෙටුම්පතට එරෙහිව සමගි ජනබලවේගය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරිමට කටයුතු කරනවා. පාරිභෝගික අයිතින් ආරක්ෂා කරගැනිමට සමගි ජන බලවේගය කටයුතු කරනවා.

ඒ වගේම අපි දූෂණවට විරුද්ධව නීති හදපු මිනිස්සු, ඒ වගේම දූෂණයට විරුද්ධ ත්‍රිපුද්ගල මහාධිකරණය හදන්න මුලික වුණේ මමයි. ඒ වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් දූෂණයට විරුද්ධ ත්‍රිපුද්ගල මහාධිකරණය ආරක්ෂා කරන්න පෙනී සිටියේ මමයි. ඒ වගේම නිති සම්පාදනය කරන්න මම විශාල දායකත්වයක් ලබාදුන්නා. ඒ නිසා කුමන් පක්ෂයේ කෙනෙකු වුවත් ඔහු හෝ ඇය වරදක් කර තිබෙනවානම් රටේ නිතිය අනුව දඩුවම් ලබාදිය යුතුයි. ඒ වගේම දුෂණ විරෝධි කටයුතු මඩින්න ආණ්ඩුවට ශක්තිය ලැබිය යුතුයි. ඒ වගේම වර්තමාන රජය පැමිණි පසු දූෂණයට විරුද්ධ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුව එක නඩුවක්වත් පවරලා නෑ. මේ වනවිට අත්අඩංගුවට ගත් හිටපු ඇමැතිවරු වරදකරුවන් වුණේ 2014 සිදුවුණ සිද්ධියකට. යහපාලන රජය යටතේ තමයි නඩු පැවැරුවේ. 2024 දී එම නඩුවල තින්දුව ලබාදිමට නියමිතව තිබුණා. නමුත් වර්තමාන රජයේ යටතේ තමයි තින්දුව ලබාදුන්නේ. ඒ වගේම දූෂණ විරෝධි ත්‍රිපුද්ගල මහාධිකරණය පිහිටවුයේ දිනපතා නඩු විභාග කරන්න. නමුත් අලුතින් කිසිදු නඩුවක් වර්තාමාන රජය පවරලා නෑ. ගෝඨාභය රාජපක්ෂ සමයේත් , රනිල් වික්‍රමසිංහ පාලන සමයේත් මෙම අධිකරණයේ වැඩකටයුතු අඩාල වුණා. වර්තමාන රජයට දූෂණ විරෝධි ත්‍රිපුද්ගල මහාධිකරණය නැවත බලගන්වලා දිනපතා නඩු ඇසිම සිදුකිරිමට පුලුවන්.‘‘

SendShareShare
Previous Post

පළාත් පාලන ආයතන 161ක් හෙට සිට වැඩ! 178ක බහුතර බලය කාටවත් නැති නිසා ප්‍රධානීන් පත්කිරීම කොමසාරිස්වරුන් යටතට පත්කරයි! Sri Lanka Latest News

Next Post

ආණ්ඩුව හැප්පෙන්න ඕන විපක්ෂය එක්කද? ආණ්ඩුව හැප්පෙන්න ඕන අය ගැන එළියට ආපු චාමර සම්පත් හොඳම එකෙන් කියනවා! අවුරුදු 76කට පස්සෙ ලුණු පොල්කට්ටටත් කෙළපු ආණ්ඩුවක් එක්ක තව මොනවද අනේ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

Load More
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමානය වීම හේතුවෙන් පසුගිය වසරේ විදෙස් ණයගෙවීම සඳහා අමතරව රුපියල් බිලියන 48ක මුදලක් වැයවී ඇති බව රාජයේ...

Read more
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.