මිල ඉහළ දැමීමට පාරිභෝගික කටයුතු අධිකාරිය ලාෆ් ගෑස් සමාගමට අවසර ලබාදීමත් සමග දින ගණනාවක සිට වෙළඳපොළේ නොතිබුණු ලාෆ් ගෑස් යළි වෙළෙදපොළට නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
නව මිල අනුව කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 1,856ක් දක්වාත් කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 743ක් දක්වාත් ඉහළ දමනු ඇත.
නව මිල සංශෝධනයත් සමග ලාෆ් ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක් රුපියල් 363කින් මිල වැඩිවී තිබේ.
කිලෝග්‍රෑම් 5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල වැඩිවී ඇත්තේ රුපියල් 145කිනි.










