යුක්තිය යටතේ ඊයේ (28) අලුයම සිට අද අලුයම 3 දක්වා සිදුකළ මෙහෙයුම්වලදී සැකකරුවන් 1,467 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. Sri Lanka Latest News
එහිදී හෙරොයින් 460g, අයිස් මත්ද්‍රව්‍ය 653g,ගංජා කිලෝ 03යි ග්‍රෑම් 637ක්, ගංජා පැළ 103,793 ක්, මාවා 342g සහ මත්පෙති 562 ක් පොලිස් භාරයට ගෙන ඇත.
සැකකරුවන් 56 දෙනෙකු සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරයි.
එසේම, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවු පුද්ගලයින් 51 දෙනෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශයේ ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 164 දෙනෙකු මෙදින මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගෙන ඇත.










