කොළඹ ජාතික රෝහලේ හා මහරගම අපේක්ෂා රෝහලේ පෙට් ස්කෑන් යන්ත්‍ර බිඳ වැටීම හේතුවෙන් රජයේ රෝහල්වල පෙට් ස්කෑන් පරීක්ෂණ අඩාල වී තිබේ.Sri Lanka Latest News
විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේ, මේ හේතුවෙන් රෝගීන් දැඩි පීඩාවට පත්ව ඇති බවයි.
පෙට් ස්කෑන් පරීක්ෂණයක් පෞද්ගලික අංශයෙන් සිදුකර ගැනීමට රුපියල් ලක්ෂ 3කට ආසන්න මුදලක් වැයවන බවද ඔහු පැවසුවේ ය.
චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේ, ලීනියර් ඇක්සලේටර් යන්ත්‍ර ක්‍රියා විරහිත වීම හේතුවෙන් මහනුවර හා මඩකලපුව රෝහල්වල විකිරණ ප්‍රතිකාර අඩාල වී ඇති බවයි.
එම ප්‍රතිකාර පෞද්ගලික අංශයෙන් සිදු කිරීමට රුපියල් ලක්ෂ 5 සිට 17 ක පමණ මුදලක් වැය වෙයි.










