අද දින සිය අමාත්‍ය තනතුරින් ඉල්ලා අස්වූ නිමල් ලන්සා මහතා අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගී වී නොමැති බව වාර්තා වේ.
ඒ අනුව අද සවස ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට ලන්සා මහතා සහභාගී වීමට නියමිත බවත්, එහිදී දැඩි ප්‍රකාශයක් නිකුත් කිරීමට ඒ මහතා සැලසුම් කරමින් සිටින බවත් දැනගන්නට ඇත.










