ලංකා සීනි සමාගමේ නව සභාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් සාරද සමරකෝන් මහතා අද (20) සිය රාජකාරි ආරම්භ කර තිබේ.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගජබා රෙජිමේන්තුවේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ලෙස රාජකාරි කළ ඔහු විශ්‍රාම ගැනීමෙන් පසු ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස ද කටයුතු කර ඇත.
පාඩු ලබමින් සිටි ජනතා වතු සංවර්ධන මණ්ඩලය, කෙටි කාලයක් තුළ ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමට ඒ මහතා මහත් සේවාවක් සිදුකළ බව සඳහන් වේ.
සාරද සමරකෝන් මහතා ලංකා සීනි සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී අද දින වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවට ජනතා වතු සංවර්ධන මණ්ඩල සභාපති විංග් කමාන්ඩර් බුවනෙක අබේසූරිය මහතා, වැඩබලන සාමාන්‍යාධිකාරී ප්‍රදීප් ලියනගෙදර මහතා ඇතුළු තවත් විධායක නිලධාරීන් කිහිප දෙනෙක්ම එතුමාට සුභාශිංෂණ එකතු කිරීමට එකතු විය.










