ලෝක මල්ලවපොර ශූරතාවලියට සහභාගිවීමට සුදුසුකම් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට සංචාරයට අවශ්‍ය මුදල් ගෙවීමට අසමත් වීම හේතුවෙන් අදාළ තරගාවලිය සහභාගි වීමේ අවස්ථාව අහිමි වී යාමට ඉඩ තිබෙන බව වාර්තා වේ.
ශ්‍රී ලංකා කණ්ඩායම විසින් මෙම තරගාවලියට සහභාවීමට නම් ලෝක මල්ලවපොර සම්මේලනයට ඇමරිකානු ඩොලර් 5500 ක් හෙවත් රුපියල් ලක්ෂ 12 ගෙවිය යුතුය. එම මුදල් මේ වනවිටත් ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ බැංකු ගිණුමට බැර කර ඇති නමුත් බැංකුව සඳහන් කර තිබෙන්නේ එම මුදල ඩොලර්වලින් නිදහස් කළ නොහැකි බවයි. මේ වනවිට පවතින ඩොලර් හිගය ඊට හේතු වී ඇත.
මල්ලවපොර සංගමය පවසන්නේ තරගාවලියට සහභාගිවීමට පෙර අදාල මුදල් ලෝක සම්මේලනයට ගෙවිය යුතු බවයි.
එහෙත් ඔක්තෝබර් පළමුවැනිදාට පෙර ඩොලර් නිදහස් කිරීම බැංකුව විසින් ප්‍රතික්ෂේප කර තිබේ.










