ගෝලීය ශ්‍රේණිගත කිරීමේ ඒජන්සිය වන ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනය ශ්‍රී ලංකාවේ ණය වර්ගීකරණයේ ඉදිරි දැක්ම ත්‍රිත්ව සී ධන CCC+ මට්ටමේ සිට සෘණ මට්ටම CCC- දක්වා පහත හෙළා තිබේ.
මීට හේතුව ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ඉතාමත් පහළ මට්ටමට වැටී තිබීමයි.
මීට අමතරව ඉදිරි මාස 12 තුළ ශ්‍රී ලංකාවේ අභියෝගාත්මක මූල්‍ය වාතාවරණයක් ඇතිවිය හැකි බවට ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ආයතනය අවධාරණය කරයි.
ඔවුන් පුරෝකතනය කරන්නේ, ශ්‍රී ලංකාවේ අනාගත ණය ගෙවිමේ හැකියාවට මෙය බලපෑමක් විය හැකි බවය.