ලක්විජය බලාගාරය ඉදිකිරමේදී ලංකා විදුලිබල මණ්ඩලය (CEB) “මෙහෙයුම් හා නඩත්තු උපදේශන සේවා” (O&M) සදහා චීන යන්ත්‍රෝපකරණ ඉංජිනේරු සංස්ථාව (CMEC) සමග අස්සන් කර ඇති ඇතැම් ගිවිසුම් අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව සිදු කොට ඇති බව වාර්තා වේ.
සන්ඩේ ටයිම්ස් පුවත්පත අද දින වාර්තා කොට ඇත්තේ මෙම “මෙහෙයුම් හා නඩත්තු උපදේශන සේවා” වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 67ක් පමණ වටිනා (රුපියල් බිලියන 13.3 ක්) ගිවිසුම් මෙසේ අස්සන් කොට ඇති බවකි.
2017 සිට CMEC සමඟ අත්සන් කරන ලද ගිවිසුම් කිහිපයක් සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන නොමැති බැවින් මෙම ගිවිසුම්ගත මුදලින් ඇමරිකානු ඩොලර් මිලියන 20 ක් (රුපියල් බිලියන 4 ක්) පමණ පියවා ගැනීමට ලංවිම සමාගමට නොහැකි වී තිබේ.
ගෙවීම් සඳහා ආවරණ අනුමැතිය ලබා ගැනීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ළඟදීම ඉදිරිපත් කිරීමට නියමිත බවද එම මාධ්‍ය වාර්තාව මගින් අනාවරණය කොට ඇත.










