අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලයේ පෙරේදා පැවැති බ්ලූම්ෆීල්ඩ් සහ එස්.එස්.සී. ක්‍රිකට් සමාජ අතර පැවැති තරගයේදී එස්.එස්.සී. ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කරන කුසල් මෙන්ඩිස් ලකුණු නොලබා දැවී යාමෙන් අනතුරුව යකා නටා ඇති බව වාර්තා වේ. Sri Lanka Latest News
බ්ලූම්ෆීල්ඩ් පිටියේ පැවැති මෙම තරගයේදී ලකුණු නොලබා දැවී යාමෙන් අනතුරුව කෝපයෙන් යුතුව ක්‍රීඩාගාරයට ගොස් ඇති කුසල් මෙන්ඩිස් පසුව එහි දොරට පිත්තෙන් පහර දී හානි කර ඇති බව දැනගන්නට ඇත.
පසුව මේ සම්බන්ධයෙන් බ්ලූම්ෆීල්ඩ් බලධාරීන් නිල වශයෙන් තරග තීරකවරයාට සහ ක්‍රිකට් ආයතනය වෙත පැමිණිලි කොට ඇති බවද දැනගන්නට තිබේ.










