ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් වන නිරෝෂන් දික්වැල්ල සහ කුසල් මෙන්ඩිස් ඉරිදා (27) රාත්‍රියේ ඩර්හැම්හි වීදිවල සැරිසරන අයුරු දැක්වෙන වීඩියෝව පිළිබඳව කරුණු සෙවීම සඳහා ඊයේ (28) ඔවුන් රැදී සිටි හෝටලයේ CCTV දර්ශන පරික්ෂා කර ඇත.
එහිදී කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක යන ක්‍රීඩකයින් තිදෙනා හෝටලයෙන් පිටවන දර්ශන හමුව ඇති බව අනාවරණය වී ඇත.
ඒ අනුව ඔවුන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට ක්‍රිකට් ආයතනය සූදානමින් සිටින බවද දැනගන්නට ඇත.










