• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කුසල්-ධනුෂ්ක-දික්වැල්ලට අවුරුදු 5ක් ක්‍රිකට් තහනම්!

June 29, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
කුසල්-ධනුෂ්ක-දික්වැල්ලට අවුරුදු 5ක් ක්‍රිකට් තහනම්!
Share on WhatsAppShare on Facebook

එංගලන්තයේ සංචාරයේ නියුතුව සිටින අතරතුර ජෛව ආරක්ෂණ බුබුළ බිඳිමින් අයාලේ ගිය ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනාට වසර 5ක් දක්වා වන තරග තහනමක් පැනවිය යුතු යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලධාරීන් අතර ඊයේ (28වැනිදා) සාකච්ඡා වී ඇතැයි විශ්වසනීය ආරංචිමාර්ග ඔස්සේ වාර්තා විය.

කණ්ඩායමේ උපනායකයා වශයෙන් කටයුතු කළ කුසල් මෙන්ඩිස් සමග ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල ඉකුත් ඉරිදා (27 වැනිදා) මධ්‍යම රාත්‍රිය ආසන්නයේ ඩරම් නගර මධ්‍යයේ දුම් පානය කරමින් සැරිසරන අයුරු එරට සිටින ශ්‍රී ලාංකිකයකු විසින් වීඩියෝගත කර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත්කිරීමත් සමග ඊයේ වන විට මෙම හැසිරීම රටේ දැඩි විවේචනයට ලක්විය. ඒ අනුව කණ්ඩායම් කළමනාකාරවරයාගෙන් මේ පිළිබඳව වහාම වාර්තාවක් කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් කටයුතු කර තිබූ අතර අදාළ ක්‍රීඩකයන්ගේ මෙම හැසිරීම පිළිබඳව එම වාර්තාවෙන් තහවුරු වීමත් සමග එම තිදෙනාට තාවකාලික තහනමක් පනවා වහාම ඔවුන්ව මෙරටට කැඳවීමට නියෝග කෙරිණි. එසේම මේ පිළිබඳ පරීක්ෂණ අවසන් වනතුරු ඔවුනට සියලු ආකාරයේ ක්‍රිකට් තරග තහනම් කිරීමට ද තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ නිවේදනය කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉතාම දුර්වල තරග රටාවක් පෙන්නුම් කරන අවස්ථාවක මෙවැන්නක් සිදුවීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මහත් අපහසුතාවට පත්කරවන්නක් වී ඇති අතර අදාළ ක්‍රීඩකයන්ට වසර 5ක තහනමක් පැනවිය යුතුය යන අදහස ක්‍රිකට් ප්‍රධානීන් තුළ පැන නැගී ඇත්තේ එවන් වටපිටාවකය. මෙම ක්‍රීඩකයන්ට වසරක තහනමක් පැනවීම ප්‍රමාණවත් බව මෙහිදී සමහරෙකුගේ මතය වී ඇතත්, මෙම ක්‍රීඩකයන්ගේ පෙර වැරදි රැසක් ඇති බැවින්, මතු ක්‍රිකට් ක්‍රීඩකයන්ටද පාඩමක් වන සේ වසර 5ක තහනමක් පැනවිය යුතු යැයි බහුතරයකගේ මතය වී තිබේ.සෞඛ්‍ය ආරක්ෂාව මත ජෛව ආරක්ෂණ බුබුළකට නතු කර තිබීම මත ශ්‍රී ලංකා කණ්ඩායමට ඔවුන් රැඳී සිටින ඩරම් හී රැඩිසන් බ්ලූ හෝටලයේ පරිශ්‍රයෙන් පිටත සැරිසැරීමට අවසර නොතිබුණි. එසේම රාත්‍රී 10න් පසුව සිය නේවාසික කාමර තුළ රැඳී සිටීමද අනිවාර්ය විය. මේ සම්බන්ධයෙන් කණ්ඩායම් සාමාජිකයන් සියලු දෙනා දැනුවත්ව තිබූ බවට සාක්ෂියක් වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු විසින් කණ්ඩායම් සාමාජිකයන් වෙත යවා තිබූ වට්ස්ඇප් පණිවුඩයක්ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතු බව සැලවේ.

චූදිත ක්‍රීඩකයන් තිදෙනා ඊයේ පස්වරුව වන විටත් එංගලන්තයේ රැඳී සිටි අතර ඔවුන්ව හැකි ඉක්මනින් මෙරටට කැඳවීම පිණිස කටයුතු යෙදෙමින් පැවතුනි.

මොවුන් අතරින් කුසල් මෙන්ඩිස් ඉකුත් වසරේ ජූලි 05 වැනිදා පාරේ වැරදි දෙසින් වාහනය පදවා අනතුරක් සිදුකර පාපැදිකරුවකු මරණයට පත්කිරීමට චෝදනා ලැබූවකු වන අතර ධනුෂ්ක ගුණතිලක දකුණේ සංචාර හෝටලයකදී තරුණියකට අඩන්තේට්ටම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉකුත් අප්‍රේල් මස 20 වැනිදා නීතිඥ පණ්ඩුක කීර්තිනන්ද ප්‍රමුඛ විනය කමිටුවක් මගින් මානසික උපදේශනය සඳහා නිර්දේශ කර සිටියෙකි. -අරුණ

SendShareShare
Previous Post

රනිල් පටන් ගත්තෙම හමුදාවට ගහලා! එයාට මේ රට ගැන ජාතික හැඟීමක් නෑ! හමුදාව ඇලජික්! ආර්ථික ඔස්තාර් වුණාට මෙලෝ දෙයක් කරන්න බැරිවුණා! (VIDEO)

Next Post

ප්‍රබල දේශපාලකයන්ගෙන්-ඉහළ ආරක්ෂක නිලධාරීන්ගෙන්-පාතාල කල්ලිවලින් මරණ තර්ජන! ශානි ආරක්ෂාව ඉල්ලා පොලිස්පතිට යවපු ලියුම මෙන්න!!

MORE NEWS

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන බලන්න පංච පුද්ගල විශේෂඥ අධිකරණ මණ්ඩලයක් පත්කරයි! කොටුවේ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි! I Sri Lanka Latest News

පොහොර හිඟයට එරෙහිව පන්ජාබ් ප්‍රාන්තයේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

කොටුවේ සත්‍යග්‍රහයට එන විරෝධතා! පැලවත්තේ ඔළුබක්කෝ..! විමල් ගන්න ආතල්! VIDEO I Sri Lanka Latest News

ගෝල්ෆේස් අරගලයේ වගේමයි! කොටුවේ සත්‍යග්‍රහයේත් ජාතිකාභිමානී ගීත වාදනය වෙන්න පටන් ගනී! විමල් ගම්මන්පිලලා තාලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News

හරිනි බොරු කිව්වද? නලින්ද ලිස්සලා ගිය හැටි කොහොමද? VIDEO I Sri Lanka Latest News

Load More
අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඇමෙරිකානු එක්සත් ජනපද House Democracy Partnership (HDP) හි දූත පිරිසක් අතර සුවිශේෂ හමුවක් අද...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේ ගැන බලන්න පංච පුද්ගල විශේෂඥ අධිකරණ මණ්ඩලයක් පත්කරයි! කොටුවේ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි! I Sri Lanka Latest News

පොහොර හිඟයට එරෙහිව පන්ජාබ් ප්‍රාන්තයේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

පොහොර හිඟයට එරෙහිව පන්ජාබ් ප්‍රාන්තයේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

කොටුවේ සත්‍යග්‍රහයට එන විරෝධතා! පැලවත්තේ ඔළුබක්කෝ..! විමල් ගන්න ආතල්! VIDEO I Sri Lanka Latest News

ගෝල්ෆේස් අරගලයේ වගේමයි! කොටුවේ සත්‍යග්‍රහයේත් ජාතිකාභිමානී ගීත වාදනය වෙන්න පටන් ගනී! විමල් ගම්මන්පිලලා තාලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News

ගෝල්ෆේස් අරගලයේ වගේමයි! කොටුවේ සත්‍යග්‍රහයේත් ජාතිකාභිමානී ගීත වාදනය වෙන්න පටන් ගනී! විමල් ගම්මන්පිලලා තාලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper