• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

කුරහන් සාටකය සහ පොහොර නාටකය (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

October 23, 2021
in Exclusive, Gurudawa
Reading Time: 5 mins read
A A
කුරහන් සාටකය සහ පොහොර නාටකය (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

මහින්ද රාජපක්ෂගේ පරම්පරාවේ මුල් පුරුක ඩී.එම්. රාජපක්ෂය. ඔහු මහින්දගේ පියා ඩී.ඒ. රාජපක්ෂගේ සහෝදරයාය. ඔහු 1936 රාජ්‍ය මන්ත්‍රණ සභාවට හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් විය. එකල මැතිවරණවලදී ඡන්දදායකයන් ඡන්දය පාවිච්චි කළේ දේශපාලන පක්ෂයක සලකුණකට නොවේ. වර්ණයකටය. අපේක්ෂකයන් පෙනී සිටියේ වර්ණයකිනි. ඩී.එම්. රාජපක්ෂත් මැතිවරණයට ඉදිරිපත් වන විට වර්ණයක් ඉල්ලා සිටියේය. ‘ලෙනාඩ් වුල්ෆ් සමග ගමනක්’ පොතේ ඒ තාව සටහන් වන්නේ මෙසේය.

‘නීතිඥ ලුපියන් පෝලියර්, වික්‍රමසූරිය, ජී.කේ. ඩබ්ලිව්. පෙරේරා වගේ ප්‍රභූවරු මැතිවරණයට නාමයෝජනා දුන්නා. අන්තිමට ඩී.එම්. රාජපක්ෂ උන්නැහේ නාමයෝජනා කඩදාසිය පී.ජේ. නඩේසන් දිසාපතිතුමාට ඉදිරිපත් කළා. ඉදිරිපත් කරන ගමන්, ‘මගේ පාට කුමක්දැ’යි දිසාපතිතුමාගෙන් ඇහුවා. ‘ආ… ඩී.එම්. රාජපක්ෂ, උඹේ පාටදැ’යි ඇසූ දිසාපති, පී.ජේ. නඩේසන් මහතා එක්වරම තම කකුලක් ඔසවා මේසය උඩින් තියා ‘උඹේ පාට ගනින්’ කිව්වා. මේ අන්දමට තමයි ඩී.එම්. රාජපක්ෂට දුඹුරු පාට ලැබුණේ. ඒජන්තතුමාගේ සපත්තු කුට්ටමේ පාට ලැබුණත් එයද තමන්ගේ වාසියට හරවා ගන්න තරම් ඩී.එම්. රාජපක්ෂ දූරදර්ශී වුණා. ‘මම ලබාගත්තේ දුප්පත් හේන් ගොවියන්ගෙ පාට. රුහුණේ කුරක්කන් පාට’ යැයි උදම් අනමින් දුඹුරු පාට සාටකයක්ද කරට දමාගෙන ඩී.එම්. රාජපක්ෂ මැතිවරණය කළා.

ලෙනාඩ් වුල්ෆ් සමග ගමනක් (104 පිටුව)

ලෙනාඩ් වුල්ෆ් කී විදියට කුරහන් සාටකයේ ඉතිහාස කතාව ඒකය.

‘ඩී.එම්. මහත්තයගෙ පාට අපේ ගොවියාගේ කුරක්කන් පාට. කුරක්කන් පාටට ජය වේවා…’

ඩී.එම්. ඡන්දෙට ගම වටේ යන විට ගොවියන් කෑගසා කී බව ඒ පොතේ වැඩිදුරටත් සඳහන් වේ.

ඩී.එම්.ගේ මරණින් පසු පාර්ලිමේන්තු ආ මහින්දගේ පියා ඩී.ඒ. රාජපක්ෂ ඡන්දය ඉල්ලන විට දේශපාලන පක්ෂවලට ලාංඡන දී තිබිණි. ඩී.ඒ. තරග කළේ අලියා ලාංඡනයෙන්ය. පාට කොළ පාට විය. ඒත් ඔහු ඡන්දෙට ආවේ ඔහුගේ සහෝදරයා හම්බන්තොටට හඳුන්වා දුන් කුරහන් සාටකය පැලඳගෙනය. පසුව දේශපාලනයට ආ ඩී.එම්.ගේ පුත්‍රයන් වූ ජෝර්ජ් රාජපක්ෂ සහ ලක්ෂ්මන් රාජපක්ෂත් ඡන්දෙ ඉල්ලුවේ මේ කුරහන් සාටකය පැලඳගෙනය. 1970 ඩී.ඒ. රාජපක්ෂ මියයාමෙන් දේශපාලනයට ආ මහින්ද රාජපක්ෂද කුරහන් සාටකය පැලඳීය. 1977 මහ ඡන්දයට බැසිල් රාජපක්ෂ තරග කළේද කුරහන් සාටකය පැලඳගෙනය. 1977 මහින්ද සේම බැසිල්ද පරාජයට පත්විය. ඉන් පසු මුල්කිරිගල අතුරු මැතිවරණයට තරග කළ චමල් රාජපක්ෂද ආවේ කුරහන් සාටකය පැලඳගෙනය.

2004 මහින්ද අගමැති වන තෙක් මේ කුරහන් සාටකය ජනප්‍රිය වී තිබුණේ හම්බන්තොට පමණය. මහින්ද අගමැති වී කුරහන් සාටකය පලඳින විට ඒ සාටකය කුමක්දැයි හැමෝම අහන්න පටන් ගත්හ.

‘මහින්දගේ කරේ තියෙන්නේ ගොවියාගේ පාට. ඒක තමයි රාජපක්ෂලාගේ ලාංඡනය. සංකේතය…’

එකල මහින්දවාදීන් කුරහන් සාටකය කැම්පේන් කළේ එහෙමය. මහින්දත් 2005 ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙමින් කීවේ තම කරේ තියෙන්නේ ගොවියාගේ සංකේතය බවය. උතුරුමැද, දකුණ, ඌව ඇතුළු පළාත්වල විසිරී සිටින ලංකාවේ ගොවියෝ මහින්ද දිනවන්න මහින්ද වටා එක්රොක් වූයේ කුරහන් සාටකයට වශී වෙලාය. එම ජනාධිපතිවරණයේ මහින්දගේ ප්‍රධාන සටන් පාඨ දෙකක් වූයේ ගොවියාට පොහොර දීම සහ රනිල්ගේ ආණ්ඩුව අහෝසි කළ වී අලෙවි මණ්ඩලය යළි පිහිටුවීමය. පහත දැක්වෙන්නේ මහින්ද, ගොවීන් දිනාගන්න කළ කතාය.

‘කෘෂි කර්මාන්තය දියුණු කරමින් මේ රට පැරකුම් යුගයක් කරා ගෙන යන්න කතා කරන එක්සත් ජාතික පක්ෂයේ නායකයා එදා කුඹුරු ගොඩකරන්න කීවා. ගොවියාගේ පොහොර සහනාධාරය කැපුවා. කෘෂිකර්මාන්තය විනාශ කළා. දේශීය ගොවියාගේ, සුළු ගොවියාගේ කෘෂිකර්මාන්තය බිඳවැටිලා. වී අලෙවි මණ්ඩලය පසුගිය රජය කාලේ යකඩවලට වික්කා. ඒ නිසා ගොවියාට තම නිෂ්පාදන අලෙවියට තැනක් නැහැ. අපි ගොවියාගේ වී ටික විකුණාගන්න නව ආයතන පිහිටුවනවා.’

මහින්ද රාජපක්ෂ
15.19.2005
ලංකාදීප

ගොවියා මහින්දගේ කුරහන් සාටකය විශ්වාස කළේය. මහින්ද ජනාධිපති විය. මහින්ද ජනාධිපති වී බැසිල් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එන විට බැසිල්ට කුරහන් සාටකය පැලඳුවේ මහින්දය. 2010 මහ මැතිවරණයෙන් නාමල් පාර්ලිමේන්තු එන විට නාමල්ට කුරහන් සාටකය පැලඳුවේ මහින්දය. චමල්ගේ පුත් ශෂේන්ද්‍ර මහඇමැති වන විට ඔහුට කුරහන් සාටකය පැලැන්දුවේත් මහින්දය. හැබැයි 2019 ජනාධිපතිවරණයට රාජපක්ෂ පවුලෙන් ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් වන විට ජාතික ඇඳුම ඇන්දේත් නැත. කුරහන් සාටකය ඇන්දේත් නැත. 2019 ජනාධිපතිවරණය ජයගෙන ගෝඨාභය දිවුරුම් දෙන දින කුරහන් සාටකය දමන්න යැයි මහින්ද සහ රාජපක්ෂ පවුල ගෝඨාභයට කීවත් ඔහු කුරහන් සාටකය පැලඳීම ප්‍රතික්ෂේප කළ බව මාධ්‍යවල පළ විය. ඔහු පාර්ලිමේන්තු සැසිය විවෘත කරන දිනයේ කුරහන් සාටකය පලඳින්න යැයි මහින්දලා උපදෙස් දුන්නත් ඔහු එය ප්‍රතික්ෂේප කළ බවද මාධ්‍යවල පළවිය.

ඒත් ඔහු පාර්ලිමේන්තුවට පැමිණ සිය රාජාසන කතාව කරද්දී කුරහන් සාටකය ගැන මෙසේ කීවේය.

‘එදා රුහුණේ සිංහයා වශයෙන් හැඳින්වූ ඩී.ඒ. රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තුවට පැමිණි මුල් දිනයේ සිටම කුරහන් පැහැය ඇති සාටකයක් පැලඳ සිටියා. එම සාටකයෙන් ඔහු සංකේතවත් කළේ ගිරුවාපත්තුවේ කුරක්කන් ගොවියන්වයි. මා ඒ සාටකය අඳින්නේ නැති වුවත් මා නියෝජනය කරන්නේ මේ රටේ පීඩිත ජනතාව වෙනුවෙන් සෑම විටම කැපවූ කුරහන් සාටකයෙන් සංකේතවත් කරන ගැඹුරු දර්ශනයමයි…’

ගෝඨාභය රාජපක්ෂ
03.01.2020

ගෝඨාභය එදා කුරහන් සාටකය පලඳින්නේ නැතිව රාජාසන කතාව කරන විට මහින්දත්, රාජපක්ෂ පවුලත් නොසන්සුන් වූ බව දැන ගෝඨාභය කුරහන් සාටකය ගැන ඒ කතාව කියන්න ඇත. ඒත් අද වස විස නැති පොහොර ප්‍රතිපත්තිය අනුගමනය කරන්න ගොස් ගොවියෝ කුරහන් සාටකය ගිනි තියන විට මහින්දත්, රාජපක්ෂ පවුලත් ගෝඨාගේ වස විස නැති පොහොර ප්‍රතිපත්තිය සාධාරණීකරණය කරන්න ගොස් ගොවීන්ගේ උදහසට, වෛරයට ලක්වී ඇත.

මහින්ද කුරහන් සාටකයෙන් 2005 ගොවි බිම් අල්ලන්න පෙර මේ ගොවි බිම් යූ.ඇන්.පී. නිජබිම් විය. ගොවි බිම් යූ.ඇන්.පී. නිජබිම් වුණේ ඩී.ඇස්. සේනානායක කාලයේ සිටන්ය. 2002 යූ.ඇන්.පී. ආණ්ඩුවක් පිහිටුවා රනිල් ගොවියාට ඩෙනිම් අන්දවා ගොවිතැනට නවීන තාක්ෂණය හඳුන්වාදී ගොවි මහතුන් ගොවි කොම්පැනිකාරයන් බවට පත් කරන්න ගොස් ශ්‍රීලනිපයෙන් ජවිපෙන් හතර වටින් මඩ කෑවේය. ගොවි නිජබිම් යූ.ඇන්.පී.යට අහිමි වුණෙත් රනිල්ගේ ආණ්ඩුව ගොවියා මොඩ් කරන්න ගිහිල්ලාය. ඒ වෙලාවේ ගොවියා සහ ගොවි සංස්කෘතිය සුරකිනවා කියලා රාජපක්ෂලා අල්ලාගත් ගොවි බිම් ගෝඨාභය නැනෝ තාක්ෂණයෙන් සහ වසවිස නැති පොහොරවලින් ගොවියා මොඩ් කරන්න ගිහින් අහිමි කරගනීද කියා දන්නේ නැත.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

‘රාජා කොල්ලුරේ…! අනේ පලයං බං…! කපයි පඩි…!’ (VIDEO)

Next Post

ඌරෙකුගේ වකුගඩුවක් මිනිසෙකුට බද්ධ කරයි! වැඩේ අතිසාර්ථකයි!

MORE NEWS

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News
Exclusive

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

Load More
රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

මහබැංකුව සතුව තිබූ ඩොලර් සංචිතය මේ වනවිට ඩොලර් මිලියන 6800 සිට 6400 දක්වා අඩුවී ඇති බව හිටපු මුදල් අමාත්‍ය රවී...

Read more
ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.