ආණ්ඩුවට එරෙහි ජන අරගලය දින 100ට ආසන්න වෙද්දී අරගලය තුළින් මෙරට දේශපාලන ඉතිහාසය උඩු යටිකුරු කළ ජනතා ජයග්‍රහණ රාශියක් අත්පත් කරගනු ලැබුවා. රටම දේශපාලන, ආර්ථික, සමාජයීය වශයෙන් අරාජික වී තිබූ පසුබිමක, රාජපක්ෂවරුන් එළවා දැමීමට ජනතාව පෙළගැස්වීමේ ඒ ගෞරවයට හිමිකම් කියන විශේෂ පුද්ගලයෙක් සිටිනවා. ජනතා විමුක්ති පෙරමුණ ආරම්භක අවධියේ පටන් එහි ඉදිරිපෙළ දේශපාලන නායකයකු ලෙස අප්‍රකටව සිටි ඔහු පසුකාලීනව ජනතා විමුක්ති පෙරමුණෙන් වෙන්ව යනවා. අනතුරුව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පිහිටුවාගන්නා ඔහු නමින් කුමාර් ගුණරත්නම්. එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ලෙස සුවිශේෂ කාර්යභාරයක් කරන කුමාර් ගුණරත්නම් ගාලුමුවදොර ජන අරගලය නිර්මාණය කළ සැඟවුණු චරිතය බවටයි බොහෝ දෙනා හඳුන්වන්නේ. ඔහු Truth with Chamuditha යූටියුබ් නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අරගලයට තමන්ගේ දායකත්වය පිළිබඳ විවෘතව අදහස් පළකරන්නට කටයුතු කළා. රටේ අප්‍රකටව සිදුවෙමින් තිබෙන දේශපාලන නැගිටීම් වගේම පැහැදිලිව පෙනෙන්නට තිබෙන බල අරගලයන් ගැන දේශපාලනික සාක්ෂරතාවක් ඇති සබුද්ධික ජනතාව දැනගත යුතු කරුණු රාශියක් කුමාර් ගුණරත්නම් එහිදී අනාවරණ කරනවා. එම සාකච්ඡාව ‘මව්රට’ පාඨක ඔබත් කියවිය යුතු නිසාම, එය අප ඔබට මෙලෙස ඉදිරිපත් කරනවා.
දැන් අරගලය අවසන්ද?
අරගලය දැන් එක අදියරක් සන්ධිස්ථානයකට ඇවිල්ලා තියෙන්නෙ. අරගලයේ තව බොහොම දිගු දුරක් යා යුතුයි.
ඔබෙන් මම ඉල්ලීමක් කරනවා. දැන්වත් ඇත්ත කියන්න. මේ අරගලයේ සැබෑ අයිතිකරු ඔබ නේද?
මේ අරගලයේ සැබෑ අයිතිකරු මේ රටේ ජනතාව. ඒක ඉතා පැහැදිලියි. මොකද අපි දන්නවා අරගලය ඇතුළේ කොහොමද රටේ ජනතාව දැවැන්ත කැපකිරීම් කළේ කියලා. මම මුලින්ම කියන්න ඕනෙ අරගලයේ හිමිකරුවා ජනතාව. ඒකට හේතුව ජනතාවට හරි අපහසාත්මක ප්‍රකාශ පහුගිය කාලෙ පුරාම අපි අහලා තිබෙනවා. ජනතාවට වහල්ලු කිව්වා, ඒ වගේ විවිධ අපහාස උපහාස කතා කිව්වා. නමුත් ජනතාව පෙන්නුවා අරගලයක් තුළ කොහොමද සංවිධානාත්මකව ඉවසීමෙන් සහ ඉතා සාමකාමීව තමන්ගෙ අරමුණු කරා ක්‍රමනුකූලව යන්නෙ කියන එක.
කුමාර් ගුණරත්නම් සහෝදරයා, ඔබ ඉතාම භයානක පුද්ගලයෙක්. විටෙක ඔබ පෙනී සිටිනවා ධන කුවේරයෙක් විදියට. විටෙක ඔබ යනවා ෆුට් සයිකලයක. විටෙක ඔබ යනවා මෝටර් සයිකලයක. විටෙක ත්‍රීවීල් එකේ. විටෙක එළිමහන් ජීවිතේ. රහසිගත ජීවිතේ. ඔබ තමයි මේ අරගලයේ පිටුපස සියල්ල මෙහෙයවූ මහ මොළකරු?
අපි මේ අරගලයේ ඉතාම සක්‍රීය කාර්යභාරයක් ඉටු කළා ආරම්භයේ පටන්ම. මේ අරගලය ඇත්තටම ගත්තොත් ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වෙච්ච වකවානුවෙ ඉඳන්ම මේ රට හිරිවැටිලා මිලිටරීකරණයකට පසුබිම හදාගෙන, ප්‍රජාතන්ත්‍රවාදය සීමා කරලා, 20 වැනි සංශෝධනය ගෙනැල්ලා, ඒකාධිපති ව්‍යවස්ථා හදලා තියෙන වෙලාවක අරගලය සම්බන්ධ විශ්වාසය, අරගලය හැර වෙන විකල්පයක් නැහැ, අරගලය විතරයි ජනතා ජයග්‍රහණ සඳහා එකම මාවත කියන අදහස තදින්ම විශ්වාස කරපු දේශපාලන ව්‍යාපාරයක්. ඒ නිසා ඒ විශ්වාසය මත ඉඳගෙන තමයි අපි ක්‍රමානුකූලව මේ අරගලය සඳහා මැදිහත් වුණේ.
තුනෙන් දෙකක් එක්ක බලයට ආපු 69 ලක්ෂයක් බලය අරගෙන ආපු ජනාධිපතිවරයා ගෙදර යවන්න දොළොස් දාහක් ඡන්ද තියෙන කුමාර් ගුණරත්නම්ට පුළුවන් වුණා?
මෙතැන තියෙන්නේ ඡන්ද සම්බන්ධ ප්‍රශ්නයක් නෙවෙයි. මෙතැන තියෙන්නෙ පක්ෂ පාට, කුල මල ආගම් භේදයකින් තොරව රටේ ජනතාව තම පරමාධිපත්‍ය බලය අභ්‍යාස කරන පසුබිමක්, වේදිකාවක් නිර්මාණය කිරීම.
මම අහන්නේ කුමාර් ගුණරත්නම් 12,000 කොහොමද ගෝඨාගේ හැටනව ලක්ෂයට වඩා ලොකු වුණේ කියන එක?
අපිට ඉගෙන ගන්න දෙයක් තියෙනවා. ඒ තමයි මම හිතන්නේ අපේ රටේ ජනතාව සබුද්ධික පිරිසක්. මැතිවරණවලදී ප්‍රකාශ කරන ජන මතය ඒක අපි හැමදාම කියනවා. ඒ ජන මතය කොල්ලකාපු එකක්. ඒක විකෘති කරපු එකක්. අපි දන්නවා 69 ලක්ෂය ගන්න කලින් කොහොමද පාස්කු ප්‍රහාරය, ජාතිවාදය කොහොමද පාවිච්චි කළේ කියන එක ගෝඨාභය බලයට ඒම සඳහා. ඒ නිසා අපි කියන්නේ මැතිවරණවලින් ප්‍රකාශ වන ජන මතයේ යම් අදහසක් තියෙනවා. හැබැයි ඒක සම්පූර්ණ නිවැරැදි ජන මතය නෙවෙයි. හැම වෙලේව ජනතාවගේ සැබෑ අභිලාෂයක් මුදුන්පත් කරගැනීම සඳහා වෙච්ච ජනතාවගේ සාමූහික ක්‍රියාකාරීත්වය තමයි සැබෑ ජන මතය.
ඔබ මොනවා කිව්වත් මේ අරගලය ඇතුළේ ඔබේ හැඩය තියෙනවා. ඔබ ජවිපෙ සන්නද්ධ නායකයෙක් ත්‍රිකුණාමලය භාරව හිටපු. මම දැන් තුවක්කුවක් දුන්නොත් ඔබට ඒක කෑල්ලෙන් කෑල්ල ගලවන්න පුළුවන් අවබෝධයක් තියෙන මිනිහෙක් ඔබ. අද අහිංසක බබා වගේ කතා කළාට. ඔබට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය බෑ සහෝදරයා. ඔබට පුළුවන් සන්නද්ධ අරගලය. මේක තමයි මේ කළේ පාර්ලිමේන්තුවෙ බලය අල්ලපු එක. මේ ඔබේ මොඩ්ල් එක නේද මේ ක්‍රියාත්මක වුණේ?
ප්‍රජාතන්ත්‍රවාදය කියන වචනය පාවිච්චි කරපු එක හොඳයි. මොකද ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මොකක්ද? ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ඒකාධිපති ව්‍යවස්ථා හදාගෙන, පවුලකට බලයක් තහවුරු කරගන්න එක, තනි ඒකාධිපතියකුට බලය තහවුරු කරගැනීම සඳහා නීති රීති සකස් කරන එක. එහෙම නැත්නම් ද්විත්ව පුරවැසිභාවය තියාගෙන ඇමෙරිකාවෙ දේශපාලන අවශ්‍යතාවන් ඉටුකරන්න ආපු නියෝජිතයන්ට ඉඩ ප්‍රස්ථා හදන එක. නෑ. ඒක ප්‍රජාතන්ත්‍රවාදය නෙවෙයි. ප්‍රජාතන්ත්‍රවාදය තමයි අපි දැක්කෙ 09 වැනිදා. අපි දැක්කා එදා ජනතා පරමාධිපත්‍යය. අපි දැක්ක ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ජනතාව තමන්ගෙ බලය හසුරුවන්නෙ කියලා.
ඇයි ඔබ තවම රහසිගතව ඉන්නේ?
අපි ප්‍රසිද්ධියේ දේශපාලන කටයුතු කරන්නේ. මාධ්‍යවලට ඇවිල්ලා අදහස් ඉදිරිපත් කරනවා. ඒ නිසා ඔබ කලින් අහපු ප්‍රශ්නෙ පාර්ලිමේන්තුවෙන් පිට ජනතා බලය දියවන්නාවෙන් එළියෙ ජනතා බලය කියන එක මම හිතනවා ඒක තමයි ලංකාවෙ දේශපාලනයෙ ඉදිරි ගමනෙදී රටේ ජනතාවගේ ආර්ථික සමාජයීය ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධ ප්‍රශ්නවලට තියෙන එකම විසඳුම.
දැන් අවශ්‍ය නම් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවෙ නැති කෙනෙක් වුණත් ඇතුළට ගෙනල්ලා ජනාධිපති කරන්න හැකියාව තිබෙනවා. ඔබේ අරමුණ එතැනට යන්නද?
මේ ව්‍යවස්ථාව ඇතුළේ එවැනි ඉඩ තියෙනවා. නමුත් අපේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙත්, මගෙත්, අපි නියෝජනය කරන දේශපාලන ප්‍රවාහය සහ අදහසත් එක්ක ඒකාබද්ධ වෙලා ඉන්න සමස්ත ජනතාවගේ අදහස තියෙන්නේ කෙසේ හෝ කවුරු හරි බලයට පත්කරලා, කාව හරි ජනාධිපති අගමැති පුටුවලට පත්කිරීම නෙවෙයි. අපි නිශ්චිතව කියනවා මේ ආපු ජනතා අභිලාෂයන්, මේ ආපු ඉල්ලීම්වලට කන් දීලා, අපි දැක්කා 09 වැනිදා ජනාධිපති මන්දිරයේ සිට අරගලයේ නියමුවන් ඉදිරිපත් කරපු වැඩපිළිවෙළ. ඒ වැඩපිළිවෙළටත් එහාට ගිය වැඩපිළිවෙළක් පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙ අපිට තිබුණා වුණත්, අපි ඒකත් එක්ක එකඟයි.
ඔබ රටේ ව්‍යවස්ථාව පිළිගන්නෙ නෑ නේද?
මේ ප්‍රශ්නය අපි ජනතාවට පොඩ්ඩක් කියන්න ඕනෙ. අපි මේ ව්‍යවස්ථාව කියන එක ගැන හිතන් ඉන්නේ දේව වාක්‍යයක් කියලා. කවුද මේක හැදුවේ. මේවා හදලා තියෙන්නේ ජනතාව. දැන් 20 වැනි සංශෝධනය ගෙනල්ලා බලතල තහවුරු කරලා ඒක රටේ නීතිය වුණේ නැද්ද? ඊට පස්සේ ද්විත්ව පුරවැසියන්ට රටේ පාර්ලිමේන්තුව නියෝජනය කරන්න පුළුවන්, ඇමැතිකම් දරන්න පුළුවන් කියලා නීති ගෙනාවෙ නැද්ද? එහෙම නම් ඒ නීති හරිද? නෑ. ඒ නීති වැරැදියි කියලා රටේ ජනතාව දන්නවා. ඒ නිසා අපි කියන්නේ රටේ නීතිය වෙන්න ඕනෙ මේ ජනතාවගේ බලය තහවුරු කරන, ජනතාවගේ බලය සුරක්ෂිත කරන, ජනතාවගේ බලය ප්‍රකාශයට පත්කරන දේ තමයි රටේ නීතිය බවට පත්වෙන්න ඕනෙ.
මගෙ ප්‍රශ්නෙට ඇයි කෙළින් උත්තරයක් දෙන්නෙ නැත්තෙ? ඔබ මේ රටේ ව්‍යවස්ථාව පිළිගන්නවද නැද්ද?
මේ ව්‍යවස්ථාව තුළ නියෝජනය වන ජනමතය විකෘතියක්. ඒ විකෘතිය අපි දැක්කා. මේ ව්‍යවස්ථාව තුළ ජනතාවට එපාවෙච්ච ජනමතය තුළ සම්පූර්ණ ප්‍රතික්ෂේප වෙච්ච ජනාධිපතිවරයෙක් ඉවත් කරන්න ක්‍රමයක් තිබුණෙ නෑ.
ඔබ මේ රටේ ව්‍යවස්ථාව පිළිගන්නවද නැද්ද?
පැහැදිලිවම මේ ව්‍යවස්ථාව අතික්‍රමණය කරලා නව ජනතාවාදී ව්‍යවස්ථාවක් ස්ථාපිත කළ යුතුයි.
මට සරලව කියන්න පුළුවන්. මේ ව්‍යවස්ථාව කුමාර් ගුණරත්නම් පිළිගන්නෙ නෑ?
මම විතරක් නෙවෙයි මේ රටේ වාමාංශික ව්‍යාපාරය දිගින් දිගටම කිව්වා මේ ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕනෙ කියලා. ඒ නිසා මේ ව්‍යවස්ථාව ප්‍රමාණවත් නෑ. මේ ව්‍යවස්ථාව පිළිගන්න බෑ. අපි අලුත් ජනතාවාදී ව්‍යවස්ථාවක්, ජනමත විචාරණයකින් ජනතාවට අවස්ථාව දීලා ගොඩනගනවා.
කුමාර් ගුණරත්නම් ජනාධිපති කරන සටනටද මේ අරගලය අරගෙන ගියේ?
ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රීය අයිතීන් ජයග්‍රහණය කරන්න මේ රටේ ජනතාවගේ ආර්ථික නිදහස ශක්තිමත් කරන්න, සිංහල දෙමළ මුස්ලිම් ජනතාවගේ සමගිය ශක්තිමත් කරන්න, සියලු පීඩාවට පත් ජන කොටස්වල අයිතීන් සහතික කරන අරගලයක් මේක?
මම ඇහුවෙ කුමාර් ගුණරත්නම් ජනාධිපති කරන සටනටද මේ අරගලය අරගෙන ගියේ?
මම හිතන්නෙ ඒ ප්‍රශ්නයට පිළිතුරු දීම අවශ්‍ය නෑ. ජනතාව ජයග්‍රහණය කරවීම, ජනතාව ඉහළ පුටුවලට නගාසිටුවීම තමයි මේ අරගලයේ මූලික අරමුණ.
කුමාර් ගුණරත්නම්ට කවදාවත් සාකච්ඡාව, සම්මුතිය බැහැ. කුමාර් ගුණරත්නම්ට පුළුවන් සන්නද්ධ අරගලය විතරයි. ඔහු ජවිපෙ කවදාවත් මතුවෙච්ච නායකයෙක් නෙවෙයි. ඔහු හිටියෙ රහසිගතව. ඒ නිසා ඔබ සාකච්ඡාව, සම්මුතිය දන්නෙත් නෑ. ඔබ එකඟතාව දන්නෙත් නෑ. පාර්ලිමේන්තු දේශපාලනය දන්නෙත් නෑ. ඔබ දන්නේ සන්නද්ධ අරගලය විතරයි?
ගුණරත්නම්, පෙරටුගාමී සමාජවාදී පක්ෂය මේ රටේ වාමාංශික ව්‍යාපාරය දන්නවා සම්මුතිය. මොකක්ද ඒ සම්මුතිය? ජනතාව සමග සම්මුතිය. ඒ සම්මුතිය තමයි ජනතාවගේ ආර්ථික දේශපාලන අභිලාෂයන් සමග තියෙන සම්මුතිය. ඒ සම්මුතිය තමයි වැඩකරන ජනතාව එක්ක තියෙන සම්මුතිය. ඒ සම්මුතිය තමයි මේ රටේ ශිෂ්‍ය ව්‍යාපාරයත් එක්ක තියෙන සම්මුතිය. ඒ වගේම අපි කියනවා මේ අරගලය තුළ ගෙනාපු ජනතා ජයග්‍රහණ එදා ගෝල්ෆේස් අරගලයේ නියුතු සියලු අරගලකරුවන් විසින් ඉදිරිපත් කරපු වැඩපිළිවෙළත් එක්ක හදන ආණ්ඩුවක් සම්මුතිගත වෙන්නත්.
මෙතැන කාරණා දෙකක් තියෙනවා. සමහරු මේ අරගලයෙ අයිතිය ප්‍රතික්ෂේප කරනවා. සමහරු මේකෙ කෙඩිට් එක ගන්න හදනවා. මේක අපේ කරගන්න හදනවා. ඔබ ඉන්නේ මේ දෙකෙන් කොයිකෙද?
මේක ජනතාවගේ.
හැබැයි ඔබේ දුමින්ද නාගමුව කියලා තියෙනවා මේ අරගලය ඇතුළේ බොහෝ තැන්වල අපි ඉන්නවා කියලා.
පැහැදිලිවම.
අන්තරය යනු පෙරටුගාමීන්නෙ? ඒක පැහැදිලියි නේද?
නෑ. අපි පෙරටුගාමී සමාජවාදී පක්ෂය හැටියට අපට වෘත්තීය සමිති ව්‍යාපාරයක් තිබෙනවා. අපට ශිෂ්‍ය ව්‍යාපාරයක් තිබෙනවා. අපට වෙනත් ධීවර ඇතුළු ක්ෂේත්‍රවල වැඩ කරනවා.
අන්තරය යනු පෙරටුගාමීන්?
අන්තරය කියන්නේ ශිෂ්‍ය ව්‍යාපාරයෙ පළල් ශිෂ්‍ය මධ්‍යස්ථානයනෙ. ඒකෙ විවිධ දේශපාලන අදහස් තියෙන හැබැයි පොදු න්‍යාය පත්‍රයකට වැඩ කරන, අධ්‍යාපනයෙ අයිතීන් වෙනුවෙන් කාලයක් තිස්සේ අරගල කරන ව්‍යාපාරයක්. ඒක අද වෙනකොට රටේ ජාතික දේශාපාලනයේ වැදගත් අභියෝග භාර අරගෙන තියෙනවා.
කවුද මේ අරගලයට මුදල් දැම්මේ? ඔබේ ඔස්ටේ්‍රලියාවෙ මුදල්ද? වෙබ් අඩවිවල තිබ්බා ඔබ ධන කුවේරයෙක් කියලා. ඔබද මේකට මුදල් දැම්මේ, නැත්නම් මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්ද? රෝ සංවිධානයද මේක පිටිපස්සේ ඉන්නේ?
රෝ එක මම හිතන්නේ මේ තත්ත්වය ගැන දුක්වෙනවා. ඔවුන්ට රාජපක්ෂලා බලයෙන් පහකරන තත්ත්වය ඒගොල්ලන්ගෙ උපායමාර්ගික උපක්‍රමික අවශ්‍යතාවන්ට බාධාවක්. මම දැක්කා සුබ්‍රමනියම් ස්වාමි වගේ අය කියලා තියෙනවා ආපහු මේ අයව බලයට ගේන්න කියලා. මොකද ඒගොල්ලන්ට මේ රටේ බලශක්තිය, ආර්ථික මර්මස්ථාන ග්‍රහණයට ගැනීමට තිබිච්ච අවස්ථාව නැතිවුණා කියලා ඒ අය බොහොම දුකෙන් ඉන්නේ. ඒ නිසා රෝ එක මේ ගැන දුකෙන් ඉන්නෙ, ඒ වගේම බටහිර බලවේග දුකෙන් ඉන්නේ. මොකද දුර්වල ආණ්ඩු තියෙද්දී, දුර්වල නායකයො ඉන්නකොට ඔවුන්ගෙ කලාපීය දේශපාලන අවශ්‍යතා ඉටුකර ගන්න ලේසියි.
මේ අරගලය ඇතුළේ ජාත්‍යන්තර ජාලයක් තිබුණෙ නැද්ද?
පැහැදැලිවම නෑ. ජාත්‍යන්තර ජාලයක් තිබුණා. කොහොමද දන්නවද? අපේ රටෙන් පිටට ගිහින් ඉන්න, ඩයස්පෝරාවෙ ඉන්න සිංහල දෙමළ ජනතාව මේ අරගලය එක්ක අඛණ්ඩව හිටියා. උද්ඝෝෂණයෙන් ඔවුන් අරගලයට සම්බන්ධ වුණා. ඒ ලාංකික ජනතාව. ඔවුන් ඒ රටවල හිටපු ප්‍රගතිශීලී සංවිධාන.
කොච්චර සල්ලි ඔබේ අතින් ගියාද?
ඔබ අහපු ප්‍රශ්නෙ හොඳයි. මේකට මුදල් දැම්මේ මේ රටේ ජනතාව. අපි දන්නවා මේ රටේ ජනතාව තමයි ගෝල්ෆේස් අරගලය ඉතා දුෂ්කර අඩියකට ගිහින් තියෙන වෙලාවක අරගලකරුවන්ට ආහාර ටික, මූලික අවශ්‍යතා ටික ඉටු කළේ. ඒ නිසා මේ රටේ ජනතාව තමයි මේකට සම්පූර්ණ ආර්ථික බරපැන දැරුවේ.
ගුණරත්නම් සහෝදරයා මට කෙළින් උත්තරයක් ඕනෙ මම අහන්නෙ ඔබ ඇත්තටම කවුද? ඔබ ප්ලේ කරන්නේ ඩබල් ගේම් එකක්ද? ඔබ ඔස්ටේ්‍රලියාවෙ ධන කුවේරයෙක්ද?
ඇත්තටම මට ඔස්ටේ්‍රලියාවට යන්න වුණේ රාජපක්ෂ රෙජීමයේ බලපෑම මැද්දේ ජීවිත ආරක්ෂාව සඳහා. ඒ යන්න වෙච්ච නිසා අපට එහි ජීවත් වෙන්න වුණා. එහෙ තියෙන ආර්ථික තත්ත්වයන්, රැකියා තත්ත්වයන් එක්ක මගේ බිරිඳ, දරුවන් ජීවත් වෙනවා. ඔවුන් සමහර විට ලංකාවට එන්නත් ඉඩ තියෙනවා. ඒක වෙනම කාරණයක්. නමුත් ඔබ කියන ආකාරයට මම ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය කරලා, අපේ දේශපාලන මතභේද නිසා අපට සිදුවුණා පෙරටුගාමී සමාජවාදී පක්ෂය ගොඩනගන්න. කොයි වෙලාවකවත් අපේ දේශපාලනය වෙනසක් වෙලා නෑ. මම 1981 පක්ෂයට සම්බන්ධ වෙච්ච මොහොතේ සිට අද වනතුරු වාමාංශික දේශපාලනය ජනතාවාදී දේශපාලනය, ජනතාව කොහොමද ආර්ථික, දේශපාලන වශයෙන් බලගන්වන්නෙ, කොහොමද රටේ ඔඩුදුවන ජාතික ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම නිරාකරණය කරගන්නෙ කියන තැන ඉඳලා තමයි දේශපාලනය කරන්නේ.
ඔබ එදත්, අදත්, හෙටත් විශ්වාස කරන්නේ, ඔබේ ජීවිතයේ එකම දේශපාලන දහමයි. ඒ, සන්නද්ධ අරගලය?
මෙහෙමයි. මම හිතනවා අපේ ජනතාව මේක අත්දැකීමෙන් වටහාගෙන තියෙනවා. අපි වසරකට දෙකකට කලින් අරගලය ජීවිතයේ කොටසක් කරගමු කිව්වාම ඒක දුර ඉලක්කයක්, පිළිගන්න අමාරු කාරණයක් වුණා. අද වෙද්දී අපි දැක්කා පහුගිය මාස හයේ මේ රටේ ජනතාව උදේ වැඩට යනවා, හවස තෙල් පෝලිම්වල ඉන්නවා, ළමයින්ගේ කටයුතුවලට යනවා, ඊට පස්සේ ඔවුන් අරගලයට සම්බන්ධ වුණා. ජීවිතයේ කොටසක් බවට පත්කරගත්තා අරගලය. ඒකයි අපි මේ රටේ ජනතාවට කියන්නේ ඡන්දෙ දීලා පැත්තකට වෙලා ඉන්න එපා. මේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ඇතුළේ ඇත්ත ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සාක්ෂාත් කරගන්න බෑ. ඒ නිසා ඡන්දෙ දෙන්න. ආණ්ඩු පත්කරගන්න. හැබැයි තමන්ගෙ දේශපාලන අයිතිය රඳවා ගන්නා ක්‍රියාවලියකට දෛනිකව සහභාගි වෙන්න. අවුරුදු පහකට සැරයක් ඡන්දෙ දීලා පැත්තකට වෙන්නෙ නැතුව, අවුරුදු පහ පුරා දේශපාලනය කරන ව්‍යුහයන්ට එකතු වෙන්න. අපි පාර්ලිමේන්තුවෙන් එළියෙ ජනතා බලයක් කියන්නේ ඒකට.
ඒ කියන්නේ ආයුධ සන්නද්ධ අරගලයක්?
නෑ. පැහැදිලිව අපි දැක්කා 09 වැනිදා සිදුවුණේ සන්නද්ධ අරගලයක් නෙවෙයි තිබුණේ.
එහෙනම් රනිල්ගෙ ගෙදර ගිනිතිබ්බෙ කවුද?
අපි දන්නෙ නෑ.
එහෙම කියන්න බෑ. අරගලයක් කළා නම් හැම දේකටම උත්තරයක් ඔබට තියෙන්න ඕනෙ.
මම ඊයෙ ගියා ජාතික රෝහලට අරගලයේ තුවාල වෙච්ච සහෝරයන් බලන්න. පහරකෑ මාධ්‍යවේදීන් බලන්න. ඒ සමහර මාධ්‍යවේදීන් කිව්වෙ හරිම ගුප්තයි එදා විස්සක් විතර ඇවිල්ලා උද්ඝෝෂණය කරද්දී එතැන හිටපු පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් ඉතා කෘත්‍රිම ලෙස හැසිරුණා කියලා. ඒ කියන්නේ ඔවුන් කිසිම හේතුවක් නෑ ඒ තරම් ප්‍රචණ්ඩ ලෙස හැසිරෙන්න. අපි දැක්කා සිරස මාධ්‍යවේදීන්ට ප්‍රහාර එල්ල කරපු හැටි. තෝරාගෙනයි පහරදීම කළේ. හරිම කෘත්‍රිමයි. අනවශ්‍ය පහරදීමක්. අපට තේරෙනවා මෙතැන යම්කිසි කුමන්ත්‍රණයක් වෙන බව. මොකද අපි දැක්කා මැයි 09 කුමන්ත්‍රණය. එදා සාමකාමී අරගලයට පහරදීලා නැවත ප්‍රතික්‍රියාවක් බලාපොරොත්තු වීමෙන්, ඒ ප්‍රතික්‍රියාව යන්න ඇරලා ඒක වළක්වන්නෙ නැතුව, ආරක්ෂක ලේකම්, යුද හමුදාපති, පොලිස්පති, ජනාධිපති තමන්ගෙ බලය ආරක්ෂා කරගැනීම සඳහා ඒක පාවිච්චි කළා. මට සැකයක් තියෙනවා එදා රනිල් වික්‍රමසිංහගෙ ගේ ගිනිතැබීම පිටිපස්සෙත් මෙවැනි අරමුණක් ක්‍රියාත්මක කරන්න කවුරු හරි උත්සාහ කළා කියලා.
ඒ කියන්නේ කුමන්ත්‍රණයක් තිබුණා?
පැහැදිලිව.
පොලිසියෙ හැසිරීම සැකසහිතයි කියලා කිව්වේ ඒ කියන්නේ පොලිසිය රනිල්ගෙ ගෙදරට ගිනිතිබ්බා කියන එකද?
පොලිසියේ නිලධාරීන් විශාල පිරිසක් ඉන්නවා. ඔවුන්ගෙ බහුතර මතය අපි අඳුනනවා. ඔවුන් සියලු දෙනා මේ රටේ ධනයෙන් අධ්‍යාපනය ලබපු පිරිස්. ඔවුන්ගෙ චේතනාව ගැන අපට අදහසක් තියෙනවා. නමුත් හැම වෙලේම කිහිප දෙනෙක් තමන්ගෙ හෙංචයියො පාවිච්චි කරලා දේශපාලන මැර ක්‍රීඩාවෙ යෙදෙන ඉතිහාසයක් සංස්කෘතියක් අපේ රටේ තියෙනවා. ඒ නිසා මේක පිටිපස්සේ එවැනි උත්සාහයක් තිබුණු බව දැනටම සමාජ මාධ්‍යවල තොරතුරු බැලුවාම පේනවා.
ඒ කියන්නේ රනිල්ගෙ ගෙදරට ගහපු එක කුමන්ත්‍රණයක්?
පැහැදිලිව. මෙතරම් ලක්ෂ ගණනක් ජනතාව ජනාධිපති මන්දිරය, ලේකම් කාර්යාලයෙදි වෙඩි තියද්දී, ජීවිත තර්ජන එද්දී ගල් කැටයක් උස්සන්නෙ නැතුව ඉතා සාමකාමී ලෙස හැසිරිච්ච ජනතාවක් හදිසියේ එකපාරම ගිහින් රෑ රනිල් වික්‍රමසිංහ මහත්තයගේ ගේ ගිනිතියන්න ඕනෙකමක් තියෙනවා කියලා.
ඒ කියන්නේ මේ ප්‍රහාරය අරගලකරුවන්ගෙ ප්‍රහාරයක් නෙවෙයි?
අරගලකරුවන්ගේ අරගලය දුබල කිරීම සඳහා සැලසුම්සහගතව දේශපාලන තන්ත්‍රය විසින් බලයේ ඉන්න උත්සාහ කරන පිරිසක් විසින් ගන්නා ලද උත්සාහයක්. මම හිතනවා ඉදිරි දින කිහිපය තුළ මේකෙ සත්‍යය දිගහැරගන්න පුළුවන්.
ඒ කියන්නේ පැහැදිලිව මේ ප්‍රහාරය ආණ්ඩුව විසින්ම එල්ල කරපු ප්‍රහාරයක්?
ආණ්ඩුව කියලා කිව්වාම ආණ්ඩුව කියන්නෙ මොකක්ද කියන එක ගැනත් ප්‍රශ්නයක් තියෙනවා. ආණ්ඩුවෙ ජනාධිපති ආගිය අතක් නෑ. 69 ලක්ෂයක් ඡන්දෙ ගත්ත ජනාධිපතිවරයා තමන් ඉන්න තැන කියන්නෙ නැති තත්ත්වෙකට පත්වෙලා. අපි දන්නෙ නෑ පොදුජන පෙරමුණේ හිටපු ඇමැතිවරු ඉන්නෙ කොහෙද කියලා. ඒ නිසා ආණ්ඩුව කියලා කිව්වාම මේකෙ විවිධ කණ්ඩායම් ඉන්නවා. තම තමන්ගෙ බලය රැකගැනීම සඳහා විවිධ නූල් සූත්තර අදින අය ඉන්නවා. දැන් ජනාධිපතිවරයාට හිමි ජන වරම අහිමි වෙලා තියෙන්නේ. ඒක ජනතාව තහවුරු කරලා තියෙනවා. ඒ නිසා කවුරු හරි හිතනවා නම් පාර්ලිමේන්තුවෙ බහුතරයක් ඉන්න පොදු ජන පෙරමුණේ නියෝජිතයන්ට පාර්ලිමේන්තුව ඇතුළේ සෙල්ලම් කරන්න පුළුවන් කියලා, දැන් ඒ ජනමතයත් අහෝසි වෙලා ඉවරයි.
ජනාධිපති 13 වැනිදා යනවා කියලා කියනවා. ඒ ගැන විශ්වාසයක් තියෙනවද?
නෑ. ස්ථිරවම මේ ජනාධිපති මේ රාජපක්ෂවාදය, ඒ අනුව යන රනිල්ලගෙ දේශපාලන ක්‍රීඩාව ගැන අපට සත පහකවත් විශ්වාසයක් නෑ. ඒ නිසා අනිවාර්යයෙන් 13 වැනිදා යැවිය යුතුයි. නමුත් අපි කියනවා ඔබගේ ජන වරම අවසන්.
ගියෙ නැත්නම්?
අපි දැක්කනෙ මැයි 09වැනිදා මොවුන් කුමන්ත්‍රණ කරලා ආයෙත් බලයෙ ඉන්න උත්සාහ කළානෙ. නමුත් මොකද වුණේ? ආපහු මාස දෙකකින් ඔහුට නැවත බරපතළ ජනතා විරෝධයකට ලක්වෙන්න සිදුවුණා.
රාජපක්ෂ විරෝධය ජවිපෙ සහ පෙරටුගාමීන් තමන්ගෙ බලය ලබාගැනීමේ මාර්ගය බවට පත්කර ගත්තා?
මේ රටේ ජනතාවට මොකක්ද ඕනෙ කියන එක ජනතා හදගැස්ම අනුව තීරණය කරන්න පුළුවන්. ඒ නිසා මේක පෙරටුගාමී සමාජවාදී පක්ෂයට හෝ වෙන කණ්ඩායමක අවශ්‍යතාවක් නෙවෙයි, මේක පොදු ජනතාවගේ අරගලයක්. මේක සාමාන්‍ය 47%ක් විතර එදිනෙදා ආර්ථික කටයුතුවල යෙදෙන බහුතර ජනතාවගේ ප්‍රශ්නයක් විතරක් නෙවෙයි. අද වෙද්දී යම් කිසි ආර්ථික හැකියාවක් තිබුණු ව්‍යාපාරිකයා දක්වාම, රජයේ සේවකයො, අනෙකුත් සියලු වෘත්තීන් දක්වාම මේක ඔඩුදුවලා තියෙනවා. ඒ නිසා මේ සියලු දෙනාගේම අපේක්ෂාව තමයි මේ රාජපක්ෂකරණය, රාජපක්ෂවාදය පහුකරලා, පරාජය කරලා, රටේ ප්‍රජාතාන්ත්‍රීය බලවේගයන් ශක්තිමත් කරන, ප්‍රජාතනාත්න්‍රීය ප්‍රතිසංස්කරණ වහාම ගෙනල්ලා ආර්ථික සහන ගේන එක.
රාජපක්ෂලාව ගෙදර යවන්නේ එතැනට සජිත්ව, එතැනට චම්පිකව, එතැනට මෛත්‍රීපාලව, ඩලස්ව, අනුර කුමාරව, ෆොන්සේකව, මහින්ද යාපාව ප්ලාන්ට් කරන්නද?
මෙතැන තියෙනවා හරි ලස්සන කරුණක්. අපේ රටේ සබුද්ධික ජනතාව මේක වටහා ගන්න ඕනෙ. මේ අරගලය ජයග්‍රහණය කරන වාරයක් පාසා අරගලයට හිමි දේශපාලන සුජාතභාවය වර්ධනය වෙනවා. ඒක දැනට මාස හයකට කලින් තිබුණු තත්ත්වයක් නෙවෙයි. දැන් අරගලයට වෙනත් දේශපාලන බලයක් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මේ දේශපාලන බලය සහිතව තමයි ලංකාවෙ ඉදිරි කාලයේ දේශපාලන කටයුතු දිගහැරෙන්නේ. ඒ නිසා අරගලය විසින් නිර්මාණය කරන ජන බලය දැන් සක්‍රීයයි. ඒ ජන බලය ඉදිරිපත් කරන ඉල්ලීම් තියෙනවා. ඒ නිසා ඔබ නම්කරපු ආකාරයේ පුද්ගල නාමයන් ඕනෙ තරම් තියෙන්න පුළුවන්. කෙනෙක් අහනවා තාක්ෂණික උත්තරයක්. ජනාධිපති ගියාට පස්සේ වෙන කෙනෙක් වැඩ බලන්න එනවා, මාසයක් තුළ පාර්ලිමේන්තුවෙන් කෙනෙක් පත්කරනවා, මේවා ඔක්කොම තාක්ෂණික උත්තර.
මගේ ප්‍රශ්නය රාජපක්ෂ වෙනුවට සජිත් ප්ලාන්ට් කරන්න හරි, රාජපක්ෂ වෙනුවට අනුර කුමාර ගේන එක ද ප්ලෑන් එක?
ස්ථිරවම නෑ. ඒකට හේතුවක් තියෙනවා. රාජපක්ෂ වෙනුවට කෙනෙක් ගෙනල්ලා හරියන්නෙ නෑ. දැන් ගේන්න තියෙන්නේ රාජපක්ෂවාදය පරාජය කරපු, රාජපක්ෂවාදය තිබිච්ච දේශපාලන ආර්ථික ප්‍රතිපත්ති පරාජය කරපු, මේ ක්‍රමය එපා කියලා කියන ජනතාවගේ අභිලාෂයන් ඉටුකරන්න පුළුවන්, ඒ අභිලාෂයන් එක්ක සම්මුතිගත වෙන පිරිසකට විතරයි ඉස්සරහට ආණ්ඩුව ගෙන යන්න පුළුවන්.
ඒ පිරිස පාර්ලිමේන්තුව තුළ ඉන්නවද?
අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුව ඇතුළෙ ඉන්න පිරිසගෙන් නඩත්තු කරන්නත් පුළුවන්, එහෙම නැත්නම් පිටින් කෙනෙක් සම්බන්ධ කරගෙන කරන්නත් පුළුවන්.
දැන් මෙතැන නම් කිහිපයනෙ තියෙන්නේ. සජිත්, ඩලස්, චම්පික, ෆොන්සේකා. මේ නම් කිහිපයට ඔබ එකඟද?
එතැන මම පොඩි වෙන්කිරීමක් කරන්නම්. පළමු කාරණය ගෝඨාභය ජනාධිපතිවරයාට තම ජනමතය අහිමි වෙලා තියෙනවා. ඒ නිසා පාර්ලිමේන්තුවේ මෙතෙක් ආණ්ඩුව කරපු අයටත් ඒ ජනමතය අහිමියි. ඔවුන් අසාර්ථකයි. ඒ නිසා පොදුජන පෙරමුණේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ ආණ්ඩුව කරගෙන ගිය සියලු දෙනාටම පහුගිය අවුරුදු කිහිපය තුළ ජනමතය අහිමි වෙලා තියෙනවා.ඒ නිසා අනිවාර්යයෙන්ම ඒ පිරිස නැවත සැරයක් මේ ව්‍යවස්ථාවෙ හිල් පාවිච්චි කරලා ආණ්ඩු අටවන්න යනවා නම් ඒ සම්බන්ධයෙන් ජනතාවගේ බරපතළ විරෝධයක් ගොඩනැගෙන්න පුළුවන්. ඒ නිසා අරගලයේ මූලික අභිප්‍රායන්, කොන්දේසි, ඉල්ලීම් මේ කියන සියල්ල සමග සම්මුතිගත වෙන නව කණ්ඩායමකට තමයි මේක ඉටු කරන්න පුළුවන්. කවුද ඒ කණ්ඩායම? ඒ කණ්ඩායමට දෙන නිර්වචනය තමයි අරගලයේ අභිප්‍රායන් සමග සම්මුතිගත වෙන පිරිස. ඒ පිරිස ඒ, බී, සී, ඩී. ඕනෙ කෙනෙක් වෙන්න පුළුවන්.
එතකොට ඔබ මොකක්ද ඊයෙ පෙරේදා කිව්වේ ඔක්කොටම ඉහළින් මහජන කවුන්සිලයක් තියෙන්න ඕනෙ කියල?
දැනටමත් අපි අපේ මහජන කවුන්සිලය සම්බන්ධ යෝජනාව කොහොමද සංවිධාන වෙන්නේ කියන එක තමයි අපි ඒකෙන් කිව්වේ. ඒක දිගුකාලීන ගමන තමයි අපේ රටේ ජනතාවත් වටහා ගන්න ඕනෙ. ගම් මට්ටමෙන්, නගර මට්ටමෙන්, විවිධ වෘත්තීන් මට්ටමෙන් ජනතාව ඒකරාශී වෙච්ච ජන අරගල සභා හරහා ඒ සභාවල ගොඩනැගෙන දිස්ත්‍රික්, පළාත් සහ ජාතික නියෝජනයක් එක්ක තමයි මේ ජාතික කවුන්සිලය හැදෙන්නේ. ඒක ව්‍යවස්ථාවෙ නීතියක් වෙන්න අවශ්‍ය නෑ. හැබැයි දැනට පහළ සිට එන එවැනි ව්‍යුහගත වීමකින් අරගලය හැමදාම ගෝල්ෆේස් එකේ තියෙන්න බෑ. අරගලය ජනතාවගෙ සංවිධාන බලයක් බවට පත්වෙන්න ඕනෙ.
අරගලකරුවන් කියනවා අරගලකරුවන් සමග නෛතික බැඳීමක් ඇතිකර ගන්න ඕනෙ කියලා?
අන්න ඒ බලය දැනට ආරම්භ කරන්න වෙනවා. ඒ කවුන්සිලයෙ මූලික පදනම තමයි අරගලයත් එක්ක ඉදිරිපත් කරලා තියෙන වැඩපිළිවෙළ.
ඒ කියන්නේ කොයි ආණ්ඩුව ආවත් ඒකෙ පාලනය ගුණරත්නම්ගෙ අතට ගන්නයි හදන්නේ?
නෑ. ඒක ගුණරත්නම්ගේ හෝ පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙ නෙවෙයි. අනිවාර්යයෙන් මේ රටේ වැඩකරන ජනතාව නියෝජන කරන වෘත්තීය සමිති, ගොවි සමිති, නීතිඥ සංගම්, වෘත්තීයවේදීන්ගේ සංගම්, මාධ්‍ය සංගම්, කලාකරුවන්ගේ සංගම් සියල්ල ඒකාබද්ධ කරගෙන ඔවුන් සියලු දෙනා සමග මේ වැඩපිළිවෙළ සාකච්ඡා කරලා ඉදිරියේදී මාස හයකින්, අවුරුද්දකින් කරන්න ඕනෙ අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒම සඳහා ජනමත විචාරණයක් දක්වා යන වැඩපිළිවෙළට එකඟ වෙන පිරිස් එක්ක හැදෙන ජාතික කවුනිසිලයත් එක්ක හැදෙන තාවකාලික ආණ්ඩුව සම්මුතිගත වෙන්න ඕනෙ.
ඔබ ජාත්‍යන්තරයෙ කවුරුන් හෝ විසින් ප්ලාන්ට් කරපු චරිතයක්. අරගලය පටන්ගන්නේ දැන් මිසක්, අරගලය අවසන් යැයි විශ්වාස කරන්න බෑ. රට ඇෆ්ගනිස්තානයක් කරන්න, ලිබියාවක් කරන්න කොන්තරාත්තුව ඔබට භාර දුන්නේ කවුද?
රට සෝමාලියාවක් කරපු රට ලිබියාවක් කරපු රාජපක්ෂ පාලනය මේ රටේ 74 වසර දුර්දාන්ත පාලනය අවසන් විය යුතුයි. ඒ නිසා ඔබ කිව්වා වගේම ජාත්‍යන්තරය ගැන කියද්දී මම අංක එකටම ජාත්‍යන්තරවාදියෙක්. මම ලාංකිකයෙක්. ඒ වගේම මම ජාත්‍යන්තරවාදියෙක්. ඒ නිසා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සියලු දෙනාමත්, රටේ වාමාංශික සියලු දෙනාමත් වාමාංශිකවාදීන්. ඒ නිසා ලොව පුරා විසිරිලා ඉන්න වැඩකරන ජනතාව සියලු දෙනා සමග ඒකාබද්ධ වෙලා ඒ ජාත්‍යන්තරවාදය ඉස්සරහට ගේන්න ඕනෙ. ඔබ කිව්වා හරි. අරගලය ආරම්භ වුණා විතරයි. අරගලයෙ ජනතා බලය ස්ථාවර ජනතා බලයක් බවට පත්වෙන, පාර්ලිමේන්තුව ඇතුළෙ වෙන බලයක් තියෙන, ඒ අතර එළියෙ වෙන බලයක් අඛණ්ඩව ක්‍රියාත්මක වෙන ක්‍රියාකාරී තත්ත්වයකට සමාජය තල්ලු කරගැනීම සඳහා වෙච්ච අරගලය මෙතැන් පටන් ඉදිරියට යනවා.
මේකෙ මූලික හැඩතල අරගලකරුවන්ට විටින් විට ලියා දුන්නේ ඔබද?
අරගලයෙ නිරත සහෝදර සහෝරියන් විශාල කැපකිරීම් කරලා තියෙනවා. ඒ නිසා අපි හැම කෙනෙක්ම සාමූහිකව තමයි මේ අරගලය තුළ කටයුතු කළේ. ඒ වගේම නැවත මම කියන්නේ කොයි වෙලාවෙවත් මේ අරගලය සක්‍රීය දායකත්වය සහ ඒකෙ අවශ්‍ය ඕනෑම කැපකිරීමක් කරමින් අරගලය තුළ නිමග්න වීමේ වගකීම අපි ගන්නවා වගේම මේ අරගලය මුළුමනින්ම ජනතාවගෙ අරගලයක්, මුළුමනින්ම ජනතාවට තමයි මේකෙ අයිතිය හිමිවෙන්න ඕනෙ. ඒ අයිතිය සංවිධානාත්මකව කොහොමද ශක්තිමත් තැනකට ගෙනයන්නෙ කියන එක සම්බන්ධයෙන් අපි දැවැන්ත මැදිහත්වීමක් කරනවා.
මුළු ආරක්ෂක බළමුලු තරකරලා තියෙද්දී ජනාධිපති මන්දිරය වටා අර සා විශාල සන්නාහ සන්නද්ධ ප්‍රමාණයක් සිටියදී පාලනයෙන් ගිලිහුණාද මේ සා විශාල ජන ගංගාවක් ඉදිරියේ, නැත්නම් ත්‍රිවිධ හමුදාව පාලනයෙන් මේක අතහැරියද? ඔවුන් අරගලය සමග හදවතින් එකතු වුණාද?
ඇත්තටම ගත්තතොත් ජනතා අරගල සහ ජනතා බලය කියන එක සම්බන්ධව අපි හැම වෙලේම පොත්වලින් ඉගෙන ගත්තට ඒක ප්‍රායෝගිකව මහ පාරට ආවට පස්සේ තමයි අපි ඒක අත්දකින්නේ. ඒ නිසා අපි හිතනවා සෑම සියලු දෙනෙක්ම ආරක්ෂක අංශයෙ විතරක් නෙවෙයි, දේශපාලනඥයො, ආණ්ඩු කරපු අය මේ සියලු දෙනාම ජනතා බලය කියන්නේ මොකක්ද කියන එක තේරුම් ගත්තා. ඒක තමයි මෙතැන තියෙන පළමු කාරණය. ඒ නිසා තමයි මේ තරම් සන්නාහ සන්නද්ධ බලයක් තියෙන තැනක පවා ජන බලය කොහොමද ජයග්‍රහණය කරන්නෙ කියන අත්දැකීම අපි ලබාගත්තේ.
ඒ කියන්නේ ආරක්ෂක අංශ අරගලකරුවන් සමග එකතු වුණා?
නෑ. එහෙම කියන්නේ නෑ. ආරක්ෂක අංශවල ඉන්න බහුතරයක් දෙනා, අපි දන්නවා ස්ථිරවම, පොලිසියෙ හමුදාවෙ ඉන්නේ සාමාන්‍ය ජනතාවගෙන් සැදුම්ලත් බහුතරය. මේ අරගලයේ දේශපාලන අරමුණත් එක්ක ප්‍රතිවිරෝධී නැහැ. ඔවුන්ගේ ගෙදර කුස්සියෙ, ගෙවල්වල තියෙන ප්‍රශ්න ඔවුන් දන්නවා. ඒ නිසා ඔවුන් රැකියාවක් කරනවා. නමුත් මේ අරගලයේ දේශපාලන අභිලාෂයන් එක්ක ඔවුන්ට බරපතළ ප්‍රශ්නයක් නෑ. ඒකත් මේකෙ ප්‍රධාන සාධකයක්.
සැකසුම – චානක ලියනගේ