• About us
  • Contact us
Monday, July 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තීරණාත්මක වෙලාවක ‘කුමාර් ගුණරත්නම්’ එළියට එයි! අරගල ගැන ඡන්ද ගැන පෙරළි ගැන කතාවක් කරයි! සිග්නල් ගොඩක් කතාව ඇතුළෙ තියෙනවා වගේ! (VIDEO)

November 21, 2022
in Exclusive
Reading Time: 6 mins read
A A
ජන අරගලය විකෘති කරන්න හදනවා! ස්වාධීන යැයි කියන කණ්ඩායමේ නිරුවත එළියට ආවා! උන්ට ඕනේ ගෝඨා බේරගන්න! ජන්දයක් නොතියා අන්තර්වාර පාලන දාගෙන ඇදගෙන යන්න! සජබෙත් තැටිය වෙනස් කරන්න හදනවා! දැන් ගෝඨලා එක්ක ආණ්ඩු හදන්න හදනවා! අරගලයේ නියමුවා කුමාර් මහත්තයා එළියට ඇවිත් බරපතළ පණිවුඩයක් දෙයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

මහ මැතිවරණයත්, නව ජනතාවාදී ව්‍යවස්ථාවක් සඳහා ජනමත විචාරණයත් එකවර පැවැත්විය යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් මහතා පැවසීය.

මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පෙන්වා දුන්නේ නැවත වතාවක් ජනාධිපතිවරයා පෙර තිබූ අසාර්ථක ආර්ථික දැක්ම පෙරදැරි කොටගෙන අයවැයක් ඉදිරිපත් කොට ඇති බවකි.

එහිදී ඒ මහතා මෙසේද පැවසීය.

අයවැය යෝජනා ගෙන එමින් රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරන්නේ විවෘත ආර්ථිකය ලෙස වසර 44කට පෙර හඳුන්වා දුන් ක්‍රමයම තවදුරටත් ඉදිරියට ගෙන යාමට අපේක්ෂා කරන බවයි.
බොහෝ පාර්ශ්ව විසින් මැතිවරණයකින් සියල්ල වෙනස් කළ හැකියි කියන අදහසක්, මිත්‍යාවක් සමාජ ගතකරමින් සිටිනවා. ඒ සඳහා විපක්ෂයේ කන්ඩායම් විශාල වෙහෙසක් ගනිමින් ඉන්නවා.
ඒ එක්කම ආණ්ඩුව විසින් සහ විපක්ෂයේ සමහර පක්ෂත් මේ ආර්ථික අර්බුදයෙන් මිදෙන්න වගේම රට සුඛිත මුදිත කරන්නත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ යෝජනා ක්‍රියාත්මක කිරීමෙන් පුලුවන් කියන මිත්‍යාවක් සමාජගත කරමින් ඉන්නවා.

එක් දෙයක් පැහැදිලියි, මේ වන විට අලේ සමාජය මුහුණ දෙමින් සිටින බරපතළ සමාජ ආර්ථික අර්බුදය, දේශපාලන අර්බුදය විසඳන්න මේ පස්ස දොරෙන් බලයට ආව රනිල් වික්‍රමසිංහට හෝ ඔහු සමග ඉන්න ජනවරම ප්‍රතික්ෂේප වූ පිරිසට නොහැකියි. ඒ නිසා ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තමන්ගේ නියෝජිතයන් තෝරාගැනීමේ අවස්ථාවක් දිය යුතුයි. ඒ සඳහා මැතිවරණයක් පැවැත්වීම අවශ්‍යයි. නමුත් අපි දන්නවා මේ තිබෙන තත්වය යටතේ එවැනි මැතිවරණයක් කියන්නෙත් නැවත බලය ආරක්ෂා කරගන්න දෙන අවස්ථාවක්.

අපි කියනවා, මේ මොහොතේ අපේ රටේ යම් හෝ දේශපාලන වෙනස්කමට මග පාදන ලද ප‍්‍රධානතම දේශපාලන සාධකයක් වුණේ මහජන අරගලයයි. මහජන නැගිටීමයි. මේ අරගලය මගහරිමින් ලාංකීය දේශපාලනයේ වත්මන් මොහොත් කියවාගැනීමට උත්සාහ දැරීම යනු යථාර්ථයට පිටුපෑමක් බව අපි කියනවා. මේ වනවිට ආණ්ඩුව විසින් ගෙන යන අරගලකරුවන් මර්දනය කිරීමේ තත්ත්වය නිර්මාණය වී තිබෙන්නෙත් බලය රැකගැනීමේ අභිලාෂයෙන්. අරගලයට එරෙහි ක්‍රියාමාර්ග සියල්ල එහි ප්‍රකාශනයක්.

එනිසාම මේ වනවිට මහ මැතිවරණය හරහා මහජන මතය පිරික්සීමට විවිධ පාර්ශ්වයන් විසින් කරන යෝජනාව අරගලයේ ඉදිරි වර්ධනයන් සමග සමපාත විය යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය හැටියට අප දරණ අදහසයි.

මහ මැතිවරණයක් සම්බන්ධයෙන් මේ වනවිට සමාජයේ ඉල්ලීමක් කෙරෙමින් තිබෙනවා. දේශපාලන පක්ෂ ඒ වෙනුවෙන් මැදිහත් වෙනවා. අපි කියන්නෙ ජූලි 20 න් පසු, රනිල් වික්‍රමසිංහ පස්ස දොරෙන් බලයට ආවම, ඔහුට ජනවරමක් නැති බව කිසිදු විවාදයක් නෑ. නමුත් කිසිදු මැතිවරණයට පොදු පෙරමුනේ හා ආණ්ඩු පක්ෂයේ කැමැත්තක් නැති බව රටම දන්නා දෙයක්. එනිසා මැතිවරණයක් නොපවත්වා තවදුරටත් බලයේ සිටීමට ඔවුන් හැකි සෑම උත්සහයක්ම දරනු ඇති. පළාත් පාලන ඡන්දය කල් දැමීමට ඇති සූදානම තුළ පෙන්නුම් කරන්නත් මෙයයි. මැතිවරණයක් පැවැත්වීම අවශ්‍යයි. නමුත් අපි දන්නවා මේ තිබෙන තත්වය යටතේ එවැනි මැතිවරණයක් කියන්නෙත් නැවත බලය ආරක්ෂා කරගන්න දෙන අවස්ථාවක්.

නව ජනමතයක් පරීක්ෂා කිරීම පවත්නා සංදර්භය තුළ අනිවාර්යක් වගේම අරගලයේ ජනතා ඉල්ලීම් වෙනුවෙන් කරන මැදිහත්වීමක් මැතිවරණයකදී අදාළ කරගත යුතුයි. ඒක සිදු කළ හැකි වන්නේ අරගලය තුළ ඉදිරිපත් වූ මේ රටේ ජනතාවගේ දේශපාලන අභිලාෂයන් මහ මැතිවරණයකදී සම්බන්ධ කරගැනීමක් තුළයි. ඒ වෙනුවෙන් පක්ෂයක් ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ යෝජනාව වන්නේ මහමැතිවරණය සහ ජනමත විචාරණයක් එක්ව පැවැත්වීමයි.

එවැනි මැතිවරණයක් අරගලය සමග අනිවාර්යයෙන් සම්බන්ධ වෙනවා. අද වනවිට ගෝල්ෆේස් අරගලයේ ඉල්ලීම්වල ඉදිරියක් ලෙස පාර්ලිමේන්තුවෙන් පිටත ජන බලයක් ගොඩ නැගීම පිළිබඳ කතිකාව ජනසමාජයේ කතාබහක් බවට පත් වෙලා. මේ කතිකාවම ජනසහභාගි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් සඳහා දේශපාලන වැඩ පිළිවෙලක් බවට පත්වෙමින් තිබෙනවා. අරගලයට සම්බන්ධ විවිධ පාර්ශ්ව වගේම පොදු සමාජයේ අයත් ඒ කතිකාවට සක්‍රිය ලෙස සහභාගි වෙමින් සිටිනවා.

පාර්ලිමේන්තුවෙන් එළියේ බලයක් පිළිබඳ මතු වූ යෝජනාව අපි පක්ෂයක් ලෙස පිළිගනිමින් ජනසහභාගි ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙළක් ලෙස ඊට සහයෝගය පළ කරනවා. පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෙස අපේ පක්ෂයේ සමාජවාදී ප්‍රතිපත්තියක් වෙනුවෙන් ස්ථාවරයන් තිබෙනවා. ඒ අරමුණ ජයග්‍රහණය කිරීම සඳහා වන වැඩපිළිවෙළක් අනුව අපි පක්ෂයක් ලෙස වැඩකරමින් ඉන්නවා.
අපගේ දේශපාලන වැඩපිළිවෙළක් වුවත් මෙවැනි ප‍්‍රයත්නයන් සාධනීය දේශපාලන වර්ධනයක් වශයෙන් අප දිගින් දිගටම මේ වෙනුවෙන් පෙනී සිටිනවා. වත්මන් අර්බුදයට මුහුණ දීම සඳහා අප ඉදිරිපත් කරන වැඩපිළිවෙළද අරගලයේ ඉදිරි ගමන විසින් ඉදිරිපත් වන වැඩ පිළිවෙළවෙළ හා අඩංගු කරගත් එකක්.

ගෝල්ෆේස් ප‍්‍රකාශනයේ තිබෙන අරගලකරුවන් පොදුවේ සාකච්ඡා කරමින් විසින් ඉදිරිපත් වූ යෝජනා මාලාව මෙහිදී අවධානයට ගත යුතුයි. නව ජනතාවාදී ව්‍යවස්ථාවක් සහ අනෙකුත් ආර්ථික ප‍්‍රතිසංස්කරණ යෝජනා සහිතව මෙවැනි ජනතාවාදී ව්‍යවස්ථාව පිළිබඳ කතිකාව මැතිවරණයට සම්බන්ධ කරගත යුතුයි.

අරගලයේ දේශපාලනය මග හැර සමස්ථ අර්බුදයට විසඳුම පැරණි ආකාරයේ මහ මැතිවරණ පවත්වන ඉල්ලීමකට පමණක් ඌනනය කිරීම දේශපාලන වරදක් ලෙස අපි දකිනවා. ඒ නිසා ලාංකීය ඉතිහාසයේ සිදුවූ දැවැන්තම දේශපාලන සංසිද්ධිය වූ මහජන නැගිටීම නොසලකා හැරීම, ඒ මහජන නැගිටීම තුළ පොදු මහ ජනතාව සිදු කළ කැපකිරීම් සියල්ල අවතක්සේරු කිරීමක් ලෙස එවැනි දේශපාලන වරදක් වනු ඇත. අප පෙරටුගාමී සමාජවාදී පක්ෂය එම වරද වීමට ඉඩ නොදීමට තීරණය කර ඇත්තෙමු.

අරගලය මගින් ඉදිරිපත් වූ දේශපාලන අභිලාෂයන් නැවත වරක් විපක්ෂයේ දේශපාලන පක්ෂ හෝ පක්ෂ නායකයින් කිහිප දෙනෙක් තුළින් නිරූපනය කරනවා වැනි බොළඳ අදහසක් ඉදිරිපත් වීම මුළුමනින්ම අරගලය තුළින් ඉදිරිපත් කළ දේශපාලන අභිලාෂයන් පාවා දීමකි. එවැනි ස්ථාවරයකට පැමිණීම සඳහා බලපාන්නේ අරගලය පිළිබඳ දේශපාලන අදහස නිවැරදිව කියවා නොගැනීමේ අර්බුදයයි. එසේත් නැත්නම් අරගලය තම පක්ෂ බල දේශපාලන න්‍යාය පත‍්‍රයන් තුළ කළමනාකරණය කිිරීමේ පටු දේශපාලන වුවමනාව ඉටු කර ගැනීමට උත්සාහ දැරීමයි. අරගලය ජනතාවගේය. එහි සැබෑ හිමිකරුවන් වන්නේ පක්ෂ පාට භේදයකින් ඊට සහභාගී වූ පොදු මහ ජනතාවයි. ඒ නිසා නැවත වරක් එම ජනතාවගේ අභිලාෂයන් අපි විසින් ඉටු කරනවා වැනි පොරොන්දු පත‍්‍රයක් හරහා මැතිවරණයකට සියලගු දේ ඌනනය වීම වරදක්. සෑම දේශපාලන පක්ෂයක්ම අරගලයට විවිධාකාරයෙන් සහයෝගය දක්වමින් හිටියත් දැන් වෙනත් අරමුණු අනුව කටයුතු කරමින් ඉන්නෙ. අරගලයේ ජන බලය සක‍්‍රීයව පැවති බව හිතාගෙන සිටි මොහොතේ හිටිය ස්ථාවරය, අරගලය එතරම් සක‍්‍රීය නෑ කියලා ඔවුන් මේ වෙලාවෙ හිතන නිසා අරගලයට පිටුපාන ස්ථාවරයන්ට ඇවිත්. මේ නිසා අරගලයෙන් පසුව සමහර දේශපාලන කණ්ඩායම්වල දේශපාලන නිරුවත හෙළිදරව් වෙමින් තිබෙනවා.

අරගලය තුළ ඉදිරියට ආ, “225 ම එපා!” කියන සටන් පාඨයේ දේශපාලන අදහස පවා ඔවුන් නිවැරදිව වටහාගෙන ඇති බවක් පෙනෙන්නට නොමැත. 74 ක වසරක ශාපය අවසන් කළ හැකි වන්නේ නැවත වරක් පරණ ක‍්‍රමයට පණ පෙවීමෙන් නෙවෙයි. පැවති දේශපාලන බල අධිකාරයේ නායකයන්, පක්ෂ පමණක් නොව සමස්ථ ක‍්‍රමයේ වෙනසක් ජනතාව විසින් ඉල්ලා හිටියා. ඒකෙන් ජනතාව සමාජවාදය ඉල්ලා සිටි බවක් අපි කියන්නේ නෑ. ඒත් පවතින ක්‍රමය ප්‍රතික්ෂේප කිරීමක් සිදු වූ බව සාමාන්‍ය බුද්ධියක් තියෙන ඕනම කෙනෙකුට තේරුණා. ඒ නිසා මූලික දේශපාලනික ආර්ථික වෙනස්කම් කරන්න වෙනවා. ඒක අත්‍යාවශ්‍ය කොන්දේසියක්.

රනිල් හොර පාරෙන් ජනාධිපති පුටුවට එන්න කලින් ජන අරගලයේ ඉල්ලීම වුණේ තාවකාලික කෙටිකාලීන ආණ්ඩුවකින් වැඩ පිළිවෙළක් තහවුර් කරගැනීමයි. නමුත් දැන් ඒ අවශ්‍යතාව තවත් දැඩි වී තිබෙනවා. ඒ නිසා මහ මැතිවරණයක් තියෙනවා නම් ජන අරගලයේ අවශ්‍යතාවය හා දේශපාලන ආර්ථික ඉල්ලීම් පදනම් කරගත් වැඩ පිළිවෙළක් මැතිවරණය තුළදී ඉදිරිපත් විය යුතු බව අපේ යෝජනාවයි.

ඒ සඳහා නව ජනතාවාදී ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම පිලිබඳ ජනමත විචාරණයක් මහ මැතිවරණය සමග එක්ව පැවැත්විය යුතුය. මෙහිදී හැම පක්ෂයකටම අලූත් ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම වෙනුවෙන් කරුණු ඉදිරිපත් කරන්න අවස්ථාව තිබෙනවා. නමුත් නිශ්චිතව අරගලය විසින් ඉල්ලා සිටි කරුණු ඇතුළත් ව්‍යවස්ථාවක් වෙන්වෙන් කටයුතු කළ යුතු වෙනවා. එම ව්‍යවස්ථාව සකස් කරන්න ජනතාවගේ අදහස් යොදාගන්න ඕන. තමන්වෙනුවෙන් සම්මත කරන නීතිය ගැන ජනතාව දැනුවත් විය යුතුයි. “අලූත් ව්‍යවස්ථාවක් අපි හදන්නම්” කියලා කිව්වට බලයට පත්වීමෙන් පස්සෙ කරන දේවල් ගැන දැන් විශ්වාස කරන්න බෑ. අපි පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් ජනතාවාදී ව්‍යවස්ථාවක අඩංගුව සම්බන්ධයෙන් රටපුරා ජනතාව දැනුවත් කිරීමේ කටයුතුතක් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒකෙදි විධායක ජනාධිපති ක‍්‍රමය මුළුමනින්ම අහෝසි කිරීම, මැතිවරණ ක‍්‍රමය පූර්ණ සංශෝධනයකට ලක්කිරීම, ආර්ථික ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්බන්ධ කාරණා රටේ මූලික නීතියට ඇතුලත් කිරීම අත්‍යවශයයි. ඒ වගේම අධ්‍යාපනය-සෞඛ්‍යය-ප‍්‍රවාහණය වැනි සේවාවන් ජනතාවට හිමි මූලික අයිතීන් වශයෙන් ප‍්‍රකාශයට පත් කිරීම, බදු ක‍්‍රමයේ මූලික පරිවර්තනයක් ඇති කිරීම, ජාතික ප‍්‍රශ්නයට ස්ථිර ලෙස විසඳුමක් ලබාදීමේ යෝජනා ඇතුලත් විය යුතු බව අපි යෝජනා කරනවා. මේවා අපි කියන දේවල් නිසා කළ යුතු බව අපි කියනවා නෙවෙයි. අපි වගේම මේ ජන අරගලයේදී ඉදිරිපත් බොහෝ දේශපාලන පක්ෂ හා කණ්ඩායම්ව ඉදිරිපත් කරලා බොහෝ දේශපාලන පක්ෂ විසින් පිළිගත්ත යෝජනා.

ඒ නිසා ජනතාව සම්බන්ධ කරගත් දේශපාලන වැඩපිලිවෙළක් ඉදිරියට ගෙන ආ යුතු බව නිශ්චිත ලෙස අපි කියනවා.
අපි දන්නවා සමහරුන් කියන ආකාරයට අරගලය අවසානයි. අරගලයක් තවදුරත් නෑ කියලා හිතාගෙන දේශපාලන පියවර ගන්නා දේශපාලන පක්ෂ හා නායකයන් අපි දකිනවා. රටතුළ වගේම ලෝකයේත් දේශපාලන අරගල අත්දැකීම් අනුව ජනතාවගේ අරගලවල උස් පහත්වීම්, ජයග්‍රහණ වගේම පසුබැසීම් තිබිය හැකියි. මේ අවස්ථාවේ ආණ්ඩුවේ මර්දනය හමුවේ යම් දුර්වලවීමක් දක්නට තිබුණත් මහජනතාව අතර යම් අරගලයේ පහත වැටීමක් තිබුණත් අපි අවධාරනය කරන්නෙ අරගලය අවසන් නැහැ.

අරගලයේ සක්‍රියභාවය තරමක් දුර්වල වෙලා තිබෙනවා විය හැකියි. එහෙත් ජනතාව ඉල්ලා සිටි කිසිවක් ලබාදෙන්න මේ පස්ස දොරෙන් ආව ජනාධිපතිවරයා හෝ ඔහු වටා හිටගෙන තමන්ගේ පැරණි බල දේශපාලනයට සැලසුම් සකස්කරන දේශපාලන වශයෙන් ජනතාව ප්‍රතික්ෂේප කරපු කණ්ඩායම් සමත් වෙලා නෑ. අරගලයට සම්බන්ධ ජනතාව තමන්ගේ අරමුණු වෙනුවෙන් සක‍්‍රීය වන දේශපාලන ක‍්‍රියාදාමයක් තුළින් ඉදිරියට ගමන් කළ යුතුයි. ඒ සඳහා ඉදිරි මැතිවරණයකදී අරගලය හා සම්බන්ධ වූ දේශපාලන වැඩපිළිවෙලක් ඉදිරියට ගෙන යා යුතු බව අපි තදින්ම විශ්වාස කරනවා.

පහුගිය කාලය පුරාම ලංකාවෙ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධ ප්‍රශ්නය කතා කරද්දි දේශපාලන විද්‍යාවෙදි අප දන්නා රාජ්‍ය ව්‍යුහය හැටියට විධායකය, ව්‍යවස්තාදායකය සහ
අධිකරණය සම්බන්ධ අවධාරණය කරණ හැටි අපි දැක්කා. නමුත් මේ මහජන නැගිටීමෙදි
නව කුලුණක් ලෙස ජනබලය ඉදිරියට පැමිණ තිබෙනවා. ජනතාව ලක්ෂ ගණනින් සහභාගි වූ අරගලය විසින් අපේ දේශපාලන පරාමිතීන් වෙනස් කරන්න බලකර තිබෙනවා. ඒ සමග දේශපාලනයේ සම්ප්‍රදායික නිර්ණායක වෙනස් වෙලා. දැන් තවදුරටත් ඒ පැන නැගුණු ජනතා බලය අමතක කරමින් ඒ බලය නොසළකා හරිමින් සුපුරුදු ක්‍රමයට යන්න බෑ. එ් බලය එකම සක‍්‍රීයතාවයෙන් පවතින්නේ නැති බව ැත්ත. නමුත් එය ජනතා බලය, අරගලය සක‍්‍රීයව පවත්වා ගනිමින් එහි බලය අඛණ්ඩතාවයක් ලෙස ආරක්ෂා කර ගත යුතුයි.

ඒ අනුව, පාර්ලිමේන්තුවෙන් එලියේ ක‍්‍රියාත්මක ස්ථාවර දේශපාලන බල ව්‍යුහයක් වශයෙන් ජනසහභාගි ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහිත ක‍්‍රම වෙනසක් ඉල්ලා සිටි ජනතාවට කෙටි කාලීනව ලබා ගත හැකි ඉහළම ජයග‍්‍රහණයක් වෙනුවෙන් අපි පෙනී සිටිනවා.

මේ යල් පැන ගිය ජනතාවට කිසිදු විසඳුමක්, සැනසිල්ලක් නැති ව්‍යාජයක් ලෙස ක්‍රියාත්මක වන නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ 74 වසරක ශාපය නිමා කළ හැකිවන්නේ ජන සහභාගී ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්බන්ධ දේශපාලන ක්‍රියාකාරිත්වයකට ජනතාව සම්බන්ධ කිරීනේ බව අපි විශ්වාස කරනවා. රටේ ආර්ථිකය ගැන තීන්දු තීරණ ගැනීම සඳහා පවා උපයෝගී කරගත හැකි මගහැර යා නොහැකි ජන බල ව්‍යුහයක් ඒ ආකාරයට දේශපාලන කරලියට එන්නට නියමිතයි. හැබැයි, පසුගිය කාලයේ ජන අරගලය තුළ මේ පොදු යෝජනා ඉදිරිපත් කරද්දි මේක ගැන විවිධ අවලාද කියන්න, භීතිය පළ කරන්න සමහරු ප්‍රකාශ නිකුත් කර තිබුණා. නමුත් අපි කියනවා. ඇත්තටම ජනතාව සතු ප‍්‍රජාතන්ත‍්‍රබලය ගැන අයිතිවාසිකම් ගැන විශ්වාසයක් තබන, ප්‍රජාතන්ත්‍ර විරෝධී සෑම කෙනෙකුම මීට සහයෝගය දෙනු ඇති බව අපගේ විශ්වාසයයි.

SendShareShare
Previous Post

පාසල් දරුවෝ ටික පාර්ලිමේන්තු ගැලරියේ තියාගෙන ආණ්ඩුව කරපු වැඩේ! ශිරන්ත අමරසේකර සජිත්ව ජාඇලට අරන් එයි! (VIDEO & PHOTOS)

Next Post

යුද්ධයේදී මියගියවුන් සිහි කරන උතුරේ මහවිරු සතිය ඇරඹේ! අවසන් වෙන්නේ ප්‍රභාකරන්ගේ උපන්දිනය දවසේ! යාපනය විශ්වවිද්‍යාලය මූලිකත්වය ගනී!

MORE NEWS

කුඩු පාතාලයන්ගේ අතට පීඩන බෝම්බ ඇවිත්! අයිස් කිලෝ අටහමාරක් එක්ක පීඩන බෝම්බ 4ක් පළමු වරට හොයාගනී! I Sri Lanka Latest News
Exclusive

කුඩු පාතාලයන්ගේ අතට පීඩන බෝම්බ ඇවිත්! අයිස් කිලෝ අටහමාරක් එක්ක පීඩන බෝම්බ 4ක් පළමු වරට හොයාගනී! I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් ‘කැන්ඩි ලමිස්සීට’ සමුදෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක සජිත් ‘කැන්ඩි ලමිස්සීට’ සමුදෙයි! PHOTOS I Sri Lanka Latest News

රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති රට පුරා විරෝධතාවක් අරඹයි! Sri Lanka Latest News
Exclusive

සිවිල් ආරක්ෂකයන් බඳවා ගැනීමට එරෙහිව වනජීවිය එළියට බහී! අධ්‍යක්ෂ ජනරාල්ට විරෝධය පළකරමින් ලොකු උද්ඝෝෂණයක්! VIDEO I Sri Lanka Latest News

ආවෙ ඉඩම් අයිතිය දෙනවා කියාගෙන! අවුරුදු 30ක් ජීවත් වෙච්ච LRC ඉඩමෙන් මිනිස්සු දොට්ට දාලා! නුවරඑළියේ විපක්ෂ එකමුතුව මාධ්‍ය හමුවක! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ආවෙ ඉඩම් අයිතිය දෙනවා කියාගෙන! අවුරුදු 30ක් ජීවත් වෙච්ච LRC ඉඩමෙන් මිනිස්සු දොට්ට දාලා! නුවරඑළියේ විපක්ෂ එකමුතුව මාධ්‍ය හමුවක! PHOTOS I Sri Lanka Latest News

ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!
Exclusive

අයිස්ලෝලීන් 70%ක් දැන් සුරාලෝලීන්! I Sri Lanka Latest News

ලෝකය ලංකාව නිදහස් කරයි! වාර්තාව දිගටම තියාගැනීම බලධාරීන් අතේ! I Sri Lanka Latest News
Exclusive

සාමයෙන් ලංකාව ලෝකයෙන් 67ට! දකුණු ආසියාවෙන් 2ට! I Sri Lanka Latest News

Load More
කුඩු පාතාලයන්ගේ අතට පීඩන බෝම්බ ඇවිත්! අයිස් කිලෝ අටහමාරක් එක්ක පීඩන බෝම්බ 4ක් පළමු වරට හොයාගනී! I Sri Lanka Latest News
Exclusive

කුඩු පාතාලයන්ගේ අතට පීඩන බෝම්බ ඇවිත්! අයිස් කිලෝ අටහමාරක් එක්ක පීඩන බෝම්බ 4ක් පළමු වරට හොයාගනී! I Sri Lanka Latest News

රටින් පළාගොස් මත්කුඩු ජාවාරම මෙහෙයවන ඩුබායි වරුණ මත්කුඩු සැඟවීමට යොදාගත් දොම්පේ පිහිටි ආරක්ෂක නිවස්නයක් අද වැටලූ පොලිස් විශේෂ කාර්ය බලකාය...

Read more
විපක්ෂනායක සජිත් ‘කැන්ඩි ලමිස්සීට’ සමුදෙයි! PHOTOS I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් ‘කැන්ඩි ලමිස්සීට’ සමුදෙයි! PHOTOS I Sri Lanka Latest News

රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති රට පුරා විරෝධතාවක් අරඹයි! Sri Lanka Latest News

සිවිල් ආරක්ෂකයන් බඳවා ගැනීමට එරෙහිව වනජීවිය එළියට බහී! අධ්‍යක්ෂ ජනරාල්ට විරෝධය පළකරමින් ලොකු උද්ඝෝෂණයක්! VIDEO I Sri Lanka Latest News

ආවෙ ඉඩම් අයිතිය දෙනවා කියාගෙන! අවුරුදු 30ක් ජීවත් වෙච්ච LRC ඉඩමෙන් මිනිස්සු දොට්ට දාලා! නුවරඑළියේ විපක්ෂ එකමුතුව මාධ්‍ය හමුවක! PHOTOS I Sri Lanka Latest News

ආවෙ ඉඩම් අයිතිය දෙනවා කියාගෙන! අවුරුදු 30ක් ජීවත් වෙච්ච LRC ඉඩමෙන් මිනිස්සු දොට්ට දාලා! නුවරඑළියේ විපක්ෂ එකමුතුව මාධ්‍ය හමුවක! PHOTOS I Sri Lanka Latest News

ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!

අයිස්ලෝලීන් 70%ක් දැන් සුරාලෝලීන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.