තණමල්විල බෝදාගම ප්‍රදේශයක පැවති වැඩසටහනක වේදිකාවක දී කොතලාවල විශ්ව විද්‍යාල පනත සම්බන්ධයෙන් එකම වේදිකාවක සිටි පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් සහ පූජ්‍ය දොඩම්පහල රාහුල හිමියන් පරස්පර අදහස් පළකරනු දැකගත හැකි විය.
එහිදී ධම්මාලෝක හිමියන් කියා සිටියේ කොතලාවල පනත මේ මොහොතේ සම්මත කර ගැනීම හොඳ දෙයක් බවත්, ගුරුවරුන් වර්ජනයට මෙහෙයෙවන ඇතැම් කණ්ඩායම් සිසුන්ට අපරාධයක් සිදු කරන බවත්ය.
නමුත් දොඩම්පහල රාහුල හිමියන් ඊට ප්‍රති විරෝධී අදහස් දක්වමින් එහි ඇතැම් වගන්ති ඉතා හානිකර බව කියා සිටියහ. මෙම පනත සම්මත වුවහොත් විශ්වවිද්‍යාල අවශ්‍ය මොහොතක පෞද්ගලීකරණය කිරීමේ අනතුරක් මතුවන බවද උන්වහන්සේ කියා සිටියහ.










