නුවරඑළිය, කොටගල ප්‍රදේශයේ පාසල් සිසුවියකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම පාසලේ විදුහල්පතිවරයාව ස්ථාන මාරුකර තිබේ.
10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියකට අදාළ විදුහල්පතිවරයා විසින් කොසු මිටකින් පහරදී තිබූ බව වාර්තා විය.
රුපියල් 300ක මුදලක් එකතු කිරීමේ සිද්ධියක් මුල්කරගෙන මෙය සිදුව තිබිණ.
අදාළ සිද්ධියට සම්බන්ධ විදුහල්පතිවරයා මේ වන විට කලාප කාර්යාලයට ස්ථාන මැරුකර ඇති බව මධ්‍යඹ පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා පැවසුවේය.










