21 වැනිදා පාසල් නොපැමිණෙන ගුරු විදුහල්පතිවරුන් හට විනය ක්‍රියාමාර්ග ගන්නා බවට ප්‍රකාශයක් කළ වයඹ ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතාට එරෙහිව ගුරු සංගම් ප්‍රබල දෝෂාරෝපණයක් සිදු කරන ආකාරයක් ඊයේ දින දැකගත හැති විය.
එහිදී ගුරුවරුන් කියා සිටියේ කොල්ලුරේ මහතාගේ තර්ජනවලට කිසිවකුත් බිය වූ නැති බවත්, වයඹ පළාතේත් ගුරු වර්ජනය අතිසාර්ථක වූ බවත්ය.
එම නිසා ආණ්ඩුකාර ධූරය පොඩි ළමයකුට දෙන ලෙසද ගුරු සංගම් ප්‍රකාශ කර සිටියහ.
මීට අමතරව කොල්ලුරේ මහතා සභාපතීත්වය දරන කොමියුනිස්ට් පක්ෂයද ගුරු සටනට සහාය පළ කරමින් නිවේදනයක් නිකුත් කර තිබිණ.










