රාජ්‍ය අමාත්‍යවරයකු අනුරාධපුර බන්ධානාගාරයට බීමතින් ඇතුල් වී සිරකරුවන් බිම දණ ගස්වා ඔළුවට පිස්තෝලය තබා ලෝඩ් කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් තව මොන පරීක්ෂණද බවත් සමගි ජන බලාවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසා සිටියේය.
මේ හරහා ජාත්‍යන්තර වශයෙන් රට අපකීර්තියට පත්ව ඇති බැවින් වහාම මේ සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙසද ඒ මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.










