ආණ්ඩුව ගෙනයන වැඩපිළිවෙළ හමුවේ සමස්ත පාස්කු ප්‍රහාර නඩුවම විසිවීමේ අවදානමක් මතුව පවතින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පෙන්වා දෙයි.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා සදහන් කළේ ආණ්ඩුව තමන්ට හිතවත් පුද්ගලයන් බේරා නඩු පැවරීමට කටයුතු කිරීම තුළ මෙම තත්ත්වය මතුව ඇති බවකි.
කාදිනල් හිමියන් පවා ඉල්ලන්නේ එක් කාරණයක් පමණක් බවත්, ඒ කොමිසම් වාර්තාවේ නම් සදහන් පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීම බවත්, අධිකිරණය මගින් එම කටයුත්ත සිදු කළ යුතු බවත් කිරිඇල්ල මහතා පෙන්වා දුන්නේය.










