• About us
  • Contact us
Monday, June 15, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වත්මන් අගවිනිසුරුතුමා නීතිපති විදිහට ඉන්න කාලේ නඩු 35ක් දැම්මා! ඒ නඩු බොරු වෙන්න බෑ! කෝ ඒ නඩු 35..? වාෂ්ප වෙලා! ආගිය අතක් නෑ! කිරිඇල්ල නඩුවලට වෙච්ච ‌දේ අහයි! VIDEO I Sri Lanka Latest News

July 7, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
රට හෙල්ලෙන හෙළිදරව්වක් පාර්ලිමේන්තුවේ සිදුකරයි! ආණ්ඩුව ශීඝ්‍රගාමී ලෙස ව්‍යවස්ථාදායක සභාව පත්කරන කුමන්ත්‍රණයක! කතානායකතුමනි අහුවෙන්න එපා! මේ හදන්නේ ඡන්දය කල්දාන්න! විපක්ෂයේ ප්‍රධාන සංවිධායක කියයි! EXCLUSIVE VIDEO
Share on WhatsAppShare on Facebook

‘වර්තමාන අග්‍ර විනිශ්චකාර තුමා නිතිපති කාලේ නඩු තිස් පහක් දැම්මා , ඒවා දේශපාලන නඩු කියන්න බෑ.කෝ ඒ නඩු 35 .ඒවා වාෂ්ප වෙලා.වර්තමාන අග්‍ර විනිශ්චකාර තුමා නීතිපති කාලේ දාපු නඩු බොරු වෙන්න බෑ’ යයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසයි.Sri Lanka Latest News

පාර්ලිමේන්තුව අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

නිතිපති දෙපාර්තමේන්තුව,පොලිසිය,අපේ රටේ දියුණුවට ඉතාම වැදගත්.පාර්ලිමේන්තවට ආපු දවසේ සිට මම කියන දෙයක් තමයි නීතියේ ආධිපත්‍යය නැති නම් මේ රට ඉස්සරහට යන්නේ නෑ.ආයෝජකයෙක් වුණත් රටකට එනකොට බලනවා නීතියේ ආධිපත්‍ය තියෙනවද කියලා.77න් පසු චීනය විවෘත ආර්ථිකය වැලද ගත්තට පස්සේ ආයෝජකයන්ට එන්න කිව්වා.නමුත් ආයෝජකයෝ මොකද්ද කිව්වේ? චීනයට ගෙන ආයෝජන සුරක්ෂා කරන ස්වාධීන අධිකරණ ක්‍රමයක් නැතිව අපි චීනයට එන්නේ නෑ කිව්වා.අවුරුදු පහක් චීනයේ අවශ්‍ය නීතිරීති සම්පාදනය කෙරුවා,විශේෂයෙන් වෙළෙඳ ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් අධිකරණයට ස්වාධීනත්වය දෙන්න.රජයට ඇඟිලි ගහන්න බෑ.අපේ රටත් දැන් ආයෝජනය ගැන කතා කරනවා.එතකොට ජාත්‍යන්තරයට හැඟෙන්න ඕනි අපේ අධිකරණය ස්වාධීනයි ,පොලිසිය ,නිතිපති,හොඳයි කියලා.අපි ඒක කියලා වැඩක් නෑ.ජාත්‍යන්තරයයි කියන්න ඕනි .

චන්ද්‍රිකා මැතිනිය ජනාධිපති කාලේ නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කෙරුවා.මට මතකයි හමුදා නිලධාරීයෙක් දැරියක් දූෂණය කරාට පස්සේ නඩු දැම්මා රජය ඒවට ඇගිලි ගැහුවේ නෑ.පස්සේ හමුදා නිලධාරියා වැරදිකරු වුණා.13 ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙනාවා,නමුත් එතුමියගෙන් පස්සේ බලයට පත්වෙච්ච ආණ්ඩු උත්සාහ කළේ අධිකරණයේ කොන්ද කඩන්නයි.18 සංශෝධනය ගෙනල්ලා උසස් නිලතල,සියලු ආයතන විධායකය යටතට දැම්මා.අපි 19 ගැන නැවත ස්වාධීන කළා නමුත් මේ අය නැවත 20 ගෙනාවා.නමුත් වසර දෙකක් යද්දි 20 ගෙනාපු අයටම තේරුණා ඒ සංශෝධනය රටට අහිතකරයි කියලා.අපිට ස්වාධීන අධිකරණයක්,පොලීසියක් ,නීතිපති දෙපාර්තමේන්තුවක් අවශ්‍යයි එනිසා 21ට ඡන්දය දුන්නා.

එදා 2010න් පස්සේ මොකක්ද උනේ ? අග්‍ර විනිශ්චකාර තුමිය එලෙව්වා.දිවිනැගුම ගැන නඩු තීන්දුවක් දුන්නා කියලා පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනල්ලා එතුමිය එලෙව්වා.ඒක හරිද.එතකොට විනිශ්චකාරවරුන් ට මොකද හිතෙන්නේ,සාධාරණ තීන්දුවක් දෙන්න පුලුවන්ද? දැන් ඒ සංස්කෘතිය මේ පාර්ලිමේන්තුවේ තියෙනවා.මැතිවරණය කල් දැම්මා , පස්සේ අපි ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා .ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා ඡන්දය තියන්න කියලා , රජය කිව්වා සල්ලි නෑ කියලා.එදා ශිරාණි බණ්ඩාරනායක මැතිනිය අයින් කරන්න හැදුවා වගේ ,නඩු තීන්දුව දුන්න විනිශ්චකාරවරුන් තුන්දෙනාව පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවට ගෙනාවා .මේවා හරිද? මොන රටකවත් මෙහෙම වෙන්නේ නෑ , ලංකාවේ තමයි මෙහෙම වෙන්නේ.මේවා වෙද්දි ජාත්‍යන්තර අපි ගැන විශ්වාසයක් තියයිද? තාම ආණ්ඩුව පාඩම් ඉගෙන ගෙන නෑ ,2015 පරාජයට ප්‍රධාන හේතුව තමයි බණ්ඩාරනායක මැතිනියට කරපු දේ.

දෙපැත්තෙම අය සෝල්බරි ව්‍යවස්ථාව නරකයි කියනවා.පස්සෙයි ජනරජ ව්‍යවස්ථාව ආවා.ජනාධිපති ක්‍රමය ඇතුළත් ව්‍යවස්ථාව ආවා.පස්සේ ව්‍යවස්ථා සංශෝධන ගණනාවක් ආවා.නමුත් මේ එක ව්‍යවස්ථා සංශෝධනයකින්වත් මේ පාර්ලිමේන්තුව ඇතුළේ ඉන්න , රත්තරන් ගෙනල්ල අහුවෙච්ච මන්ත්‍රීවරයෙක් අයින් කරන්නත් පුළුවන් උනාද?

අධිකරණ ඇමතිතුමා අලුත් පරිච්ඡේදයක් ආරම්භ කරන්න නම් වර්තමාන අග්‍ර විනිශ්චකාර තුමා නිතිපති කාලේ නඩු තිස් පහක් දැම්මා , ඒවා දේශපාලන නඩු කියන්න බෑ.කෝ ඒ නඩු 35 .ඒවා වාෂ්ප වෙලා.වර්තමාන අග්‍ර විනිශ්චකාර තුමා නීතිපති කාලේ දාපු නඩු බොරු වෙන්න බෑ.මේ නඩු වලට මොකද උනේ?ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු වලට මොකක්ද කෙරුවෙ.උදේ අලි සබ්රි මැතිතුමා මහා උජාරුවෙන් කතා කෙරුවා.නමුත් මොකක්ද කෙරුවේ නඩු තීන්දු 35 ම නිෂ්ප්‍රභා කරන්න කමිෂන් එකක් පත් කෙරුවා.කමිෂන්එකක් පත් කරලා හැම නඩු තීන්දුවක් පිළිබඳව ප්‍රශ්නාර්ථයක් ඇති කරා.අද ඒ නඩු 35 ආගිය අතක් නෑ.මම විජේදාස රාජපක්ෂ මැතිතුමාට කියනවා මේ නඩු 35 ම සක්‍රීය කරන්න.

අපේ රටේ නීතිය නීතියේ උත්තරීතරභාවය පිළිබඳව රටේ ජනතාවට පමණක් නෙවෙයි ජාත්‍යන්තරයටත් විශ්වාසයක් නෑ.විජේදාස රාජපක්ෂ මැතිතුමා එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගියා.අපේ රටේ ආර්ථික අපරාධ සිද්ධ වෙනවා කිව්වා.එයා ආර්ථික අපරාධ වලට තමයි වර්තමාන අග්‍රවිනිශ්යකාරතුමා නීතිපති ආලේ නඩු දැම්මේ.ඒ නඩු දැන් ආගිය අතක් නෑ.

ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ පනතෙන් පස්සේ අල්ලස් පනත,වත්කම් පනත,ජනාධිපති කොමිෂන් සම්බන්ධයෙන් නිර්දේශ ඇතුළත් පනත,මේ සියලු පනත් අහෝසි වෙනවා.මේක තමයි එකම පනත.අපි ඉල්ලීමක් කෙරුවා ගරු ඇමතිතුමාගේන් ආපස්සට බලපාන පරිදි මේ පනත හදන්න කියලා.ආපස්සට බලපාන පරිදි වෙනම වගන්තියක් ගේන්න කිව්වා.නමුත් ගරු ඇමතිතුමා ඒකට කැමති වෙලා නෑ.මේ පනත මගින් පසුගිය කාල වල වෙච්ච වැරදි වලට සමාවක් දීලා තියෙනවා.මොකද මේ පනත ආපස්සට බලපාන්නෙ නෑ.ඇමතිතුම්ස්ස්අවංක නම් දැන්වත් විශේෂ වගන්තියක් ගේන්න කියලා අපි ඉල්ලීමක් කරනවා.මේ පනතේ එක හොඳක් තියෙනවා , තොරතුරු බොරුවට අරන් යන අය මේ පාර්ලිමේන්තුවේත් ඉන්නවා මන්ත්‍රීවරයෙක් හැමදාම ඡන්දයක් ලං වෙනකොට top ten කියලා ගේනවා . 2000 මැතිවරණයට මම ඉදිරිපත් වෙනකොට top ten කියලා අල්ලස් කොමිසමට ගියා මුළු කැබිනට් මණ්ඩලයම දාලා තිබ්බා.පස්සේ පත්තරේ ලොකුවට දානවා.පස්සේ අල්ලස් කොමිසම කිව්වා සාක්ෂි ඉදිරිපත් කරන්න කියලා.නමුත් සාක්කි නෑ.මේ පනතෙන් පස්සේ නැවත top ten බිහිවෙන්නේ නෑ මොකද බොරු පැමිණිලි කරන අයට මේ පනතෙන් දඬුවම් කරන්න පුළුවන්.

SendShareShare
Previous Post

ආණ්ඩුව ගත් ණයවලට තිබ්බ ‘පොල්ල’ ගැන හිටපු මහබැංකු අධිපති මාධ්‍ය හමුවක් තියයි! ඉන්න මහබැංකු අධිපති හොඳයි හොඳයි කියද්දී ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අඩුපාඩු ගොඩක් පෙන්වා දෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

සදාචාරාත්මක නෑ! වැඩිය දුර යන එකකුත් නෑ! ඡන්ද නොතියා පළාත් පාලන ආයතනවල නිල කාලය දික් කරන කැටගොඩගෙයි සංජීවගෙයි යෝජනාව ගැන මැතිවරණ කොමිසමත් කතා කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

Exclusive

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

බය නැතිව කතා කරපු වැරදි දේවල් විවේචනය කරපු රාජාංගනේ හාමුදුරුවෝ පොලිසියෙන් අත්අඩංගුවට ගනී! ආගමික සහජීවනයට බාධා වන කතා කළාලු! I Sri Lanka Latest News
Exclusive

වීඩියෝ දාන එක නවත්තපන්..! නැත්නම් මරනවා! මහත එක්කෙනෙකුයි තරමක මහත එක්කෙනෙකුයි පන්සලට ඇවිත් රාජාංගණේ හිමිට හොඳටම ගහලා! VIDEO I Sri Lanka Latest News

ඊයේ කැම්බල් පිටියේ ඉඳන් හතර වටේටම නෙළපු චාමරගේ කතාව පාර්ලිමේන්තුවේ කරන කතාවලටත් එහා ගිය එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඇමැති කෙනෙක් හදපු ගෙවල් 3ක් ගැන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල්ට මේ විදිහට ලනු දෙන්නේ කවුද අප්පා..? I Sri Lanka Latest News

Load More
ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

මෙරට දැනට ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු වෛරසය පෙර අවස්ථාවලට වඩා යම් වෙනස් ස්වභාවයක් ගන්නා බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි...

Read more

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

බය නැතිව කතා කරපු වැරදි දේවල් විවේචනය කරපු රාජාංගනේ හාමුදුරුවෝ පොලිසියෙන් අත්අඩංගුවට ගනී! ආගමික සහජීවනයට බාධා වන කතා කළාලු! I Sri Lanka Latest News

වීඩියෝ දාන එක නවත්තපන්..! නැත්නම් මරනවා! මහත එක්කෙනෙකුයි තරමක මහත එක්කෙනෙකුයි පන්සලට ඇවිත් රාජාංගණේ හිමිට හොඳටම ගහලා! VIDEO I Sri Lanka Latest News

ඊයේ කැම්බල් පිටියේ ඉඳන් හතර වටේටම නෙළපු චාමරගේ කතාව පාර්ලිමේන්තුවේ කරන කතාවලටත් එහා ගිය එකක්! VIDEO I Sri Lanka Latest News

ඇමැති කෙනෙක් හදපු ගෙවල් 3ක් ගැන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.