කොළඹ 12 කෙසෙල්වත්ත ප්‍රදේශයේ නිවසක් තුළ දී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. (Sri Lanka Latest News)
පොලිසිය පැවසුවේ ඊයේ (11) රාත්‍රියේ මෙම ඝාතනය සිදුව ඇති බවයි.
මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ 48 හැවිරිද මාටිස් පටුමග, කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි.
මෙම ඝාතනය කෙසෙල්වත්ත පොලිස් වසමේ සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජික ‘කෙසෙල්වත්ත දනුක‘ යන අයට සම්බන්ධ පිරිසක් විසින් සිදු කර ඇති බවට තොරතුරු අනාවරණය කර ගෙන තිබෙනවා.
මෙම ඝාතනයට හේතුව මීට පෙර එනම් 2023.07.30 වන දින සිදු වු මනුෂ්‍ය ඝාතනයකි.
කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි කාවින්ද දිල්ශාන් නොහොත් ‘පොඩි කවි‘ නැමැති අය ඝාතනය කිරිමට ඔත්තු සැපයු පුද්ගලයකු බවට හදුනා ගෙන අදාළ පුද්ගලයාව මෙලෙස ඝාතනය කර ඇති බවට අනාවරණය වී තිබේ. එසේම ඝාතනය වූ පුද්ගලයා තවත් මනුෂ්‍ය ඝාතන වලට මීට පෙර සම්බන්ධ බවද කියැවේ.
සැකකරුවන් හඳුනාගෙන ඇති අතර ඔවුන් ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර මේ සම්බන්ධව වැඩිදුර විමර්ෂන කෙසෙල්වත්ත පොලිසියේ අපරාධ විමර්ෂන අංශය මගින් සිදුකරයි.
dinamina










