• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සංවර්ධනය සඳහා මුල්‍යකරණය පිළිබඳ ඉහළ පෙළේ සංවාදයේ ප්‍රධාන දේශනය රනිල්ගෙන්! PHOTOS I Sri Lanka Latest News

September 21, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
සංවර්ධනය සඳහා මුල්‍යකරණය පිළිබඳ ඉහළ පෙළේ සංවාදයේ ප්‍රධාන දේශනය රනිල්ගෙන්! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මූල්‍ය දුෂ්කරතා ඇති මධ්‍ය ආදායම් ලබන රටවල් සඳහා සහාය වීමට විධිමත් සැලැස්මක අවශ්‍යතාවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.Sri Lanka Latest News

ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ ඊයේ (20) නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවති සංවර්ධනය සඳහා මුල්‍යකරණය පිළිබඳ ඉහළ පෙළේ සංවාදයක ප්‍රධාන දේශනය සිදු කරමිනි.

“කිසිවෙකු අත් නොහැරෙන ලෝකයක් වෙනුවෙන් තිරසර සංවර්ධන ඉලක්ක සඳහා මුල්‍යකරණය” යන තේමාව යටතේ තිරසර සංවර්ධන ඉලක්ක පිළිබද 2023 සමුළුවට සමගාමීව සංවිධානය කර තිබූ මෙම ඉහළ මට්ටමේ සංවාදය සඳහා රටවල් රැසක රාජ්‍ය නායකයින්, පෞද්ගලික අංශයේ සහ සිවිල් සමාජයේ මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය ආයතන නියෝජිතයන්, විද්වතුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී වැඩිදුරටත් මෙසේ පැවසීය

“පොදු රාමුවක් හෝ ක්‍රියා පටිපාටියක් නොමැති වීම නිසා මධ්‍ය ආදායම් ලබන රටවලට අත්වන ඉරණම පිළිබඳ මම ඔබගේ අවධානය යොමු කිරීමට කැමැතියි. එහිදී ශ්‍රී ලංකාව පිළිබඳ උදාහරණයක් පෙන්වා දෙනවා නම්, බංකොලොත්භාවය ප්‍රකාශයට පත් වූ අවස්ථාවේ දී එහි සියලු බාහිර මූල්‍ය ගනුදෙනු නතර වී යාම සඳහන් කළ හැකියි.

මේ හේතුවෙන් විශාල දේශපාලන අර්බුදයකට මුහුණදීමට අපට සිදු වුණා. නමුත් කෙසේ හෝ ශ්‍රි ලංකාව නැවත ප්‍රගතියේ මාවතට පිවිස සිටින අතර එහිදී ඇමරිකානු රජයෙන් හිමි වූ පොහොර පරිත්‍යාගය නිසා ගැටලු රැසක් වළක්වා ගැනීමට හැකි වුණා.

මේ අයුරින් බලන විට මූල්‍ය දුෂ්කරතා ඇති මධ්‍ය ආදායම් ලබන රටවලට සහාය විම සඳහා විධිමත් සැලැස්මක අවශ්‍යතාවය පවතින බව මම ප්‍රථමයෙන්ම අවධාරණය කර සිටිනවා. දෙවනුව, මෙහි ඉදිරිපත් කර ඇති සියලුම යෝජනා පිළිබඳ සාකච්ඡා කළ යුතු අතර ගෝලීය ආර්ථික තත්ත්වය පිළිබඳව ද අවධානය යොමු කළ යුතුව තිබෙනවා.

මෙම වසරේ, අපේක්ෂිත ගෝලීය දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් ට්‍රිලියන 105 ක් පමණ වෙනවා. මෙයින් ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 91ක් රාජ්‍ය ණයයි. එබැවින්, අපි මෙම උපකල්පන මත කටයුතු කරමින් සිටිනවා.
මෙහි ප්‍රවේශයක් ගැනීම සඳහා දැනට අප සතුව පවතින දේ අප පාවිච්චි කළයුතුව තිබෙනවා. දැනට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විස්තරණ ණය පහසුකමක් ලෙස ඩොලර් බිලියන 100 ක් අපට ලබා ගැනීමට හැකියාව තිබෙනවා. අප මූලික වශයෙන් මෙම අරමුදල භාවිතා කරන්නට කටයුතු කරනවා. වැදගත්ම කරුණ වන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙහි විස්තීර්ණ ණය පහසුකම භාවිතයට ගැනීමයි.

ඉන්පසුව, සංවර්ධනය වෙමින් පවතින රටවලට වාර්ෂිකව ඩොලර් බිලියන 500 ක් ලබා දීමට මෙන්ම කෙටි කාලීනව පවතින ණය, අඩු පොලී අනුපාත යටතේ දිගු කාලීන ණය බවට පරිවර්තනය කිරීමට මහලේකම්වරයාගේ තිරසර සංවර්ධන ඉලක්ක ක්‍රියාත්මක කිරීමේ කඩිනම් වැඩපිළිවෙළ මගින් යෝජනා කර තිබෙනවා.
මෙම ඉලක්ක ඉදිරියට සාක්ෂාත් කරගත යුතුව ඇති බැවින් මහලේකම්වරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව සාර්ථක කර ගැනීම කෙරෙහි අප දැන් අවධානය යොමු කළ යුතු වෙනවා. මීට සමගාමීව තවත් යෝජනා දෙකක් ද ඉදිරිපත් කර තිබෙනවා. ඉන් එක් යෝජනාවක් ලෙස පොහොර සහ ඉන්ධන සඳහා ලබාදෙන සහනාධාර ලිහිල් කිරීම සම්බන්ධ ලෝක බැංකු යෝජනාව සැලකිය හැකියි. මෙය ඉතා වටිනා යෝජනාවක් බව කිවයුතුයි. එහිදී මුදල් ඉතිරිවීමක් සිදු වුවහොත් එම මුදල් වෙනත් කටයුතුවලට යොමු කිරීමට අවස්ථාව තිබෙනවා.
දෙවන වැදගත් යෝජනාව ලෙස වෙළඳ මූල්‍ය පිළිබඳ ලෝක වෙළඳ සංවිධානයේ (WTO) යෝජනාව සැලකිය හැකියි. එය අපනයන පුළුල් කිරීම සඳහායි.
ණය හිමියන්ට සත්‍ය අපහසුතාවයන් පවතින බව මම පිළිගන්නවා. අප ඒ පිළිබඳ අවධානය යොමු කර කටයුතු කළ යුතු බවටද මම යෝජනා කරනවා. නමුත් අඩු ආදායම්ලාභී රටවල් සඳහා කඩිනම් සහන හිමිවිය යුතුය. අපි වහාම එම සහන ලබා නොදුන්නොත්, අප විසින් ඉදිරිපත් කර ඇති අනෙකුත් සියලුම යෝජනාවලින් ඵලක් වන්නේ නැහැ. අපට වචනයෙන් සහයෝගය ලැබී ඇතත් ඒම වචන ක්‍රියාවට නංවන්නේ කවදාද කියා මම ඔබෙන් අහන්න කැමතියි.
වත්මන් අභියෝග සඳහා ඵලදායී විසඳුම් සාකච්ඡා කිරීමට සහ තිරසාර සංවර්ධනය සඳහා වන 2030 න්‍යාය පත්‍රය සමඟ ඉදිරියට යාමේ දී සාමාජික රටවලට සහ අනෙකුත් පාර්ශවකරුවන්ට මෙවැනි ඉහළ මට්ටමේ සංවාද මනා වේදිකාවක් සපයනවා.
විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත මොහාන් පීරිස් යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2023-09-21

SendShareShare
Previous Post

රට බංකොලොත් කරපු විකෘති කලවම් මැල්ලුමක්! රනිල් අමෙරිකා එක්කන් ගිය මහින්දානන්ද-රෝහිත-දොළවත්ත ගැන සජබෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Next Post

සමාජ මාධ්‍ය පාලනය කළ යුතුයි! පොහොට්ටුවෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.